විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කිරීම අද (23) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අයගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වෙවිද්යාලයීය උද්‍යාන පාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

