පුවත්

රවී නිවැරදියි : යළිත් තහවුරුයි !
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට එරෙහි නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නීතිපතිවරයාට නියෝග කළේය.
ඒ අදාළ නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබු අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බව ප්‍රකාශ කළේය.
එහිදී අදාළ තීන්දුවේ පිටපතක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණු අතර එය පරීක්ෂාවට ලක්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය විසින් කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කර ඇති නිසා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා තීන්දුවක් ගත යුතු බවයි.
සභාපති විනිසුරු දමිත් තොටවත්ත ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය තීන්දුව පිරික්සීමේදී කරුණානායක මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යා නොහැකි ආකාරයක් පෙනී යන්නේ යැයි ද සඳහන් කර සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව කියා සිටියේය.
මෙම කරුණට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීමක් සිදුකළේය.
එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නඩුව අප්‍රේල් මස 27 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළ අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කෙරිණ.

චීන රජයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිල ඇඳුම් රෙදි පරිත්‍යාගයක් !
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත භාර දෙනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා එම පරිත්‍යාගය නිරික්ෂණය කිරීමට ද එක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරටත් පැරදුණු සජිත් "චව්චව්" ට ඇඳලා !
සදොස් සිතකට දොස් නගන්න අලුතෙන් චෝදකයකු අවශ්‍ය නැතැයි කියමනක් ඇත. එක්සත් ජාතික පක්ෂය පුපුරවාගෙන සජිත් පස්සේ වැටුණු බොහෝ දෙනෙකුත් අද අත්විඳිමින් සිටින්නේ එවැනි තත්වයක් ය. ඒ "රනිල් එක්ක බෑ" කියා ගියාට , රනිල් නැතුව අනාගතයක් නොමැති බව දැන් හොඳටම තහවුරුව ඇති නිසාය.
රනිල් විසින් හඳුන්වාදුන් මුජිබර් වැනි බිම්මට්ටමේ ක්‍රියාකාරී තරුණ දේශපාලන නායකයන් නන්නත්තාරය. ආර්ථිකය සම්බන්ධව ඔස්තාද්ලා ලෙස රනිල්ගේ පහසුකම් ඇතිව ඉහළට පැමිණි හර්ෂලා විහිළුකාරයන් බවට පත්ව ඇත. එරාන්ලා දේශපාලන පෙතේ පැත්තකට දමා බ්ලාන්ස් යවා ඇත. ආර්ථිකය සම්බන්ධව සැළකිය යුතු ප්‍රාමාණිකත්වයක් සහිත කබීර් වැනි ජේෂ්ඨයන් පවා වැදගැම්මකට නැත්තන් සේ සලකා පැත්තකට දමා ඇත. රට ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයට මුහුණදී එයින් ගොඩ ඒමට උත්සාහ දරන පසුබිමේ, හරි නම් විපක්ෂයේ දේශපාලන කරළියේ මුල් පෙළ සකස් විය තිබුණේ මේ උදවිය ගෙන්ය. නමුත් ඒ වෙනුවට සජබ කරළිය ඉඩවෙන්කර ඇත්තේ ජවිපෙ පන්නයේ කඩාකප්පල්කාරී අදහස් දරන, දියුණු මතවාද, විසඳුම් යෝජනා සමඟ අභිමුඛ වන දේශපාලනයක් වෙනුවට සියල්ල මඩින් ගොඩදාන්න වෙරදරන කිහිපදෙනෙකු වෙනුවෙන්ය. නැතිනම් නොම්මර එකේ මඩකරියන් කිහිපදෙනෙකු මේ අවස්ථාවේ සජබ වේදිකාවට නංවා ඇතැයි කිව්වාද වැරදි නැත. දැන් ඉතිං වැදගත්කමක් ඇති සජබ දේශපාලන නායකයන් අත්දැකීමෙන් ඉගෙන ගනිමින් සිටින පාඩම නම්, "හොඳින් පාවිච්චි කළ පැරණි කරත්තය නොසැලකිල්ලෙන් පාවිච්චි කළ අලුත් කරත්තයට වඩා කල් පවතින" බවය.
