පාර්ලිමේන්තුව රැස්වී රු. බි. 500 කට වැඩි ප්රමාණයක් දිට්වා කුණාටුවෙන් විපතට පත් ජනතාවට සේම යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කර ගත් නමුත් මේ මුදල් ජනතාව අතරට ගෙන යාමේ දී මූල්ය හා භෞතික ප්රගතිය දුර්වල මට්ටමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස අද(22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
සහන ලබා දීමේ ප්රගතිය 50%, 25% ආදී අඩු ප්රතිශත ඇති බවත් විදේශ ආයෝජනවලින් ලැබුණු ආධාර ලෙස ද ලැබි ඇත්තේ අඩු ප්රමාණයක් නිසා එයට රජය හේතු ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ආපදා කළමනාකරණයට නව පනතක් සහ ව්යුහයක්
ගෝලීය දේශගුණික කාලගුණික විපර්යාසවලට නොසිතූ ලෙස මුහුණ දෙන්න ඇති නිසා දැනට ඇති යාන්ත්රණය හා වැඩපිළිවෙළ අණපනත් ආදිය සියල්ල යල්පැනගොස් ඇති නිසා මේ විවිධ විපර්යාසයන් හා ව්යවසනයන්ට මුහුණ දීමට ආපදා කළමනාකරණය සඳහා නව පනතක් සේම ව්යුහයක් අවශ්ය බවත්, ව්යවසනයක් සිදුවූ පසු ප්රතිචාර දක්වනවාට වඩා ඊට පෙර බලපැම් අවම කිරීමේ නව ව්යුහයකට අණපනත්වලට යාමට රජයේ සූදානම දැන ගැනීමට කැමති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
