පුවත්

සිමෙන්ති මිල පහළට !
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබේ.
ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රු.100කින් අඩු කෙරෙනු ඇත.
සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් මේ ආකාරයට මිල සහනයක් දී ඇති බව වෙළඳපොළ ආරංචිමාර්ග පවසයි.

විමල්ලාගේ උත්තර සභාවට කට උත්තර නැති වෙලා !
පහුගිය කාලෙ විශාල වියදමක් දරල රට පුරා පෝස්ටර් ගහල, රටට හඳුන්වා දූන්න උත්තර සංවිධානෙට නම් මේ දවස්වල උත්තර නැතුවලු ඉන්නේ. ඒ සද්ද බද්ද නැතුව පටන් ගත්ත, නිදහස ජනතා සභාව , මෙච්චර ඉක්මනට ජනප්‍රිය වේගෙන එන්නේ කොහමද කියන එක ගැන.
ප්‍රධාන නාලිකාවල හැමදාම වගේ ඔය ජී එල් , ඩලස්, ඩිලාන්, නාලක , චරිත , වසන්ත යාපා වගේ කවුරු හරි ඉන්නවමයි කියල , උත්තර සංවිධානේ ලොක්ක විමල්ට මළ පැනලලු ඉන්නේ.
ඒ නිසා අපේ අයත්, හැමදාම මොකක් හරි මාධ්‍ය සාකච්ඡාවක් තියන්න ඕන කියල, විමල් උපදෙස් දුන්නට උදය මීක් නෑලු. මෙච්චර කල් විමල් එක්ක ඉදිකට්ටයි නූලයි වගේ හිටපු උදය දැන් මේ මාධ්‍ය සාකච්චාවලින් කට්ටි පනින්නේ නිදසටවත් එකතු වෙන්නද දන්නේ නෑ කියල, පොඩි සැකයක් විමල්ගේ මංත්‍රී කන්ඩායමේ තියනවලු.
ඒ අස්සේ උදය දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නෙත් නාලක ගොඩහේවයි, චන්න ජයසුමනයි ලගමලු.
පසුගිය දවස්වල කිප වතාවක්ම උදය , ජී එල් පීරිස්ගේ ගෙදර ගිය බවත්, විමල්ලට ආරංචි වෙලා ඒ ගැනත් කට්ටිය බය වෙලාලු ඉන්නේ.
ඔය අස්සේ උත්තර සභාවට එකතු නොවී, කට්ටි පැනපු තවත් පක්ෂ නායකයෙක් වන, අසංක නවරත්නත් නාලක ගොඩහේවා හා චන්න ජයසුමනගේ ඉල්ලීමක් මත, ජී එල් හම්බවෙලා තියෙනවා කියලා ආරංචියි.
මහජන පක්ෂේ පැත්තෙන් එන ආරංචි විදියට අසංකත් නිදහස් ජනතා සභාවට සහාය දෙන්න එකඟ වෙලාලු.
චන්ද්‍රිකා නෝනත් ගියසතියේ එයාගේ කන්ඩායමක් එක්ක, නිදහස කන්ඩායමේ ජී එල්, නාලක හා චරිත හමුවෙලා තියෙනවනේ.
ලොක්කී එදා අනුර යාපාටයි, චන්දිම වීරක්කොඩිටයි, සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේටයි කියල තියෙන්නේ, සජබේ හා නිදහස කන්ඩායම් එක්ක සහයෝගෙන් වැඩකරමු කියලලු.
හැබැයි මේ කවුරුවත් විමල්ගේ උත්තර සබාව නම් විශ්වාස කරන්නේ නැති පාටලු.
කොයි වෙලේ හරි විමල් ආයේ මහින්දට සෙට්වෙලා "ලී කුවාන් යූ" කියල අපි හිතපු ගෝටාභය රට කෑව . දැන් අපි රිටයර් වෙලා ඉදල ආපු, මහතීර් මොහොමඩ් වගේ මහින්ද එක්ක ආයේ රට ගොඩනගනව " කියල මයික් පලන්න පටන් ගත්තොත් පුදුම වෙන්න දෙයක් නෑ කියලලු සජබේ කට්ටිය නම් කියන්නේ.
- දේශපාලන වාර්තාකරු

