විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කිරීම අද (23) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අයගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වෙවිද්යාලයීය උද්‍යාන පාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බරපතළ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම අසමත්ව ඇති බවත්: ඖෂධ හිඟය, උපකරණ හිඟය, රෝහල් පහසුකම් සපයාදීමට රජය වෙත සිදුකළ ඉල්ලීම් රැසක් කළ කළ ද වෛද්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡා පැවැත්වීම හෝ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇහුම්කම්දිමක් හෝ අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදු නොවුණ බව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මෙරට කාන්තා පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා සිදුකිරීම සඳහා භාවිත කරනු ලබන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් ඊට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.
වෙස්ට්මිනිස්ටර් ක්‍රමවේදය තුළ ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාත්මක වන විට Green paper එකක් සකස් වී එය White paper එකක් ලෙස ඉදිරියට ගොස් මෙහි නිගමන හරහා ප්‍රතිපත්ති සම්පාදනය ඉදිරියට ක්‍රියාත්මක වන නමුත් අප රටේ අධ්‍යාපනය අද පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකට සීමා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැගීමට සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුවීම පිළිබඳව කණගාටු වන බවත්, එහෙත් හිටපු මැති ඇමතිවරුන් සහ ඔවුන් අතරින් ඇතැමෙකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන් මානුෂීය හැඟීමෙන් ඉල්ලීමක් කිරීමට ඇති බවත් හිටපු කතානායක කරූ ජයසූරිය සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