කොහොමටත් සජිත් කියන්නේ නායකත්ව ලක්ෂණ නිසා හෝ දක්ෂතාව, දැනුම , බුද්ධිය මත දේශපාලන පෙතේ ඉදිරියට පැමිණි අයෙක් නොවේය. ඔහුට තිබු එකම සුදුසුකම නම් ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිගේ පුතා වීමය. නැත්නම් එහිම කොටසක් වූ උපන් ගෙයි හීනමාය ය. රනිල් සමඟ සපත්නිරෝෂයෙන් පෙළුණු කිහිපදෙනෙකු විසින්ය සජිත් එජාපය තුළ විකල්පය ලෙස ගොඩනැගුවේද එය ප්‍රයෝජනයට අරගෙනය. ඊට අවශ්‍යම වූ මතවාදී අඩුවැඩිය ලැබුණේ උතුරේ යුද්දය නිසා දකුණේ ඇතිවූ රැල්ල හරහාය. ඊට "රාජපක්ෂවාදය" කිව්වාටද වරදක් නැත. දකුණ තුළ මේ රාජපක්ෂවාදය කොතරම් ඉහළට එසවුනාද කිව්වොත් , ජාතිකවාදයේ කොඩිය දේශපාලනය කරගන්න සිටි චම්පිකලා, විමල්ලාට පවා රාජපක්ෂ කඳවුරෙන් පිට පැවැත්මක් තිබුණේ නැත. එසේම සමාජවාදී සමාජ විප්ලවය වෙනුවෙන් ජාතික විමුක්ති අරගලයක් දියත් කිරීමට අගිස්සවූ ජනතා විමුක්ති පෙරමුණට පවා, සිය දේශප්‍රේමය තහවුරු කරන්නට නම් රාජපක්ෂ කඳවුර තුළට අඩිය තියලාම පෙන්වන්න සිදුවිය.
එදා ඒ රැල්ලේ පීඩනය එක්සත් ජාතික පක්ෂයටද නොදැණුනා නොවේය. "අපිත් දේශප්‍රේමී, ජාතිවාදී ලයින් එකට නොගියොත් මෙදා පොටේ බලය ගන්න වෙන්නේ නෑ" වැනි යෝජනා ඒ කාලයේ එජාපය ඇතුළේ සිටි ඇතැමුන් රනිල් වික්‍රමසිංහ නායකයාට යෝජනා කළේද ඒ අනුවය. එහෙත් රනිල් ඒ ජනප්‍රියවාදී ප්‍රවණතා ප්‍රතික්ෂේප කර සිටියේය. එපමණක් නොව පක්ෂය ඒ වෙත ඇදී යන්නට ඉඩනොදෙන බාධාව බවටද පත්ව සිටියේය. ඒ රැල්ලක් ලෙස නැගුනු රාජපක්ෂ වාදයට වසඟ වුණොත් විය හැකි දේ සම්බන්ධයෙන් දැක්මක් අවබෝධයක් රනිල්ට තිබුණු නිසාය. එසේම කවදත් නායකයකු ලෙස රටේ ජාතික අභිලාශ වෙනුවෙන් මිස , බලය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කිරීම නිවැරදි නොවන බවට මතයේ තරයේම සිටි නිසාය.
එහෙත් කාලෙන් කාලෙට එන රැලි වලට ඇති කරගන්නා වසඟ නැතිකරලීමත් එහෙම පහසු නැත. එජාපයේ සමහරුත් තමන්ගේ කඳවුරටත් රෙද්ද බැනියම අඳින , මහින්ද වගේ අතවනන , දුවන පනින, සෙල්ලම් කරන, නායකයෙක් ඕන කියා පක්ෂ අභ්‍යන්තරයේ කැරළි ගහන්න ගත්තේ අන්න ඒ වසඟය නිසාය. ඒ සඳහා කැරළිකාර කණ්ඩායම් වල තෝරාගැනීම වූයේද වසඟය විසින් හසුරවිය හැකි, වසඟයට පහසුවෙන් අවනත වන ආකාරයේ නායකයෙක්ය. සැබවින්ම එදා එජාපය තුළ එවැන්නෙක් සිටි අතර ඒ සජිත් ප්‍රේමදාස ය.
සිරිකොත වටලා ගල් ගසා තර්ජනය කරන තැනට එදා රාජපක්ෂවාදයේ එජාප වසඟය පත්ව සිටියත් රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය වෙනස් කළේ නැත. ඒ වෙනුවට රනිල් එදා පක්ෂයට ලබාදුන් පණිවිඩය වූයේ "2014 වෙනකොට බලය ගන්න ලෑස්ති වෙන්න" කියාය. එහි ප්‍රතිඵලය වූයේ 2015 දී රාජපක්ෂ ආණ්ඩුව පෙරළා , විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකිවීමය. අමතක නොකළ යුතුම කරුණ වන්නේ සජිත්ලා මෙන්ම අද සජබය නියෝජනය කරන බහුතරයක් එදා අමාත්‍යවරුන් ලෙස නිදහසේ සෙල්ලම් දැමුවේ රනිල් හදාදුන් පිටියේ බවය.