ජනාධිපතිගේ ප්‍රතිචාරයෙන් : මරික්කාර් හරහා වැටෙයි (video)
කරුණු හරිහැටි අනාවරණය කර නොගෙන සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අද (04) පාර්ලිමේන්තුවේදී දැඩි අපහසුතාවකට පත්විය.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී එක්ව දිවා ආහාරය ගෙන ඇති බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් නැගී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය.
"මගේ නම සඳහන් කළා. මං අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා එක්ක සිංගප්පූරුවේ දී දවල් කෑම ගත්තා යැයි කිව්වා. උදේ වරුවේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමතිතුමා එක්ක උදේ කෑම ගත්තා. දවල් කෑම ගත්තේ සිංගප්පූරු එයාර් ලයින් එකේදි. මොකද මං දවල් 1.00ට යන්න තිබුනේ. ඒ වෙලාවේ ගුවන් යානයට නැග්ගම කෑම ගත්තා.ඕ න නම් මම මෙනු එකත් ගෙනත් පෙන්නන්නම්. මොනවද එදා කෑවෙ කියලා.
මරික්කාර් මන්ත්‍රීතුමා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම ගැන මම කනගාටු වෙනවා. අනෙක් අතට මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා දැන් මැද පන්තිය එකතුවෙලා අරගලයට එන බව. විශාල අර්බුදයක් තියෙනවා , අරගලයක් එනවා කියලා එතුමා කිව්වා.මේක මීට ඉස්සෙල්ලා කිව්වේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය. මං දැන් කැමතියි දෙදෙනාම එකම ප්‍රකාශයක් කරන එක ගැන. මම ඒකට එකඟ වන්නේ නැහැ. නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ අඩි පාරේ මරික්කාර් මන්ත්‍රීතුමා දැන් යන බව අපට පේනවා."
මෙහිදී දැඩි අපහසුතාවකට පත්වූ මරික්කාර් මන්ත්‍රීවරයා පවසා සිටියේ, තමන් මේ ගැන දැනගත්තේ මාධ්‍යයෙන් බවයි. එසේම තමන් කිසිමදාක හිරුනිකා ගේ අඩි පාරේ නොයන බවත් ඔහු පැවසීය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, හිරුනිකා ගේ අඩි පාරේ නොයනවා නම් , දැන් ඇත්තේ තමන් සමඟ එකතුවී කටයුතු කිරීම බවය.

අගමැති වෙන්න එන්න කියා 71 වතාවක් ආරාධනා කළා !
යහපාලන රජය පැවති කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන්ට අගමැතිකම භාරගන්නා ලෙස 71 වතාවක් ආරාධනා කළ බැව් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ සමගි ජනබලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා 71 වතාවක් මට ආරාධනා කළා. අගමැතිකම භාරගන්න කියලා. ඉන් 10 වතාවක් ආරාධනා කළේ ඔක්තෝබර් මස 26ට පෙර. 61 වතාවක් ඔක්තෝබර් 26 න් පසුව අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළා. මා එජාපයේ නියෝජ්‍ය නායකයා විදියට සිටියදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබියදී මට පුළුවන් ද රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධව පිටුපස්සෙන් ගිහින් කිණිස්සෙන් අනින්න. මට පුළුවන්ද අගමැති වෙන්න මම එදා ඒක ප්‍රතික්ෂේප කළා. ඒක කළේ ප්‍රතිපත්තියක් අනුව. සක්විති රජකම දෙනවා කීවත් ඒක කරන්න බැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාත් මට කීවා අගමැතිකම භාරගන්න කියලා.

