දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 1500කට ආසන්න පිරිසක් බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අමාත්යවරයා මේ බව පැවැසුවේ මන්ත්රී රෝහිත අබේගුණවර්ධන යොමුකළ ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
එමෙන්ම, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 421 දෙනෙකු බන්ධනාගාර තුළ සිටින බවද අමාත්යවරයා පැවසීය.
අමාත්ය හර්ෂණ නානායක්කාර පැවැසූ දත්ත මෙසේයි.
“සිරකරුවන් සංඛ්යාව 10,611යි.
සැකකරුවන් සංඛ්යාව 28,408යි.
සිරකරුවන් ප්රමාණය වයස් පරතරය අනුව,
20-30 අතර 2,160යි.
30-40ත් අතර 3,423යි.
40-50ත් අතර, 2,860යි.
50-60ත් අතර 1,561යි.
60-70ත් අතර 601යි.
70-80ත් අතර, 150යි.
80ට වැඩි 11යි.
දඩ ගෙවීමට ඇති සිරකරුවන් 1,454යි.
10,000ත් 15,000ත් අතර දඩ ගෙවාගන්න බැරිව 421ක් ඉන්නවා.
15,000ත් 25,000ත් අතර දඩ ගෙවාගන්න බැරිව 220ක් ඉන්නවා.
25,000ත් 50,000ත් අතර දඩ ගෙවාගන්න බැරිව 361යි.
50,000ත් 100,000ත් අතර දඩ ගෙවාගන්න බැරිව 245යි.
ලක්ෂයට වැඩි දඩ ගෙවාගන්න බැරිව 207යි.
සමස්ථ එකතුව 1,454යි."යනුවෙන් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
