බන්ධනාගාර ගතව සිටින දැඩි මානසික රෝගී ඇති ධාමාරිකයින් 30ක් පාලනයට සිටින්නේ එක් නිලධාරියෙක් පමණක් බව බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
රටේ ළමුන් දහයකට එක ගුරුවරයෙක් සිටින බවත් බන්ධනාගාරයේ මෙවැනි කනගාටුදායක තත්ත්වයක් තිබෙන බවත් මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ (සී ආර් පී) රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින තුන්දහසකට නිලධාරීන් සිටින්නේ එකසිය පනහක් බවයි.
"අලි බලාගන්න ලේසියි, හැබැයි මිනිස්සු බලාගන්න හරි අමාරුයි, මේක අමාරු තැනක්" යයි මන්ත්රීවරයා පැවසීය.
ඔහු පැවසුවේ බන්ධනාගාර නියාමකින් පැය 24 වැඩ කරන නමුත් හරි හමන් වැටුපක් හෝ වාහනයක් ඔවුන්ට නොමැති බවයි.
උදාහරණයක් ලෙස තමාත් නාමල් මන්ත්රීවරයත් ගේන්න විශාල බස් රථයක් දෙන බවත් මේවට පොඩි පොඩි වාහන ටිකක් ගත්තේ නම් වඩාත් සුදුසු නොවේදැයි මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රශ්න කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