22 විසිවෙයි : රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !
ඊයේ ආණ්ඩුවෙ ගෲප් මීටින් එකේදි 21 ගැන කතාව ලොකුවටම ඇදිල.
වෙඩිමුරේ පත්තු කරලා තියන්නේ, එස් බී.
'' ජනාධිපතිට වැඩ කරන්න බලය තියෙන්න ඕන. මහින්ද මහත්තයා යුද්දෙ ඉවර කලෙත්, විධායක බලය හරියටම තිබ්බ හින්දා . මේ විකාර සංශෝධනය නම් ගේන්න එපා. එච්චරයි මම කියන්නෙ...'' එස් බී කියාගෙන කියාගෙන ගිහින්..
ඊට පස්සෙ සාගර කාරියවසම් බැටන් එක අතට අරන්..
'' ජනාධිපතිතුමනි...දැන් කවුද මේකට ජන්ද 150 ක් හොයන්න වගකීම බාර ගන්නෙ. අනික 20 ටත් ජන්දෙ දීල ඒකම අනිත් පැත්ත පෙරලන්න 21 ටත් ජන්දෙ දුන්නම කොහොමද අපි මිනිස්සුන්ට මූණ දෙන්නෙ. 21 ගේනව නම් විජේදාස ඇමතිතුමාටම කියන්න වගකීම බාර ගන්න කියලා ..'' පොහොට්ටුවේ ලේකම් කියල තියෙන්නේ එහෙම..
ඒ කතාවට නං විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාට මළ පැනලා ...
''මේක මගෙ පෞද්ගලික උවමනාවකට ගෙනාපු සංශෝධනයක් නෙවෙයි. මම කලේ ඒ දවස්වල ගෝඨාභය ජනාධිපතිතුමා මට පවරපු රාජකාරිය එච්චරයි . කැබිනට් මණ්ඩල දෙකක දීම ඕක අනුමත කෙරුවා.. '' විජේදාසත් කියාගෙන කියාගෙන ගියා ලු..
ඔය වෙලාවේ සරත් වීරසේකර කිව්වලු, මම නම් 21 ට ජන්දෙ දෙන්න සූදානම් නෑ කියල.
''අපි බලමු මොකක්ද වෙන්නෙ කියලා . අනික මම බ්‍රහස්පතින්දා ආර්ථික තත්ත්වය ගැන, පාර්ලිමේන්තුවේ දි කතාවක් කරන්න ඉන්නෙ. '' ජනාධිපති රනිල් 21 ගැන කතාව වෙනම පැත්තකට හරවලා .
ජනාධිපති රනිල් ඒ විදියට නොකියා කිව්වෙ, එදා වැදගත් වැඩේ 21 ගේන එක නෙවෙයි කියල .
සාකච්ඡාව ඉවර වෙලා යන ගමන් විජේදාස රාජපක්ෂ , සංජීව එදිරිමාන්නට මොකහරි ලොකු පැහැදිලි කිරීමක් කරනව කට්ටියම දැකලා..දෙන්නගෙ මූණ වලින් පෙණුන ලු කතාව සීරියස් එකක් කියල .
'' මොකක්ද මල්ලි අපේ ඇමතිතුමා කියන්නෙ '' කියාගෙන ජයන්ත කැටගොඩට කතාව මැද්දට පැනලා.
''ඇමතිතුමා කියන්නෙ, 21 වෙනි සංශෝධනය එතුමගෙ පුද්ගලික උවමනාවක් නෙවෙයි කියල අයියෙ'' එදිරිමාන්න කැටකොඩට උත්තර දීල තියන්නේ එහෙම..
''කොහොම උණත් ඇමතිතුමා මම නම් ජන්දෙ දෙන්න නෑ '' කියල, කැටගොඩට විජේදාස රාජපක්ෂගෙ මූණටම කියලා.
ඔය කතාවලින් තේරෙන්න ඔය ව්‍යවස්ථා සංශෝධනේ හරියන මගුලක් නෙවෙයි කියන එකද ?
තව දවස් දෙක තුනකින් ඒක බලාගන්න පුළුවන්නේ..
-දේශපාලන වාර්තාකරු