වසඟය කියන්නේ එහෙම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් තත්වයක් නොවන නිසා 2019 පරාජයෙන් පසුව යහපාලන ජයග්‍රහණය කණපිට හැරවූයේ කවුද යන්න ගැන නිවැරදි දේශපාලන කියවීමකට යාමටද ඔවුන්ට නොහැකි විය. එහි අවසන් ප්‍රතිඵලය වුයේ සජිත්ලා පක්ෂය කඩාගෙන අලුත් පක්ෂයක් අටවා ගැනීමය. ඒ ගිය කාගේත් තක්සේරුව වූයේ රනිල්ගේ ප්‍රතිපත්ති සමඟ අතුරේ යන දේශපාලනයට වඩා වසඟය සමඟ යන සජිත්ගේ ගමන සුවදායි වනු ඇති බවය.
කොහොම නමුත් වසඟයේ තරම සජිත් පස්සේ වැටුණු උදවිය අත්දැකීමෙන් ඉගෙන ගන්නේ එතැන් සිටය. සජිත් මෙන්ම එජාපය බිඳගෙන යන්න යෝජනා කළ උපදේශක බානත් නොදැන සිටියේ, "ඔරිජිනල්" ඇති විට ඒ අගයන කවුරුත් "ඩුබ්ලිකෙට්" පස්සේ වැටෙන්නේ නැති බවය. ඒ නිසා සිදුවුණේ "වෙන්ඩ මහින්ද" වෙන්න ගිය සජිත්ට මහින්දට පමණක් නොව මහින්දගේ මල්ලි හමුවේත් අන්ත පරාජයක් ලැබීමය. රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත් සමඟ සජබ හරහා බලය ගැනීමක් තබා සජිත් විපක්ෂ නායක ලෙස තහවුරුවක් ගැනීමට තරම් නොහැකිව කඩාවැටෙන අන්දමය. කොරෝනා වසංගතය අවස්ථාවේ කැඳවුණු සර්ව පාක්ෂික සමුළු අවස්ථාවේ සජිත්ගේ හැසිරීම සිහිකර ගැනීම ඊට හොඳටම ප්‍රමාණවත්ය.
කෙසේ හෝ වේවා, ඩුබ්ලිකෙට් මහින්ද ලෙස සජිත් , මහින්දට වඩා රාජපක්ෂවාදයට වැටෙන්න ගොස් අවසානයේ රාජපක්ෂ ග්‍රවුන්ඩ් එකේ හතර අතේ ඇන ගත්තා පමණක් නොව පාර්ලිමේන්තුව තුළත් එයින් පිටත් එකසේ විහිළුවටද ලක්විය. අවම වශයෙන් අරගලය අවස්ථාවේ බලය ගැනීම සඳහා ඉදිරිපත්වීමට තරම්වත් ධෛර්යයක් ඔහුට තිබුනේ නැත. පසුව ජනාධිපති තෝරාගැනීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ජන්ද විමසීම වෙනුවෙන් විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටවත් අවස්ථාව හෝ ඔහුට ලැබුණේ නැත. ඒ විපක්ෂය තුළ සජිත්ට ලැබුණු තැනය. රැල්ලේ නායකත්වය ගන්න ඩුප්ලිකේට් වෙන්න ගිහින් සජිත් වැටුණු තැන එහෙමය.
