වසර ගණනාවක් පුරා ආදිවාසී ජනතාව විසින් පරිහරණය කරන ලද වන ඉඩම් සහ කැලෑ ප්‍රදේශ නැවත ඔවුන් ගේ භාවිතය සඳහා ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇත.
වැදි ජනයාගේ නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද CA Writ 70/21 නඩුවේ දී මෙම තීරණය අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. මෙම නඩුව ගොනු කර තිබුණේ ආදිවාසී ජනතාව පරම්පරා ගණනාවක් පුරා භාවිත කළ පොල්ලෙබැද්ද සහ ඒ ආශ්‍රිත “ගල්වලයාය” රක්ෂිතයේ ඉඩම් විවිධ සමාගම් වෙත ලබාදීම හේතුවෙන් ඔවුන් ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙන්වා දෙමිනි.2021 සිට ආරම්භ වූ මෙම නීතිමය සහ සමාජීය අරගලය 2026 වන විට වැදගත් ප්‍රතිඵලයක් ලබාගෙන ඇත.
ස්වභාවධර්මය සමග එකී ජීවන රටාව ආරක්ෂා කරමින් ආදිවාසී ජනතාවට නැවත ඔවුන්ගේ භූමිය භුක්ති විඳීමට අවස්ථාව උදා වී තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ ආදිවාසී ජනතාව තවදුරටත් ඉල්ලා සිටින්නේ:
- වගකිවයුතු පාර්ශවවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම,
- විනාශ වූ වන වගා නැවත ප්‍රතිස්ථාපනය කිරීම,
- ආදිවාසී ජනතාව ගේ අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
මෙය පරිසරය, සංස්කෘතිය සහ මානව අයිතිවාසිකම් එකට රැකගැනීමේ වැදගත් පියවරකි.