V2025

පුවත්

ප්‍රීමා පිටි මිළත් රු.40කින් ඉහළට : බත් සහ කොත්තු මිලත් ඉහළට !

ප්‍රීමා සමාගම තිරිඟු පිටි 1Kg මිල රුපියල් 40 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තවද, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩිවන බව සදහන් වේ.

එම මිල වැඩිවීම අද (19) මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටී.

පාන් ගෙඩියක් රුපියල් 150 ක් !

තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිහ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන ප්‍රකාශ කරයි.

ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 150ක් වන බව ඔහු පැවසීය.

තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවත් ඔහු පවසයි.

බත් සහ කොත්තු මිලත් ඉහළට !

මේ අතර බත් පාර්සලයක සහ කොත්තුවක මිල 20% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කර ඇත.

කෙටි ආහාර, ආප්ප සහ ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

බස් ගාස්තු 35% කින් ඉහළට : අනෙකුත් ප්‍රවාහන සේවා මිලත් ඉහළට !

අද (අප්‍රේල් 19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ නැංවීමට අවසර දී තිබේ.

මේ වනවිට රු. 20 ක් ලෙස පවතින අවම බස් ගාස්තුව රු. 27 ක් දක්වා ඉහළ දැමීමටද අවසර ලැබී තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දැරිය නොහැකි ආකාරයට ඉහළ යමින් ඇති පසුබිමක මෙසේ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම තමන්ව කබලෙන් ලිපට වැටුණු තත්ත්වයක් බව ජනතා අදහසවී තිබේ.

එහෙත් ප්‍රවාහන සේවා සපයන පාර්ශ්ව පවසන්නේ වාහන අමතර කොටස් ඇතුළු සියලු උපාංග මිල ඉහළ ගොස් ඇති පසුබිමේ ඉන්ධන මිලත් අසාධාරණ ලෙස ඉහළ දැමීම තමන්ට කොහෙත්ම දරාගත නොහැකි තත්ත්වයක් බවයි.

මේ අතර , පාසල් ප්‍රවාහන සේවා , ත්‍රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමක් අවශ්‍ය බව කර්මාන්තයේ නියුතු වූවන් පවසයි.

ඒ අනුව මේ වන විටත් පාසල් ප්‍රවාහන සේවා ගාස්තු රුපියල් 1000කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී ආණ්ඩුව මැදිහත් වී දෙපාර්ශවයටම සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු නමුත් බලධාරීන් ඊට අසමත්ව ඇති බවත් ඔවුන් පවසයි.

රාජ්‍ය ඇමතිලා පැටවු ගහයි !

අද (18) රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට පසුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 3ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ දිවුරුම් දී ඇත.
 
ඒ අනුව ,
  1. ඩයනා ගමගේ – ප‍්‍රවාහන
  2. සීතා අරඹේපොල – අධ්‍යාපන හා තාක්‍ෂණ
  3. විජිත බේරුගොඩ – වරාය හා නාවුක ලෙස දිවුරුම් දී ඇත.

GoHomeGota අහසට නැගෙයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදය ප්‍රතිකේෂ්ප කරමින් දියත්කර ඇති පොදුජන අරගලය අද (18) තවත් නැවුම් අත්දැකීමක් එක්කර ඇති බව වාර්තාකරුවන් පවසයි.

ඒ අනුව ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්‍යාලය විරෝධතා සටන් පාඨ හරහා ආලෝකමත් කළ අරගලකරුවන් අද විරෝධතා සටන් පාඨ වලින් අහස ආලෝකමත් කර ඇත.

පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැක්වුනු ප්‍රතිචාර කිහිපයකි.

sky gota1

sky 2

මුහුණු ආවරණ ගැන අලුත් නිවේදනයක් !

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් අපබ්‍රංස නිවේදනයක් නිකුත්කර ඇති අතර ,ඊට අනුව පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳිය යුතු නැත.

එනම් කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුහුණු ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර තිබේ.

චන්න ජයසුමන අමාත්‍යවරයා පවසන්නේ පොදු ප්‍රවාහන සහ ගෘහස්ථ උත්සව අවස්ථාවලදී මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි.

 

පරිසර ඇමති වූ නසීර්ට පක්ෂයෙන් කොක්කක් !

පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් පක්ෂ‍ විනය කඩකර ඇති බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

පක්ෂ නායකයන් ලබන සිකුරාදා (22) රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද හකිම් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මුස්ලීම් කොන්ග්‍රසය සමගි ජනබලවේගය පක්ෂය යටතේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනු ලැබීමට පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලය ගනු ලැබුවේද රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ සහයෙනි.