නමුත් මේ සියල්ල ඉදිරියේද රනිල් වෙනස් වුණේ නැත. 2020 ආරම්භයේ සිදුකළ බදු සංශෝධනය ඇතුළු වැරදි ජනප්‍රිය ආර්ථික ක්‍රියාමාර්ග හමුවේ රටේ ආර්ථික අර්බුදය උත්සන්න වන ලකුණු පෙන්වන පළමු අවස්ථාවේම රනිල් කිව්වේ , වහාම IMF වෙත ගිහින් විසඳුමක් ලබාගන්නා ලෙසය. අධික ලෙස මුදල් මුද්‍රණය කළහොත් රටේ අධි උද්ධමනයක් ඇතිවීමේ අනතුරක් එයි කියාය. රනිල් එසේ කියන විට සජිත් කිව්වේ, අන්න රනිල් රාජපක්ෂලාගේ උපදේශකයා වෙලා කියාය. නමුත් ඒ මොහොතේ රනිල් දුටු දේ සජිත් කොහොම නම් දකින්නද ? ඉංග්‍රීසි භාෂාවේ තිබෙන බරපතළම වචන ටික කටපාඩම් කරගෙන සජිත් වහගන්න ප්‍රයත්න දරන්නේද ඒ සිදුරය. එහෙත් වහන්න වහන්න සිදුවන්නේ යලිත් ඒ සිදුර වැඩි ගැඹුරකින් විශාලත්වයකින් මතුවීමය.
සජිත් කෝචෝක් දැම්මට රනිල් කියපු ලෙසටම ආර්ථික අර්බුදය උග්‍රව පැමිණියේය. ඒද එසේ මෙසේ ආකාරයකට නොව ඉතිහාසයේ රට මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය වශයෙන්ය. එහිදී අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් කියන්න ධෛර්යය තිබුණේ රනිල්ට විතරය. ඔහු විසඳුම කිව්වා පමණක් නොව එය ක්‍රියාවට නගන ආකාරයද කිව්වේය. රනිල් කියන අර්බුදය විසඳන පාර, ඊට ඇති "හරිම පාර" බව මේ වන විට රාජපක්ෂ කඳවුර පවා පිළිගෙන හමාරය. එතැනින් නොනැවතුණු එම කඳවුරේ බහුතරය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ඇදහිය නොහැකි දායකත්වයක්ද සපයමින් ඇත.
නමුත් මේ සහය සෑම ආකාරයකින්ම ලබාදීමට හැකි ආසන්නම පිරිසක් සජබ තුළත් ඇත. නමුත් එතරම් දියුණු දේශපාලන පියවරක් තබන තැනක කවුරු හිටියත් සජිත් නැත. සජිත් ගේ දේශපාලන විශ්වාසය ඇත්තේ රැල්ලට එන වසඟය තුළය. ඒ එනිසා රාජපක්ෂවාදය තුළ ගොඩයන්න හිතාගෙන "වෙන්ඩ මහින්ද" වෙන්න ගොස් හතර අතේ ඇනගත් සජිත්, දැන් මාලිමා රැල්ලට වසඟව ඇත. ඒ හමුවේ දැන් සජිත් ගේ විශ්වාසය "වෙන්ඩ අනුර" ය.
ඒ නිසා දැන් සජිත්ගේ වැඩ සියල්ල ජවිපෙ වගේමය. ආණ්ඩුව කරන සියල්ලට විරුද්ධය. ඕනෑම හොඳ වැඩක නරක අංශුවක් දැක්කත් හොඳක් නම් දකින්නේම නැත. එසේම කිසිම ප්‍රශ්නයක් සම්බන්ධව විසඳුමක් හෝ විකල්පයක් කියන්නේද නැත. කොයි වැඩෙත් කඩාකප්පල් කරන එක, දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත්කරගෙනය.
සජිත් ජවිපෙ මාලිමාවට කොතරම් වසඟ වෙලාද කියතොත් උත්සාහ ගන්නේම ජවිපෙටත් වඩා ඒ පිටියේ ගැඹුරට බහින්නටය. තත්ත්වය කොතරම් අසාධ්‍ය දැයි කිවහොත් සජිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා ප්‍රසිද්ධියේ සත්තම් දාන තැනට වැටී ඇත. ඒ මේ ආණ්ඩුව එක්ක ගහන ගිවිසුම් සජබ ආණ්ඩුවකට අදාළ නෑ කියමින්ය. IMF ගනුදෙනුව යන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය සමඟ මිස රනිල්ගේ හෝ වෙන කාගේහෝ ආණ්ඩු සමඟ නොවන බවට වන සරල කරුණ පවා මඟ හැරෙන තැනට සජිත් ගෝත්‍රිකව ඇත. සජිත් ඒ තරමට ගෝත්‍රික තැනකට වැටුනත් මාලිමා වේදිකාවේ කොතැනවත් ජවිපෙ අනුර IMF වලට වචනයක් කියන්නේ නැත. ඒ IMF හැර මේ මොහොතේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආරම්භයක් ගැනීමට වෙනත් විකල්පයක් නැති බවට රනිල් දරන ස්ථාවරය නිවැරදි බවට අනුර ද විශ්වාස කරන නිසාය.