හර්ෂ එළියට චරිත ඇතුළට : සජිත්ගේ වැඩක් !
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සඳහා එම කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් සාමාජික මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා ඇත.
විපක්ෂ නායකවරයා මේ ඉල්ලීම සිදුකර ඇත්තේ අද (04) පාර්ලිමේන්තුවේදීය.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඊයේ (3) පත්කරනු ලැබු අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්ගේ නම ඇතුළත්ව තිබුණේ නැත.
තම පක්ෂය එම කමිටුව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ නම මුලින් යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එම කමිටුවෙන් ස්වෙච්ඡාවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් ඒ පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් නැවත පත් කරන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී යෝජනා කර ඇත.
මේ අතර සිය නම කෝප් කමිටුවට යෝජනා නොවීම හේතුවෙන් මැසිවිලි නගමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ඊයේ සිය ට්වීටර් ගිණුමේද සටහනක් තබා තිබිණ.
කෝප් කමිටුවේ සද්දය විතරයි !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ, වර්තමානය වන විට මන්ත්‍රීවරුන් කෝප් සාමාජිකත්වය සහ එහි සභාපතිත්වය පෞද්ගලික දේශපාලන ජනප්‍රියත්වය වෙනුවෙන් යොදාගන්නා ස්වභාවයක් පෙන්නුම් කරන බවයි.
විශේෂයෙන් කෝප් සභාපතිත්වය හොරු දුෂිතයන් අල්ලන, ඔවුන් නීතිය හමුවට ගෙනෙන පොලිස් කාර්යයක් වැන්නක් ලෙස අඟවන නමුත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම මන්ත්‍රීවරයෙකුට සිය වරප්‍රසාද පවා යොදා ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධව අවධානම පවා නොගෙන හොරු දුෂිතයන් අනාවරණය කළ හැකි බවත් විචාරක මතයවී තිබේ.
පසුගිය කෝප් කමිටු සභාපතිවරයකු වූ සුනිල් හඳුන්නෙත්ති සිය ධූරය සූක්ෂම ලෙස පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය සමඟ මුසුකර කැපීපෙනෙන චරිතයක් ලෙස මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ පෙනී සිටියත් ජනතා ජන්දය ඔහුට නොලැබුණ බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.
කෙසේ වුවත් කෝප් සභාපති ධුරය දිගටම සරල ආණ්ඩු විරෝධයට හෝ පෞද්ගලික දේශපාලන ප්‍රචාරකවාදයට යටකර දමුණහොත් ඊට හිමි සංකේතීය වටිනාකමද අහිමිව යනු ඇති බවත් විචාරක මතයවී තිබේ.

කෝප් කමිටුව නම් කරයි : චරිත තැවෙයි !
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කර ඇත .
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (03) පාර්ලිමේන්තුවේ දී මෙම නාම ලේඛනය ප්‍රකාශයට පත් කළේය.
ඊට අනුව කෝප් කමිටු සාමාජිකයන් මෙසේය.
1. ජගත් කුමාර
2. ජානක වක්කුඹුර
3. ලොහාන් රත්වත්තේ
4. ඉන්දික අනුරුද්ධ හේරත්
5. ඩී වී චානක
6. ශාන්ත බණ්ඩාර
7. අනුර දිසානායක
8. රවුෆ් හකීම්
9. පාඨලී චම්පික රණවක
10. මහින්දානන්ද අලුත්ගමගේ
11. රෝහිත අබේගුණවර්ධන
12. හර්ෂ ද සිල්වා
13. ඉරාන් වික්‍රමරත්න
14. නිමල් ලාන්සා
15. එස්.එම්.එම් මුෂාරෆ්
16. නලීන් බණ්ඩාර ජයමහ
17. එස්.එම්. මරික්කාර්
18. මුජිබර් රහුමාන්
19. රෝහිණි කුමාරි විජේරත්න
20. සංජීව එදිරිමාන්න
21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි
22. ප්‍රේම්නාත් සී. දොලවත්ත
23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
25. රාජිකා වික්‍රමසිංහ
26. මධුර විතානගේ
27. රංජිත් බණ්ඩාර
කෙසේ වුවත් තමන්ව කෝප් කමිටුවට නම් නොකිරීම සම්බන්ධයෙන් හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇති අතර ඒ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාට විරෝධය දක්වමින් ය.
අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