ඉල්ලා අස්නොවුනොත් : සුරේන් ශ්‍රීලනිපයෙන් දොට්ට !

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් ද රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී ඇත.

ඒ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

සුරේන් රාඝවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පත්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි.

මේ අතර ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ , පසුගියදා රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ට අත්වූ ඉරණම සුරේන් රාඝවන් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ඔහුද රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමක් සිදුනොකළහොත් පක්ෂයෙන් ඉවත් කිරීම අනිවාර්යයෙන් සිදුවන බව එම ආරංචි මාර්ග පවසයි.

මේ වන විට සියලු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන ලෙස කටයුතු කිරීමට තීන්දුවක් ගෙන ඇති අතර නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ද ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කර ඇත.

අලුත් කැබිනට් මණ්ඩලය නිසා: පොහොට්ටුව යළිත් පුපුරයි !

අද (18) කැබිනට් මණ්ඩලය පත්කිරීම අවස්ථාවේ රාජපක්ෂ පවුල් කේන්ද්‍රය පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදුකළ බවට, ආණ්ඩුව අභ්‍යන්තරයේ කතා බහක් මතුව ඇත.

ඊට ආසන්න සිදුවීමක් ලෙස වාර්තා වන්නේ පසුගිය සමයේ ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි කැපකිරීමක් සිදුකළ DV චානක මන්ත්‍රීවරයා වැන්නන්ට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ , කුලය සහ නාමල් රාජපක්ෂ ගේ දේශපාලන අනාගතය සැලකිල්ලට ගෙන අමාත්‍ය තනතුරු බෙදා තෝරාගත් පිරිසකට අසාධාරණයක් සිදුකර ඇති බවයි.

DV උපුල් වන චානක මන්ත්‍රීවරයා ගේ පියාටත් පළාත් සභා හැර මහ මැතිවරණයක් වෙනුවෙන් රාජපක්ෂ පවුල අපේක්ෂකත්වය ලබා නොදුන් බවත් එම ආරංචි මාර්ග සිහිපත් කරයි.

පොහොට්ටුව පුපුරයි !

මේ අතර හෙට(19) ආණ්ඩුවේ දැනට ස්වාධිනව සිටින 41ක මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමට අමතරව අද දිනයේදී ඇමැතිකම් නොලැබුණු තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ස්වාධින වීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

මේ පිළිබද දැනටමත් හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකුම සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත.

අද දිනයේදී කතානායකවරයා මුණගැසුණු වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේමජයන්ත ඇතුලු ශ්‍රීලනිප කණ්ඩායම ‌දැනුම් දී තිබුණේ විපක්ෂයේ අසුන් ගැනීමට තම කණ්ඩායම තීරණය කොට ඇති බවය.

 

පොහොර වැඩේදී IMF ගමනේදී වැරදුණා : ජනාධිපති පිළිගනියි !

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) පිළිගෙන ඇත.

ඒ අද සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අවස්ථාවේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී පවසා ඇත.

එසේම ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ජනාධිපති පවසා තිබේ.

රජයෙන් අතපසුවීම් සිදුවූ බවත් එම අතපසුවීම් නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට තමා සූදානම් බවත් වැඩිදුරටත් ජනාධිපති පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් සාකච්ඡා කර සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ඇමැති තනතුරු වරප්‍රසාද නොව විශාල වගකීමක්වන හෙයින් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකර අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැප වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් ද කළේය.

විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලංසු නියම වෙයි !

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු පවසා සිටියේ රුපියල්වල වටිනාකම දිනපතා අඩු වන නිසා එම මුදල් ලබාදෙන්නේ ඩොලර් වලින් බවත් ඒ සදහා ආණ්ඩුවේ නායකයන් සතුව ඩොලර් ඇති බවය.

ආණ්ඩුවේ බලය තහවුරු කරගැ සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීවරුනට ඩොලර් ගෙවමින් බිලිබා ගැනීමේ ක්‍රියාවලියක් දියත් ව ඇතැයි ද මන්ත්‍රීවරයා සදහන් කලේය.

අලුත් කැබිනට් එක: අරගලකරුවන් ප්‍රතිකේෂ්ප කරයි !

කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති පොදුජන අරගලය හමුවේ, ඉල්ලා අස්වූ පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය වෙනුවට, අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීම , අද (18) සිදුවිය.

මේ සම්බන්ධයෙන් අරගල බිමේ සිටින අප වාර්තාකරුවන් පවසන්නේ, ජනාධිපති ගේ මේ තීන්දුව පොදුජන අරගලකරුවන් ප්‍රතිකේෂ්ප කරන බවයි.