ඒ හමුවේ සජිත් පස්සේ වැටුණු උදවියගේ පමණක් නොව සජිත් ගේ ඉරණම සෝචනීයය. නමුත් කරන්න දෙයක් නැත. සජිත් ඒ රැල්ලටත් වසඟවෙලා හමාරය. ආණ්ඩුව කරන්නේ ඒ සියල්ලට විරුද්ධය. අදහස් , විසඳුම්, මතවාද යෝජනා සමඟ හැපෙනවා වෙනුවට අතින් පයින් වැඩ බේරගන්න , හැප්පෙන තරමට සජිත් මේ වෙනකොට ජේවීපී වෙලා හමාරය. සජිත් මෙතනත් වැරැද්ද ගත්තේ තමන් ඩුප්ලිකේට් වෙලා බැහැලා ඉන්නේ අනුන්ගේ පිටියක බව නොදැන සිටීමය. දොස්තර හොඳ හිත රනිල් වෙද්දී, ඒ පිටියේ දිය රකුස් අනුර ය. දොස්තර හොඳ හිත රනිල් සමඟ හැපෙන දිය රකුස් අනුර හැර වෙන කාටවත් ඒ පිටියේ එකේ සෙල්ලම් දාන්න ඉඩක් නැත. ජවිපෙ කාඩරය ඊට ඉඩ දෙන්නෙත් නැත. ඒ නිසා දැන් සජිත්ට ඉතුරුව ඇත්තේ , දිය රකුස් අනුරට පස්සේ කැපී පෙනෙන චරිතය වීමටය. ඒ "චව්චව් සජිත්" වැන්නෙක් ලෙසය. අනුරටත් වඩා අනුර වෙන්න යන ගමනේ චව්චව් වගේ , "එනවා නානවා යනවා " පන්නයේ වැඩ වැඩිපුර කර හෝ පැවැත්ම තහවුරු කරගන්නය. සජිත් ජවිපෙට වඩා විශාල ලෙස වේදිකා තනවන්නේද , ජවිපෙ එක ජන හමුවක් පවත්වන විට සජිත් ජනහමු දහයක් පවත්වන්නේද , ඒ ස්ථාන සඳහා ජවිපෙට වඩා බස් පුරවා සෙනග අදින්නේද , ජවිපෙ හෙමින් කියන බොරු සද්දෙන් කියන්න සජිත් කටයුතු කරන්නේද ඒ නිසාය. නමුත් ඒ පිටියේ තැන ඇත්තේ අනුරට මිස සජිත්ට නොවේය. ඒ කියන්නේ ඩුබ්ලිකෙට් මහින්ද වෙන්න ගිහින් ඇනගත්ත සජිත් ඩුබ්ලිකෙට් අනුර වෙන්න ගිහින්ද ඇනගනිමින් සිටින බවය.
සජිත්ගේ ඉරණම එසේ ඇඳෙන විට ජනාධිපති ඉන්නේ කොතනද යන්නත් වැදගත්ය. මේ වන විටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදළේ 'විස්තීරණ ණය සහන පැකේජය මෙරටට ලැබීම දැන් තහවුරුව හමාරය. මාර්තු මස අවසානයේ එහි පළමු වාරිකය ලැබෙනු ඇති බව රජයේ අපේක්ෂාවය. ජනාධිපති රනිල් කඩිනමින් ගත් රැඩිකල් , නිර්භීත, නිවැරදි දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා නිසා වසරක් ඇවෑමෙන් හෝ මුල්‍ය අරමුදලේ සහයත් රටේ ආර්ථික නිවැරදි මාර්ගයේ ගමන් කරනවාය කියන අරමුදලේ සහතිකයත් ලබාගැනීමට හැකි විය. ශ්‍රි ලංකාව තරම්වත් ආර්ථික අර්බුදයකට මුහුණ නොදුන් පකිස්ථානය 2019 වසරේ සිටම මුල්‍ය අරමුදලෙ ණය සහනයක්' අපේක්ෂාවෙන් කටයුතු කළත් තවමත් කාර්ය මණ්ඩල මට්ටමෙ හෝ එකඟතාවකට පැමිණිමට නොහැකිව ඇත. ඒ අතර කාලය තුළ ආණ්ඩු පාලන දෙකක් පකිස්ථානයේ බිහි විය.' පාලකයන් වෙනස් වූවා කියා රටවල ප්‍රශ්න විසඳෙන්නේ නැති බව තේරුම් ගන්න පකිස්ථානයේ මේ සිදුවීමත් ප්‍රමාණවත්ය. එය කළ හැක්කේ නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල වල අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි නම් පමණය. මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස එවැනි නිවැරදි ක්‍රමවේදයකට රට ගෙන ගියා පමණක් නොව පැරණි අයහපත් දේ සහමුලින්ම පෙරලා දමා අලූත් පාලන ව්‍යුහයක් සකස් කිරීම සම්බන්ධයෙන් ලෝකයටත් පාඩමක් උගන්වා ඇත.
