රටේ විදුලි පද්ධතිය ස්ථාපනය කළ දා සිට මේ වන තුරු ස්වභාවික ආපදා තත්ත්ව හේතුවෙන් විදුලි යටිතල පහසුම්වලට සිදුවූ බරපතළ ම බිඳ වැටීම දිත්වා සුළි කුණාටුව නිසා සිදුවූ බවත්, එහෙත් බිඳ වැටුණු සියලු ම යටිතල පහසුකම් පෙර පැවති තත්ත්වයටත් වඩා ඉහළින් සහ ශක්තිමත්ව යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා යළි විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
2012 වසරේදී ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 184ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කරන ලද නඩුව නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ කොමිසම ඊයේ (10) දැනුම් දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