මේ ක්‍රියාව, ජනාධිපති සිය අත්තනෝමතික බව නැවත තහවුරු කිරීමක් බවත් අර්බුදය විසඳීමට අවම සංවේදී බවක් මෙහි නොමැති බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

අද සිදුකළ, කැබිනට් සංශෝධනයෙන් පසුව අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ , පවතින අර්බුදකාරී තත්වය, ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක්, බවයි.

නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්ථාව ලැබී ඇති බවත්, ඒ සදහා උපකාර කරන්නැයි, තරුණයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති පැවසීය.

එසේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි, තමා දැන් සිතන නිසා , ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව මෙන්ම , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට , මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ය.

ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට, අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා, පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ජනාධිපති නව කැබිනට් මණ්ඩලය අමතමින් පවසා සිටියේ ය.

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පැනවූ විදෙස් ගමන් තහනම මැයි මස 02 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඔහුට මැයි මස දෙවැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (18) නැවත සිතාසි ද නිකුත් කෙරිණ.

ඒ ඔහු ඉකුත් හත්වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ සිතාසි අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එසේ නැවත සිතාසි නිකුත් කෙරිණ.

අජිත් නිවාඩ් කබ්රාල්ට අධිකරණය මගින් සිතාසි නිකුත් කරනු ලැබුවේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ වකවානුව තුළ භාණ්ඩාගාර බිල්පත් සිය සමීපතයන්ට අලෙවි කරමින් රජයට පාඩු සිදු කළ බවට වූ පැමිණිල්ලකට අදාළවයි.

චෝදනා 6 ක් මත හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්  ඉදිරිපත් කළ මෙම පෞද්ගලික පැමිණිල්ල සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල  අධිකරණය හමුවේ අද පෙනී සිටින ලෙස දන්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඉකුත් 07 වැනිදා සිතාසි නිකුත් කෙරිණ.

තවද එදින පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේ ය.

 

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ සිදුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි.

නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු පමණ පත් කර ඇති අතර ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් පත් කර තිබේ.

දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.

1- දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
2- රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
3- චන්න ජයසුමන – සෞඛ්‍ය
4- ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
5- කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
6- දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
7- කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
8-ඩග්ලස් දේවානන්ද – ධීවර
9-ප්‍රසන්න රණතුංග – මහජන ආරක්‍ෂක, සංචාරක
10- විදුර වික්‍රමනායක – කම්කරු
11-ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
12-මොහාන්ද සිල්වා – ජල සම්පාදන
13-විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
14-තේනුක විදානගමගේ – ක්‍රීඩා හා තරුණ කටයුතු
15-නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
16-නසීර් අහමඩ් – පරිසර
17-ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක

අරගලය එහිම හැඩවලින් අලුත් වෙයි !

#GoHomeGota අරගලය අද (17) තවත් විචිත්‍රවත් කෙරෙමින් ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය projecter mapping ආකාරයට ත්‍රිමාණ ආලෝක ධාරාවන්ගෙන් ආලෝකමත් කිරීමට අරගලයේ නිරත පිරිසක් කටයුතු කළහ.

මිනිත්තු කිහිපයකට පසුව විශේෂ ආවරණයක් යොදාගෙන ආරක්ෂක අංශ බාධා කිරීම හමුවේ නවත්වනු ලැබුවත් එය මෙරට අරගල ඉතිහාසයේ විචිත්‍රවත් විරෝධතාවක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

FB IMG 1650210553911

FB IMG 1650210549533

IMG 20220409 WA0021

IMG 20220417 WA0044

IMG 20220417 WA0045

IMG 20220417 WA0047

IMG 20220417 WA0048

IMG 20220417 WA0049

(ජායාරූප සමාජ මාධ්‍ය වෙතිනි)

 

අර්බුදයෙන් ගැලවෙන්න : පරිපාලන සේවා සංගමයේ විසඳුම් සූදානම් !

වර්තමානයේ සෑම ක්ශේත්‍රයක්ම කඩා වැටෙමින් රට මුහුණ පා තිබෙන දැඩි අස්ථාවරත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් සකස් කළ නව යෝජනාවලිය හෙට (18) දිනයේදී ජනගත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මේ සම්බන්ධයෙන් වන සමාරම්භක වැඩසටහන හෙට දින පෙ.ව. 12.00 ට කොළඹ 07, ‘මහවැලි කේන්ද්‍රය’ හිදී පැවැත්වීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු යොදා ඇත.

