Image

රුපියල් 100ක අල්ලසක් ගත්තැයි ටයිම් කීපර් රිමාන්ඩ්!

රුපියල් 100ක අල්ලසක් ගත්තැයි ටයිම් කීපර් රිමාන්ඩ්!

රුපියල් 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්  වේලාසටහන් නිලධාරියෙකු (Time keeper) ලබන 27දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (21) නියෝග කළේය.

සිද්ධියට අදාළව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු ඊයේ (20) රද්දොළුගම බස් නැවතුම්පළ තුළ පිහිටි සේවා සටහන්කරුගේ කුටිය තුළදී අත්අඩංගුවට ගත් බවත්, මගී බස් රථයක ගමන් වාරයක් නිසි පරිදි ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීම සහ වාසිදායක අන්දමින් එය පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් 100 ක අල්ලසක් ඉල්ලා ලබාගනීම හේතුවෙන් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ වේලාසටහන් නිලධාරියෙක් බව ද නිළධාරීන් අධිකරණයට පවසා සිටියා.

තවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අදාළ අල්ලස් මුදල සමඟ අත්අඩංගුවට ගත් බව නිළධාරීන් තවදුරටත් පැවසූවා.

අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල කල පැමිණිලිකරු සේවය කරන බස් රථය මාර්ග අංක 188 යටතේ රද්දොළුගම සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව තිබු බවත්, නියමිත වේලාවට ගමන් වාරය ආරම්භ නොකර ප්‍රමාද වී එය ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීම සහ ඊට වාසිදායක පසුබිමක් සකස් කර දීම සඳහා සැකකරු විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි දන්වා සිටියේ.

මෙවැනි ආකාරයට තවත් අල්ලස් ලබා ගෙන ඇත්දැයි සොයා බැලීමට අවශ්‍ය බැවින් විමර්ශන අවසන් වන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 27දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න