පොලීසියේ 40%කට බෝ නොවන රෝග - වැඩබලන පොලිස්පති

පොලීසියේ 40%කට බෝ නොවන රෝග - වැඩබලන පොලිස්පති

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

“පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ ඒ මොකද ඒ අයගේ ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒ ඔක්කොමත් එකක් යම් යම් බෝනොවන රෝග වැළදිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා විදිමත් කරලා, කාර්ය සාදනය වැඩිකරලා පොලිස් නලධාරීන් කරන රාජකාරීය ඉතාම ඉහළ රාජකාරීයක් විදිහට පෙන්වලා තවත් වරප්‍රසාද පොලිස් නිලධාරීන්ට වරප්‍රසාද දෙන්න කටයුතු කරමින් පවතිනවා.

පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ඒ අවධානයට යොමුකරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න්වා”

සබරගමුව පළාතේ පොලිස් නිලධරයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සවස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.

එහිදී සංකේතාත්මකව ළමුන් 34 දෙනෙකු සඳහා පොලිස්පතිතුමා විසින් පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලද අතර දිනයේ පැය 24 පුරා සේවයට බැඳී සිටිමින් දිවයිනේ සාමය සුරැකීමට කැපවන සෑම පොලිස් නිලධාරියෙකුගේම සේවය අගයමින් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පැහැදිලි කරන ලදී.

උත්සවය සඳහා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස  ඇතුළුව එම පළාතේ නිලධාරීන් රැසක් සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න