මැයි 09 ලක්ෂ 20ක් කොළඹ ඇවිත් : අරගලයේ නායකත්වය අන්තරේ - දුමින්ද
ලක්ෂ 20 ක ජනතාවක් මැයි 09 වැනිදා කොළඹට පැමිණි බව බුද්ධි අංශ වාර්තා කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කරයි.
ගාළු මුවදොර අරගල භූමියට විටින් විට කෝටියක පමණ ජනතාවක් පැමිණ සහයෝගය ලබා දුන් බවද ඔහු පවසයි .
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ අදහස් දක්වා ඇත්තේ සම්මන්ත්‍රණයක් අමතමිනි.
කිසිදාක පන්නා දැමිය නොහැකි යයි බොහෝ පිරිසක් සිතා සිටි ගෝඨාභය රාජපක්‍ෂ පන්නා දැමීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් නායකත්වය දුන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බවද ඔහු පවසා ඇත .
එවන් නායකත්වයක් දුන් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරද්දී නිහඬව සිටින ජනතාව එම ශිෂ්‍ය ව්‍යාපාරයට ණය ගැති බව ද ඔහු පැවසීය.
එනිසා එම ණය ගෙවීමට ඉදිරියට එන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටී.

ලිට්‍රෝ ගෑස් බස්සයි !
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් අඩු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කර ඇත.
ගෑස් මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඇතුළු සෙසු පිරිවැය අනුව මෙම අඩුකිරීම ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා සඳහන් කර ඇත.
පසුගිය සමයේ මෙරට ගෑස් පෝලිම් යුගයක් පැවති අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව නව පාලනාධිකාරිය විසින් එම තත්ත්වය අවසන් කර ඇත. එසේම මීට පෙර අවස්ථා කිහිපයකදීම ලිට්‍රෝ ගෑස් මිල පහත දැමුණි.

කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමු වෙති !
සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.
මෙරට සේවා කාලය නිම කළ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් ඔවුහු ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත වූහ.
ඩේවිඩ් මකිනන් 2017 ඔක්තෝම්බර් 23 වන දින සිට මෙරට කැනඩා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර එරික් ලවෙ(ර්)තු 2018 නොවැම්බර් 01 වැනි දා සිට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

මහ බැංකු අධිපතිගෙන් වෘත්තිකයන්ට සැර කතාවක් !
මෙරට වෘත්තිකයන් නිසි ආකාරයෙන් බදු ගෙවා තිබුණේ නම් ලංකාවේ ආර්ථිකයට මෙවන් අර්බුදකාරී තත්ත්වයක් උදා නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකට එක්වෙමිනි.
ලංකාවේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව විශාල බදු මුදලක් ගෙවන බව ද පැවැසූ මහ බැංකු අධිපතිවරයා එසේ වුවද වෛද්‍යවරයෙකු සිය වෘත්තියේදී ගෙවා ඇත්තේ අඩු බද්දක් බව ද ප්‍රකාශ කළේ ය.
මෙරට වෘත්තිකයෙකුට කොතරම් බදු ගෙවීමට තිබුණ ත් ඔවුන් ගෙවන්නේ කොපමණ දැයි සියල්ලන් ම දන්නා බව ද හෙතෙම පැවසීය.
එසේ වුව ද ඔවුන් ඔස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි වෙනත් රටකට ගියහොත් උපයන සෑම ඩොලරයකට ම බදු ගෙවන බව ද පවසා සිටියේ ය.
එවිට ඔවුන් බදු ගෙවන්නේ වෙන ම රටකට බව ද අවම වශයෙන් ඒ බදු මුදල ලංකාවට ගෙවිය යුතු බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.
ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බදු ආදායම අඩු වීම බව ද මහ බැංකු අධිපතිවරයා පැවැසූ අතර එම හේතුව මත ආණ්ඩුවට මූලික අවශ්‍යතාවලට වියදම් කිරීමට හැකියාවක් නොමැති බව ද පවසා සිටියේ ය.
එම හේතූන් මත බදු ආදායම වැඩි කළ යුතු බව ද එහි විවාදයක් නොමැති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
එසේ වුවද ආදායම් මත ගෙවන බදුවල සමානාත්මතාවක් තිබිය යුතු වීම මූලික අංගයක් වන බවද ප්‍රකාශ කළේ ය.
වෘත්තිකයන් ඇතුළු සියලු දෙනා ම ආදායම් බදු ගෙව්වේ නම් අද මෙරටට මෙතරම් ප්‍රශ්නයක් පැන නොනගින බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
-මව්බිම