විපක්ෂ නායක සජිත් රැල්ලේ වසඟයක්ව "චව්චව්" ට අඳින විට, අනාගතයක් නෑ කියූ රනිල්, ජනවරමක් නැතැයි කියූ රනිල්, ජාත්‍යන්තර සහයක් නැතැයි කියූ රනිල්, ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවේ ජනාධිපති ලෙස පත්ව ලෝකයටම ආදර්ශයක් දී ඇත. රනිල් යුගය ඇරඹෙන්නේ එහෙමය.
කුලසිරි ලියනගේ

සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
ඒ , අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩවර්ජනයක නිරත වීමට ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමය තීරණය කර ඇති පසුබිමකදියි.
හෙට සේවයට වාර්තා නොකරන සේවකයින්ගෙන් නිදහසට කරුණු විමසා වාර්තාවක් ලබා දෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී.එස්. ගුණසිංහ මහතා දුම්රිය ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
මේ අතර දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේ ය.

ශ්‍රී ලන්කන් ණය කන්දේ උස මෙන්න !
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 17ක් බවත්, ලීසිං වාරිකය පමණක් ඇමරිකානු ඩොලර් කෝටි අටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකුවලට ඇමරිකානු ඩොලර් කෝටි අසූවක පමණ ණයක් ගෙවීමට ඇති බවද ඔහු කීවේය.

චන්ග් නෝනත් පුංචි ජන්දය ඉල්ලයි !
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් පවසා ඇත.
ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මේ බව ප්‍රකාශ කර ඇත්තේ "අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය" යන තේමාව යටතේ පැවැත්වූ ජාතික නීති සමුළුව 2023 අමතමින් ය.
නීතියේ ආධිපත්‍ය සහ සැමට යුක්තිය වෙනුවෙන් ශක්තිමත් මෙන්ම ස්ථාවර බලවේගයක් වන ලෙස ද චන්ග් එහිදී ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.
එසේම ස්වාධීන අධිකරණයක සුදුසුකම් ලත් නීතිමය නියෝජනයක් හරහා සහ සිවිල් සංවිධාන සමඟ එක්ව රජයට සෘජුවම උපදෙස් දීමට හැකියාව මැතිවරණ තුළින් ජනතාවට ලබා දෙන බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ජුලී චන්ග් පෙන්වා දී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයට සීමාවන් නොමැති බවත් නීතියේ ආධිපත්‍යයෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයකට පැවතීමේ හැකියාවක් නොමැති බවත් ජුලී චන්ග් සඳහන් කර තිබේ.
නීති ප්‍රජාව යනු එම නීතියේ ආරක්ෂකයන් බවද ජුලී චන්ග් පෙන්වා දී ඇත.
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ආරම්භයේ සිටම පදනම් වී ඇත්තේ ස්වාධීන අධිකරණයේ වැදගත්කම සහ හවුල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත බව ජුලී චන්ග් එහිදී පවසා තිබේ.

හම්බන්තොට පිරිපදුවකට ආයෝජනය කරන්න සිනොපෙක් සූදානම් !
ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බවයි.
ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බව සදහන් කළ නියෝජිතයන් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට ද ජනාධිපතිවරයා දැනුවත් කළේය.
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අභිලාෂ මත සිදු වන අදාළ කැඳවීම් සඳහා තම සමාගම ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව ද එම නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වූ සිනොපෙක් ආයතනයේ නියෝජිත පිරිස ඊට අදාළ යෝජනාවලිය ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ සිනොපෙක් සමූහයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

සහගහන අපරාධයක් : වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමේ සූදානමක් !
