කටුනායක ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා

කටුනායක ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශය ජනතාවට දැනුම් දී තිබේ.

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි එහි ප්‍රධානී අරුණ රාජපක්ෂ  පවසයි.

ඒ අනුව, ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙසත්, මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අරුණ රාජපක්ෂ  අවධාරණය කරයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදු වුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න