V2025

පුවත්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ලොක්කත් : ජනාධිපතිට එරෙහිවෙලා !

"සියලු ප්‍රජාවන් එකමුතු වී සාමකාමී විරෝධතාවල නියැලෙමින් ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ඉල්ලුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික අර්බුදයට සමාන අභියෝගවලට ලෝකයේ තවත් රටවල් මුහුණ දෙමින් සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන්,කුමන රජයක් සිටියත් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අමාරු දෙයක් ඒ වගේම තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඉතා වැදගත්” සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය පවසයි.

දේශපාලන විචාරකයන් පවසන්නේ නිර්පාක්ෂික ආණ්ඩු විරෝධය සාධාරණීකරණය කරන මේ සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයේ සභාපති අශෝක් පතිරගේ බවත් ඔහු මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ලෙස ද කටයුතු කරන බවත් ය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ පත්වීමක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ගේ සමාගමේ මේ විරෝධය දෛවයේ සරදමක් බවත් ලෙස සැලකිය හැකි බවත් විචාරකයන් පවසයි.

මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ මහා පරිමාණ ව්‍යාපාර 08 ක් ආණ්ඩුව වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් ද දේශපාලන විචාරකයන් අවධානය යොමුකර ඇත.

මේ මහා පරිමාණ ව්‍යාපාර වන්නේ මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් සමූහ ව්‍යාපාරය, ඩයලොග් ඇක්සියාටා සමාගම ,ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, ජෙට්වින්ග් සමාගම,සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරය, සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය සහ බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම ය.

මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස මේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අට සිය ලිපිය හරහා ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.

එමෙන්ම වෙනසක් ඉල්ලා සාමකාමී විරෝධතාවල නිරත වී සිටින ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින බව එම ආයතන නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුව ලැබූ ජනවරම මේ වන විට අහෝසි බවට මේ ලිපිය නිදර්ශනයක් බවය.

වැරදි පිළිගත්තා නම් ඉල්ලා අස්වෙන්න : සුදර්ශනීගෙන් ජනාධිපති ට ප්‍රහාරයක් !

"අවුරුදු දෙකකට කලින් අයි.එම්.එෆ්. යන්න තිබුණෙ කියලා දැන් ජනාධිපති වරද පිළිගන්නවා. ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම ගැනත් ඔහු දැන් තමයි වරද පිළිගන්නෙ. එහෙනම් මේ රටේ මිලියන විසිදෙකක වන ජනතාව දුක් විඳින්නේ ඒ අයගෙ වරද නිසයි. එහෙම නම් වැරැදි වුණා කියලා කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ." යැයි හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇත්තේ 'මව්රට’ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී ඇය මෙසේ අදහස් දක්වා ඇත.

‘ආණ්ඩුව දැන් හිසරදයට කොට්ට මාරුකරනවා වගේ අලුත් කැබිනට් එකක් හදලා. ඒකෙන් මේ ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. සියලු පක්ෂ එකතු වෙලා අන්තර්වාර පාලනයක් ඇති කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕනෙ. අවුරුදු දෙකකට කලින් අයි.එම්.එෆ්. යන්න තිබුණෙ කියලා දැන් ජනාධිපති වරද පිළිගන්නවා. ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම ගැනත් ඔහු දැන් තමයි වරද පිළිගන්නෙ. එහෙනම් මේ රටේ මිලියන විසිදෙකක වන ජනතාව දුක් විඳින්නේ ඒ අයගෙ වරද නිසයි. එහෙම නම් වැරැදි වුණා කියලා කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ. අයි.එම්.එෆ්. යන එකට බාධා කළේ අජිත් නිවාඩ් කබ්රාල්. එයාගෙ හිතුමතයට තමයි මහ බැංකුව පාලනය කළේ.