කෝපා කමිටුව නම් කරයි !
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) සඳහා පත්කරනු ලැබ සිටින සාමාජික මන්ත්‍රීවරුන් නම් කර ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (03) මෙම මන්ත්‍රී නාම ලේකනය ප්‍රකාශයට පත් කළේය.
ඊට අනුව කෝපා කමිටු සාමාජිකයන් මෙසේය.
කෝපා කමිටු සමාජිකයින්:-
1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
2. ලසන්ත අලගියවන්න
3. කාදර් මස්තාන්
4. සුරේන් රාඝවන්
5. ඩයනා ගමගේ
6. එස්.බී දිසානායක
7. තිස්ස අත්තනායක
8. කබීර් හෂීම්
9. සරත් වීරසේකර
10. විමලවීර දිසානායක
11. නිරෝෂන් පෙරේරා
12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
13. ජේ. සී. අලවතුවල
14. අශෝක අබේසිංහ
15. බුද්ධික පතිරණ
16. ජයන්ත සමරවීර
17. හෙක්ටර් අප්පුහාමි
18. හේෂා විතානගේ
19. මේජර් ප්‍රදීප් උඳුගොඩ
20. ඉසුරු දොඩන්ගොඩ
21. වසන්ත යාපා බණ්ඩාර
22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන
24. ඩී. වීරසිංහ
25. වීරසුමන වීරසිංහ
26. චරිත හේරත්
27.හරිනි අමරසූරිය

පාන් පිටි මිල පහළට !
පාන් පිටි කිලෝවක මිල එන සතියේදී රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (03) පාර්ලිමේන්තුවේදී අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර නැගු ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්ය.
පාන් පිටි කන්ටේනර් සියයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවත් ඒවා ගොඩබෑම මේ වනවිට ආරම්භවී ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
පාන්පිටි සම්බන්ධයෙන් අද විශාල ගැටළුවක් පවතින බව තමා පිළිගන්නේ යැයි සඳහන් කළ නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රශ්නය ඇතිවුණේ පාන් පිටි නිෂ්පාදනය කරන මෙරට ප්‍රධාන සමාගම් දෙකට ඩොලර් නොමැතිකම හේතුවෙන් තිරිඟු ඇට ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා බවද පැවසීය.
එසේම ඉන්දියාවෙන් තිරිඟු පිටි අපනයනය තහනම් කෙරුණු බවත් ගෙන්වීමේ ප්‍රමාදය නිසා පාන් පිටි මිල ඉහළ ගිය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ සිදු විය.
කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමි බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.
කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ සහ කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රිශාන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටී අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක ඊට සහභාගී විය.

සනීපාරක්ෂක තුවා වෙනුවෙන් බදු සහනයක් !
කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත.
තවද ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර තිබේ.
ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක- 60ක මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් - රුපියල් 270ක් වේ. තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි බදු සහන ලබාදීමට රජයේ බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි .
නිෂ්පාදකයින් මෙම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේ දී අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු අතර, ඒ සඳහා වන වැඩපිළිවෙළ ද මේ වන විට සකස් කර ඇත.
ඒ අනුව, රේගු ආනයනය මත 15%ක රේගු ආනයන බද්ද, 10% - 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) අමුද්‍රව්‍ය 05ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර ඇත. දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ලබා දී ඇත. නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වේ.
මෙම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබා දේ.
සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අය කරන බදු හේතුවෙන් සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා එම බදු අඩු කරන ලෙස දේශීය නිෂ්පාදකයින් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.
- lankadeepa

සංස්ථා අරක්කු මිල ඉහළට !
සංස්ථා මත්පැන් මිලිලීටර් 750 ක් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියක් පැවසීය.
මත්පැන් නිෂ්පාදනවල බදු ඉහළ යෑම සහ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් මෙසේ මිල ඉහළ දමන්නට ඇති බවත් ඔහු පැවසීය .
සුරාබදු දෙපාර්තමේන්තුවට මිල ඉහළ දැමීමට හේතුව දැනුම්දීමට අදාල මත්පැන් නිෂ්පාදන සමාගම් බැදීමක් නොමැති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර ඇත .

