සංචාරකයින්ට ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍රයක්

සංචාරකයින්ට ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍රයක්

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එකී සේවාව අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත වන අතර මේ වනවිට වැඩසටහනේ අවසන් අදියරේ පසුවේ.

දින 14 සහ 30 යන කාලසීමාවක් සඳහා මෙම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව සඳහන්ය.

එමෙන්ම වැඩි කාලයක් සඳහා දිවයිනේ රැදී සිටින සංචාරකයින්ට වසර 08ක් සඳහා ලබාදෙන රියදුරු බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතින බවද කමල් අමරසිංහ  වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න