ජනාධිපති ගොවීන්ගෙ ප්‍රශ්නයෙදිත් එහෙමයි. කාබනික පොහොර ප්‍රශ්නය වසර පහක දිගු සැලැස්මක් තුළ කළයුතු බවට යෝජනා කළ කෘෂිකර්ම උපදේශකවරු, ලේකම්වරු ඒ තනතුරුවලින් ඉවත් කළා. කාගෙවත් අදහස් යෝජනා ගනන් ගත්තෙ නැහැ. මුදල් අමාත්‍යාංශයෙ ඇතැම් නිලධාරීන් පවා වැරැදි තොරතුරු දුන්නා. හරි තොරතුරු දුන්නෙ නැහැ. ගොවීන්ට පොහොර ටික දෙන එක හරියට කළා නම් ගොවි ජනතාව අද පාරට වැටෙන්නෙ නැහැ. මේ රට ස්වයංපෝෂිත කළේ ගොවි ජනතාවයි. ඒක ජනාධිපති අමතක කළා. අද ඒ අයට පොහොර ටික ලැබිලා වෙලාවට ගොවිතැන් කරන්න ලැබුණ නම් ගොවි ජනතාවට බඩගින්න දැනෙන්නේ නැහැ. ඒ අයගෙ පිහිටෙන් බඩගින්න දැනෙන අනිත් අයටත් සහල් ටිකක් අඩු මිලට කන්න හැකි වෙනවා. නමුත් ඒ අවස්ථාවත් අද රටේ ජනතාවට අහිමි වෙලා. අහස උසට බඩුමිල. තවමත් ඉල්ලා අස්වෙන්නෙ නැතිව බලා ඉන්නේ මොකද කියන එක අපටත් ප්‍රශ්නයක්. බලන්න පසුගියදා ඇතිවුණු රඹුක්කන සිද්ධිය. ඒ අහිංසකයා මියගියේ නිරපරාදෙ. රඹුක්කන සමුපකාර සංගමයට ගෙන එන්න තිබුණු බවුසරය පමා කරලා ගෙනාවෙ. එදා මැදියම් රාත්‍රි ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුවයි. ඒ නිසාම ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති වුණේ. ඒකයි ඇත්ත.’

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මේ වන විට ආණ්ඩුවට සහය දීමෙන් බැහැරව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග කටයුතු කරයි.

ඇමති ධූර අහිමි පිරිසකුත් ස්වාධීන වීමේ සූදානමක් !

මේ වන විට සරල බහුතරය පවා අහිමිව සිටින පොදුජන පෙරමුණ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇමති පොරයක්ද මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අවසන් වරට සිදු කරනු ලැබූ කැබිනට් මණ්ඩල පත් කිරීමේ දී අමාත්‍ය ධුර හිමි නොවූ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු බලවත් කලකිරීමක පසුවීම හේතුවෙන් ය.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

 

අන්තර්වාර ආණ්ඩුවෙත් අගමැති මමයි : මහින්ද තරයේ කියයි !

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වූ ද එහි ද අගමැතිවරයා තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ නෙත් නාලිකාව සමග සිදුකළ සාකච්ඡාවක් අවස්ථාවේ ය.

ඉතිහාසය නොදන්නා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් තමනට ඉවත්වෙන්නැයි ඉල්ලා ඇති බවද පැවසූ අගමැතිවරයා බහුතර මන්ත්‍රී පිරිසක් තමන් සමග සිටින බවද සඳහන් කළේය.

මේ මොහොතේ යම් අසීරු තැනක රට තිබෙන බව තමා පිළිගන්නා බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා එම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇති බවද පැවසීය.

මීටත් වඩා දරුණු අර්බුදවලට රට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

ගාලු මුවදොර පිටියේ අරගලයක යෙදී සිටින පිරිස්වලට සාකච්ඡා සඳහා අරලිය ගහ මන්දිරය විවෘත බවත් නැවත වතාවක් තමන් සාකච්ඡා කිරීමට තමන් ආරාධනා කරන බවත් පැවසූ අගමැතිවරයා එසේ නො පැමිණෙන්නේ නම් ඔවුනට දිගටම සිදු වන්නේ අරගල කිරීමට පමණක් යයිද පැවසීය.

ඩලස් අගමැති කරන්න : විපක්ෂයේ සහය !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයේන් ඉවත් කර ඒ සඳහා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පත්කිරීම සඳහා සමගි ජන බලවේගය හා TNA , මුස්ලීම් කොන්ග්‍රසය සමග සාකච්ඡා සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඩලස් අලහප්පෙරුම අගමැති ධුරය ට පත් කිරීම සඳහා පක්ෂ 11කණඩායමේ නියොජිත පිරිසක් මෙකී පක්ෂ සමග සාකච්ඡා කර ඇත.

එහිදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම . 20 සංශෝධන ඉවත් කිරීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා වූ බවත් වාර්තා වෙයි.

මෙම සාකච්ඡා සම්බන්ධයෙන් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සමගි ජනබලවේගය අදාළ යෝජනාව පිළිබඳ ධනාත්මක තැනක සිටින බවය.

එසේම ඩලස් අලහප්පෙරුම අගමැති ධුරය ට පත් කිරීම සඳහා විපක්ෂයේ අනෙකුත් කොටස් සමග ද සාකච්ඡා ආරම්භ කිරීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්,

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් ද සිදුකර ඇත.

එසේ නොකර දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න අපේක්ෂාවෙන් සිදු කරන මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බවද එම ලිපියේ සඳහන් කර ඇත.

හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මෙම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදී ඇත්තේ පසුගිය අප්‍රේල් 21 වනදා ජනාධිපති මන්දිරයේ දි ය.

පැය 48 යි : ගොඩහේවා කැබිනට් අමාත්‍ය ධූරය අත්හරී !

පැය 48 ක පමණ කාලයක් අමාත්‍ය ධූරය දැරීමෙන් පසුව නාලක ගොඩහේවා ඉල්ලා අස්වීම ලබාදී ඇති බව වාර්තා වෙයි.

මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ ගොඩහේවා පසුගිය 18 වැනිදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නද ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විසි වෙනිදා ජනාධිපතිවරයාට යොමු කර තිබූ බව පවසමිනි.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සිදු වෙමින් යන නිසා අදාළ ඉල්ලා අස්විමේ ලිපිය මාධ්‍යවලට ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තව දුරටත් පැවසීය.

මීට පෙර අලිසබ්‍රි ද මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ නමුත් පසුව ඔහු තවදුරටත් ධූරයෙ කටයුතු කරන බව නිවේදනය විය.

ඉහළ දැමූ ගෑස් මිල ක්ෂණිකව රිවර්ස් කළේ ඇයි ?

ආණ්ඩුව ගෑස් සිලිණ්ඩරයක් රුපියල් 2500 ක තරම් බරපතළ මිල ඉහළ දැමීමක් සඳහා අද (22) සූදානම් වූ නමුත් ආණ්ඩුවට එරෙහි ජනතා නැගිටීම හමුවේ එය හකුළාගෙන ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පවසන්නේ මීට පෙර ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ දැමීම අත්තනෝමතික ආකාරයට සිදුවූ බවයි.

ජනතාව මේ මොහොතේ ආණ්ඩුවට විරෝධයක් නොදක්වන්න කිසිම ලෙසකින් මෙවැනි හැසිරීමක් ආණ්ඩුවෙන් අපේක්ෂා කළ නොහැකි බවත් ඔවුන් පවසයි.

මේ වන විට ආණ්ඩුව නිවේදනය කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස්දී ඇති බවය.

මේ මිල ඉහළ දැමීම සිදුවූවා නම් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ යාමට තිබිණ.

සෙසු ගෑස් සිලින්ඩරවල මිල ද මෙම මිල වැඩිකිරීමට අනුරූපීව ඉහළ යන බවත් අමුතුවෙන් කියයුතු නැත.

ලිට්‍රෝ සමාගම සූදානම් කර තිබුණේ අද (22) මධ්‍යම රාත්‍රියේ මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමටය.

එක් පසෙකින් වෙළෙඳ පොළ තුළ ගෑස් හිඟයක් පවතී. ඒ ගිඟය නිසා මිනිසුන් පෝලිම්වලය. මේ ආකාරයට ගෑස් මිල ඉහළ දැමීම හරහා මුදල් හිඟ බැවින් පෝලිම් අවසන් කිරීමට හැකි බව ආණ්ඩුවේ විශ්වාසය විය හැකි බවත් විචාරකයන් පවසයි.