ඉදිරි විදුලි කප්පාදුව ගැන තීන්දුවක් අරගෙන !
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (03) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (2) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක පැවසීය .
එසේම ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ දෙසැම්බර් දක්වා විදුලි කප්පාදුව තවදුරටත් වැඩි කිරීමට සිදුනොවනු ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට කාර්ය සාධක බළකායක්
මත් ද්‍රව්‍ය ගෙන්වීම, බෙදා හැරීම, අලෙවිය හා භාවිතය මර්දනය කිරීම සදහා නව කාර්ය සාධක බලකායක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය, විජයදාස රාජපක්ෂ පැවසිය.
ඔහු එබව කියා සිටියේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න හා නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් හා අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරෙීන්ගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පෙරේදා ( සැප් 30) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙරට තරුණ පරපුර විෂ මත් ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතයෙන් වළක්වාලීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධ එහිදී සාකච්ඡා විය.
මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයින් විශාල වශයෙන් වැඩිවීම නිසා අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයින් හේතුවෙන් ඇතිව තිබෙන බන්ධනාගාර තදබදය, මත් ද්‍රව්‍ය බෙදා හරිනු ලබන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම හා මත් ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.
මත් ද්‍රව්‍ය බෙදා හැරීම, අලෙවි කිරිම හා භාවිතා කිරීම මර්දනය කිරීම සදහා වන නව කාර්ය සාධක බලකාය සදහා මෙන්ම තරුණ පරපුර මත් ද්‍රව්‍ය භාවිතය සදහා යොමු වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් සකස් කරනු ලබන ජාතික ප්‍රතිපත්තිය සදහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවත් මෙහිදී අවධාරණය විය.
මෙරට තරුණ පරපුර අතර අන්තරායකර ඖෂධ භාවිතය සීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇති අතර, මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පිරිස් අතරින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 20-30 ත් අතර තරුණ පිරිස් බවත්, මෙම තත්වය කඩිනමින් පාලනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ තරුණ කොටස් වැඩි ප්‍රමාණයක සෞඛ්‍ය තත්වයන් පරිහානියට පත් වී පවුල් ජීවිත විනාශයට පත්ව විනය පිරිහිනු සමාජ විරෝධී ක්‍රියාවන්වලට වැඩි වශයෙන් යොමු වන සමාජ වටපිටාවක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවත්, මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
මත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගත වන පුද්ගලයින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා ප්‍රජා විශෝදන ක්‍රියාවලිය වෙත යොමු කිරීම පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත්, ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත්, ඔහු එහිදී පැවසිය.
පාසල් ළමුන් අතර මේ වන විට අන්තරායකර ඖෂධ භාවිතය වැඩි වී ඇති බැවින් විශේෂයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී පාසැල් ළමුන් ගුරුවරුන් දැනුවත් කිරීම සිදු කළ යුතු බවත්, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් පාසැල් ළමුන් දැනුවත් කිරීම වෙනුවෙන් සකස් කර ඇති ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ යුතු බවත්, අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මත් ද්‍රව්‍ය භාවිතා කර බන්ධනාගාරගත වන පුද්ගලයින් සම්බන්ධ රස පරීක්ෂක වාර්තා සතියක් වැනි කාලයක් තුළ ලබාදීම හා මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයින් මෙන්ම මහා පරිමාණ ලෙස මත් ද්‍රව්‍ය බෙදා හරිනු ලබන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවත්, මෙම සාකච්ඡාවේදී අවධාරණය විය.
ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් වු සාකච්ඡා සතියකට වරක් පැවැත්වීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනී ප්‍රියංගි අමරබන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.
Page 272 of 463