පවතින තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා කඩිනම්, විධිමත් සහ ශක්තිමත් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

විවිධ විෂය ක්ෂේත්‍රවල පළපුරුද්ද සහ ප්‍රවීණත්වය ඇති ශ්‍රීලනිප නිලධාරීන්ගේ දායකත්වයෙන් සසා විසින් මේ සම්බන්ධයෙන් හදිසි යෝජනා මාලාවක් සකස් කර ඇත.

ආගමික නායකයින්, සිවිල් සංවිධාන, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරහා මෙම යෝජනා සාමාන්‍ය ජනතාව අතර ප්‍රචාරය කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම සංගමය විසින් තීරණය කර ඇත.

සීනි බදු වංචාවෙන් අහිමිවූ මුදල් නැවත ගන්න : විගණන කොමිසමේ නිර්දේශයක් !

වත්මන් ආණ්ඩුව යටතේ සිදුවූ කුප්‍රකට සීනි බදු වංචාව සම්බන්ධයෙන් තීරණාත්මක විගණන නිර්දේශයක් නිකුත්ව ඇත.

ජාතික විගණන කොමිසම නිකුත්කළ මේ නිර්දේශය වී ඇත්තේ සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමිවූ බදු ආදායම එහි වාසිය ලබාගත් පාර්ශ්වයන්ගෙන් නැවත අයකර ගන්නා ලෙසයි.

විගණන කොමිසම මෙම නිර්දේශය කර ඇත්තේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩු කිරිමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යයනය කිරිම සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාලවය.

2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරිමට රජය පියවර ගත්තේය.

මෙම විගණනයෙදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763 ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

අදාල කෙටි කාලසීමාව තුළ පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදීගෙන අඩු මිලට අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා කර තිබේ.

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තොබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් පිරමිඩ් විල්මා ආයතනයේ සිනි ආනයනය සියයට 1,222 කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවය.

මෙලෙස සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපෙක්ෂා කළ පාරිභෝගික සහන සැලසිමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසියක් උදාකර ගෙන ඇතැයි විගණන කාර්යාලය තවදුරටත් අනාවරණය කර තිබේ.

විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපෙක්ෂව එම වාසිය පාරිභෝගිකයින් වෙත විතැන් නොකර තමන් අත රඳවා ගත් පාර්ශව නිසි පරිදි හඳුනාගෙන එම ආර්ථික වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීමත්, එසේ නොමැතිනම් රජය කැප කළ බදු අදායම තමන් වෙත රඳවා ගත් පාර්ශව වලින් යළි රජයට ලබා ගැනිමේ හැකියාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවය.

(මූලාශ්‍රය - news 1st )

ගෝඨාගෝගම ගාලු ශාඛාව කැඩීම : පූර්ණ විමර්ශනයකට නියෝග !

කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ආශ්‍රිතව ඇරඹි අඛණ්ඩ විරෝධතාවය වූ "ගෝඨාගෝගම" ට සහය දෙමින් ගාල්ලේ ඇරඹි "ගෝඨාගෝගම ගාළු ශාඛාව " ට පොලීසිය කඩාපැන අට්ටාලය ඉවත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් නියමකර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මේ නියෝගය නිකුත්කර තිබේ.

මේ අතර සාමකාමී විරෝධතා නීතිවිරෝධී ආකාරයට මර්දනය කරමින් පාලකයන් වෙතින් ලකුණු රැස්කරන්න කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව පෞද්ගලිකව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කෙරෙන රැල්ලක් සමාජ මාධ්‍ය හරහා නිර්මාණය වෙමින් පවතී.

සාකච්ඡා කරලා ගේමු : විශ්වාසභංගයට ශ්‍රීලනිපයෙන් කොළ එළියක් !

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා අත්සන් කිරීමට පෙර එම යෝජනාවට ඇතුළත් කෙරෙන කරුණු පිළිබඳව පක්ෂ සමඟ සාකච්ඡා කළයුතු වන බව ශ්‍රී ලංකා මානව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එසේ නොමැතිව හිස් කොළවලට අත්සන් තැබීමට සූදානමක් නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ අදහස් විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බවය.

රටේ ජනතාව ඇමති මණ්ඩල මෙලෙස පත් කිරීම පිළිනොගන්නා බවද ඔහු සඳහන් කර ඇත.

සජබ විශ්වාසභංගයට හොඳ අවස්ථාවක් !

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජනබලවේගය ට මෙහිදී හොඳ අවස්ථාවක් හිමිව ඇත.

ඒ මහ ලේකම් ගේ මේ විවෘත අදහස් දැක්වීම පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාව වෙත ශ්‍රීලනිප ඇතුළු ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සහය ගැනීමට ය.

Page 271 of 392