එසේම කෘතිම ආකාරයට වෙළෙඳ පොළ තුළට නිකුත්කළ මුද්‍රණය කළ මුදල් තොග මේ හරහා යළි රැස්කිරීමක් වන බවත් , එය වරදක් නොවන නමුත් , වැරදි සහ අත්තනෝමතික ලෙස මුදල් මුද්‍රණය කර වෙළෙඳ පොළට මුදාහැරීමට වන්දි ගෙවන්නේ ජනතාව බවත් විචාරකයන් පෙන්වා දෙයි.

ගෑස් යළිත් ඉහළට

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,175ක් දක්වා ඉහළ දමා ඇත.

සෙසු ගෑස් සිලින්ඩරවල මිල ද මෙම මිල වැඩිකිරීමට අනුරූපීව ඉහළ යන බව ලිට්රෝ ගෑස් සමාගම දැනුම්දෙයි.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර : කාදිනල් 56ක් ගෙන වතිකානුවට !

පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමි ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඉතාලියේ වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් අද (22) උදෑසන පිටත්ව ගොස් තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමි ඇතුළු රදගුරුතුමන් 08 දෙනෙකු ද ඊට ඇතුළත් ය.

එසේම පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු ද, පාස්කු ප්‍රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද, මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක් කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.

කටුනායක ගුවන් තොටුපළින් අලුයම 05.02 ට කටාර් ගුවන් සේවයේ QR 659 දරන ගුවන් යානයෙන් දෝහා බලා ගොස් ඇති අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානුව වෙත පිටත්ව යාමට නියමිත බවත් වාර්තා වෙයි.

ඔවුන් පිරිස අද (22) උදෑසන 10.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .

පසුව මෙම පිරිස ද එතැන් සිට ඉතාලියේ වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතය .

ආන්දෝලනාත්මක අනාවරණයක් !

කාදිනල් ප්‍රමුඛ මේ පිරිස රටින් නික්මයාමට පෙර පාස්කු ප්‍රහාරයට වසර 3ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඊයේ (21) උදේ පවත්වන ලද දේව මෙහෙයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර , ඒ එවකට පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේදී ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු දෙන අපේක්ෂකයෙකුගේ ජයග්‍රහනය වෙනුවෙන් දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකළ බවට මේ වනවිට තහවුරු වෙන බව පවසමින් ය.

එම ප්‍රහාරයෙන් පසුව පරීක්ෂණ පැවැත්වූ ආකාරය පිළිබඳව එක් එක් පියවරයන් විශ්ලේෂණය කරමින් කාඩිනල් හිමියන් මෙම චෝදනාව නැගීය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී වසර වසර දෙක හමාරකට ආසන්න කාලයක් ගෙවී ගියත් ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණු වින්දිතයන්ට යුක්තිය ඉටු නොකිරීම පිළිබඳව නැවත අවධාරණය කරනු ලැබීය.

 

කවුද අගමැති නෙවෙයි ප්‍රශ්නය ; 21ට අනුව වැඩ කිරීමයි - නිමල්

20 වන සංශෝධනයේ ගුණාංග ඉවත් කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට බල තුලනය කිරීම නව ව්‍යවස්ථාටවි අරමුණ බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පවසයි.

අද (22) ඒ වෙනුවෙන් වූ 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කතානායක වෙත භාරදුන් බවත් ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 8 හි පැවැති මාධ්‍ය හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටියේ , අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පත් කරගන්නා ඕනෑම පුද්ගලයකු සමඟ වැඩ කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සූදානම් බවයි.

බහුතර මන්ත්‍රීවරුන් අගමැති ලෙස පත්කරගනු ලබන්නේ මහින්ද රාජපක්ෂ ද සජිත් ප්‍රේමදාස ද යන්න ප්‍රශ්නයක් නොවන බව කී නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා රටෙි අර්බුදය විසඳා ගැනීමට ඕනෑම කෙනකු සමඟ වැඩ කිරීමට සූදානම් බව ද සඳහන් කළේය.

113 පෙන්වන්නේ කවුද නෙවෙයි ප්‍රශ්නය - රනිල්

කුමන පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුව තුළ 113 පෙන්වූවත් වත්මන් ප්‍රශ්න විසඳීමට නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

වත්මන් ප්‍රශ්න විසඳීමට හැකියාව ඇත්තේ මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත් ගමනක් යාමට අවශ්‍ය බවත් ඔහු පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ අදහස් දක්වා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල් ඇමතිවරයාගේ කතාවෙන් පසුව බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයට තමා ද එකඟ වන බවත් සඳහන් කළේය.

එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

"රඹුක්කන සිද්ධිය පරීක්ෂා කරන්න නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගොස් තිබෙනවා.වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ. බී රිපෝට් එක ඒ රිපෝට් එක කළා.බී රිපෝට් එකේ නම් කැපුවා.වෙඩි තබන්න කියන්නේ එතන හිටපු ජේෂ්ඨ ම පොලිස් නිලධාරියා.බී රිපෝට් එකේ ඔහුගේ නම දාන්න ඕන.එතුමා වෙඩි තියන්නට හේතුව පැහැදිලි කළ යුතුයි.එය කිව්වේ නැහැ. ඔක්කොම විනය කඩලා. මේ නියෝග දුන්නේ පිටින් ද?මේ නියෝග දුන්නේ කවුදැයි කියා මෙය ඉවරයක් කරලා දාන්න. මෙය ඇදගෙන යන්න උවමනා නැහැ."

IMF ඉදිරියේ : ලංකාව වෙනුවෙන් ඉන්දියාව ඇප වෙයි !

ලංකාවට 'හදිසි මූල්‍ය ආධාර' සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා උදව් වීමට ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් අතර (19) පැවැත්වූ හමුවේදී මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මෙසේ ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රි හමුවීමෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සමග මෙම හමුව පවත්වා ඇත.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දිය යුතු බවත් ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර ලබා දිය යුතු බවත් කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවාට පවසා ඇත.

ගාලූමුවදොර උපවාසයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි ජාතික රෝහලට

ගාලූමුවදොර අරගල භූමියේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝගාතුරු වීම නිසා අද (22)පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

උන්වහන්සේ ගිලන් රථයකින් රෝහල කරා රැගෙනගිය අතර පසුව මාතර විමලදේව හිමි සහ මාලඹේ සීලරතන හිමියන් අරගල භූමියට වැඩම කර,යළි උපවාසය ආරම්භ කර ඇත.

මෙම උපවාස ක්‍රියාවලියට දැනට දින 03ක් ගතව තිබේ.

අරගලයට පන්නරයක් දුන් : අපේක්ෂාවේ සත්‍යක්‍රියාව !

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව  රැඩිකල් මැද සාමූහිකය සංවිධානය කළ 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' ඊයේ ( 21) පස්වරු 5.00 ට පැවැත්විණ.

එසේම මංගල සමරවීරයන්ගේ ජන්ම දිනය ද යෙදී තිබුණේ එදිනට වන අතර රැඩිකල් මැද සාමූහිකය' ද මංගල සමරවීරයන් විසින් ආරම්භ කළ දේශපාලන මෙහෙයුමකි.

වීදි බැස ඇති සුවහසක් පුරවැසියන්ගේ, සාධාරණ ඉල්ලීම් අනුව, රාජපක්ෂ ක්‍රමය අවසන් කිරීමත්, පුරවැසියාට වග කියන ගෞරවනීය රජයක් ඇති කරගැනීමත් , අභිලාෂය කරගත් දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සම්මුතියක් ගොඩනගා ගැනීමත්, ඊයේ පැවති අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' හි මුලික අරමුණ විය.

පක්ශ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය නායකයින් හා ජනතා සහභාගීත්වයකින් පැවති එම අවස්ථාවේ රැඩිකල් සෙන්ටර් සාමූහිකය' මේ වෙනුවෙන් ඉදිරිපත් කරන සම්මුතියේ යෝජනා 15ක් ප්‍රසිද්ධ කරණු ලැබූ අතර , ඒ මෙසේය.

 1- රාජපක්ෂවාදය අවසන් කිරීම.

2- 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19වන සංශෝධනය යළි පැනවීම.

3- රාජපක්ෂ විරෝධී පක්ෂ එකමුතුවෙන් නිශ්චිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් ඇති කිරීම.

4- සියලු ජාතීන්ට, ආගම්වලට සහ ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයක් පිලිගැනීම.

5- ආර්ථික අර්බුදයට සාමූහික එකඟතාවයෙන් කඩිනම් විසඳුම් සෙවීම

6- ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ගෑස් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

7- අර්බුදය හමුවේ දිළිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහතික කිරීම.

8- පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල වත්කම් බැරකම් ජනතාවට දැනගැනීමේ අයිතිය ලබාදීම.

9- රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම

10- මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම.

11-නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.

12-වංචා දූෂණ සහ පාස්කු අපරාධ සම්බන්ධ චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට දඬුවම් ලබාදීම.

13- දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

14- ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

15- පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කිරීමට සහ පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා පුරවැසි වේදිකාවක් පිහිටුවීම,

විජිත හේරත්  ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කෙරේ....

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ඉංජිනේරු විජිත හේරත්  ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස ද පත් කර තිබේ.

මීට පෙර ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ  පසුගිය 15වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම නව පත් කිරීම (21) සිදු කරනු ලැබිණි.

විරෝධතා භුමියට ආ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

ගාලු මුවදොර අරගල භුමියට පැමිණි පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

එම පොලිස් සැරයන්වරයා කුට්ටිගල පොලිස්ථානයට අනියුක්තව රාජකාරි කළ අයෙක්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව සඳහන් කළේය.

පසුගිය 14 වැනිදා සිය නිල ඇඳුම පැළඳගෙන උද්ඝෝෂණ භූමියට පැමිණිම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

එහිදී අධිකරණය නියෝග කළේ , එම පොලිස් සැරයන්වරයා ලක්ෂ 03 බැගින් ශරීර ඇප 03 ක් මත මුදා හරින ලෙසයි.

අන්තර්කාලීන ආණ්ඩුවක් ඕන : නැත්නම් ස්වාධීනයි : පොහොට්ටවේ තවත් 13ක් දන්වයි !

පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මෙම පිරිස ජනාධිපතිවරයාට තම තීරණය ලිඛිතව ද ලබාදී ඇති අතර පවතින ගැටලුකාරි තත්ත්වයට විසඳුමක් ලෙස අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා අග්‍රාමාත්‍ය ධූරයට සුදුස්සෙකු පත් කිරීම මේ මොහොතේ අවශ්‍යම කාර්යයක් බව පෙන්වා දී ඇත.

නව අමාත්‍ය මණ්ඩලයට ද විරෝධය පළ කර ඇති මෙම පිරිස පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධුර ලබාදීමට නිසි පරිදි සිදු නොවූ බවයි.

මෙම මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද අද (21) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය.

මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ (20) තවත් තුන් දෙනෙකු ඉවත් වූහ.

මෙම 13 දෙනොගේ පිරිස ඉවත් වූවොත් ආණ්ඩුවෙන් ඉවත් වන මුළු පිරිස පනස් හත් දෙනකු දක්වා ඉහළ යයි.

අපේ අයුතු ඉපයීම් ඇත්නම් නඩු දාන්න - නාමල්

තමන් හෝ තම පවුලේ ඕනෑම අයෙකු අයුතු ලෙස උපයාගත් ධනය ලොව කොහේ හෝ රටක තිබේනම් නම් නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු පාර්ලිමේන්තුව අමතමින් මේ බව සඳහන් කළේය.

2015ට පෙර මෙම චෝදනා එල්ල කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වසර දොළහේ දී ම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇත ඇති බවත් ඔහු පැවසීය.

තම සියලූ වත්කම් විගණනය කර එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

දෙස් විදෙස් වත්කම් එපා : දැන් ඇති වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කරන්න !

 නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ දෙස් විදෙස් වත්කම් සෙවීමට වඩා රාජපක්ෂ පවුලේ දැන් තිබෙන වත්කම් උපයාගත් ආකාරය අනාවරණය කරන ලෙසයි.

එසේම කිසිදු දූෂිත දේශපාලනඥයින් සිය අයතා වත්කම් ඉපයීම් තම තමන්ගේ බැංකු ගිනුම් වල දමාගෙන නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Page 269 of 392