අවම මිල ගණන් යටතේ ලබාගත හැකි පිළිකා නාශක ඖෂධ තොගයක් ඉතා අධික මිල ගණන් යටතේ ලබාගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ ලබා දී ඇතැයි අනාවරණය වේ. මෙලෙස මුදල් නාස්ති කරමින් හදිසි මිලදී ගැනීමක් ලෙස මෙම ඖෂධ ලබාගැනීමට සැරසෙන බවද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
මීට පෙර ඩොලර් තුනකට මිලදී ගත් ඖෂධ වර්ගයක් මෙවර ගෙන්වීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් තිස්එක් දහසක මිලකට වන අතර එම ඖෂධය වෙළෙඳ පොළේ රුපියල් තුන්දහසකට පමණ මිලදී ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මීට පෙර රුපියල් පන්දහසක පමණ මිලකට ලබා ගත් ඖෂධයක මෙවර මිල රුපියල් හතළිස් නව දහසක් ලෙස දක්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් නොවන මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධවලට අදාළව ඉදිරිපත් කර තිබෙන අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති එක් ආයතනයකට පමණක් ඖෂධ දහනවයකට අදාළ ටෙන්ඩර් පිරිනැමීමට නිර්දේශ කරනු ලැබ ඇත. මෙවර මෙම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇත්තේ වැඩි ටෙන්ඩර් ප්‍රමාණයක් එම ආයතනයට ලබා දීමේ වුවමනාව මත බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය. මෙම ආයතනයට පමණක් ලබා දීමට නිර්දේශ කර තිබෙන ටෙන්ඩර්වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධික ය.
ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අතර විශාල පරතරයක් පවතියි. වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන ආයතනය ඖෂධයකට නියම කර තිබෙන රුපියල් හතළිස් නව දහස තවත් ආයතනයක් මිල කර ඇත්තේ රුපියල් අටදහස් පන්සිය අසූහතරක් වැනි අඩු මිලකට ය. එවැනි අවස්ථා ගණනක් මෙම නිර්දේශයන්හි සඳහන් වෙයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රජයට ලබා දුන් රුපියල් කෝටි තුන්සියයක මුදලින් රුපියල් කෝටි දහයක් පමණ මෙම ඖෂධ මිලදී ගැනීමට යෙදවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. ටෙන්ඩර් කැඳවා ඇත්තේ ඖෂධ වර්ග හතළිස් තුනක් වෙනුවෙනි.
මෙම ඖෂධ ලැයිස්තුවට අදාළව ටෙන්ඩර් පිරිනැමීම සඳහා කර ඇත්තේ නිර්දේශ පමණක් බවත් කුමන නිර්දේශ කළද අවසන් තීරණය ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලයෙන් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවසීය. ටෙන්ඩර් මණ්ඩලය මෙම සතියේ දී රැස්වීමට නියමිත බවත් අතිරේක ලේකම්වරයා කීවේය.
- aruna

කාදිනල් හිමි යළිත් දේශපාලන මැදිහත්වීමක !
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හොවා දැක්වීම පිළිබඳ තමන්ගේ බලවත් විරෝධය පළ කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
"නොබෝ දා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා නීතිපතිතුමන් හට මෙරට පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැය මගින් වෙන් කළ මුදල් ලබා නොදීම අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තමන්ගේ පාර්තිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් කරන දල ඉල්ලීම පිළිබඳව මාගේ බලවත් විරෝධය මෙසේ ප්‍රකාශ කරන්නට මම කැමතියි. "ගරු අධිකරණයට බලපෑම් කරන්නට කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළ ඔවුන්ගේ මේ ක්‍රියාදාමය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව සඳහන් කළ යුතුය. එය නීතියේ ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල කරන ලද මරු පහරකි. රටේ පාර්ලිමේන්තුවට ව්‍යාවස්ථාදායක ලෙස පැවරී ඇත්තේ නීති රීති අවශ්‍ය ප්‍රමාණයට සම්පාදනය කිරීම සහ ඒවා අනුමත කිරීමේ බලයයි. එහෙත් ඒවා අර්ථකතනය කර ඒ නීති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබඳ අර්ථකතනය ලබාදිය හැක්කේ ගරු අධිකරණයට පමණි."
"විධායකයට නීති රීති සම්පාදනය කිරීම හෝ නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැලපෙන පරිද්දෙන් අර්ථකතනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නැත. මෙහිදී පැහැදිලි විය යුත්තේ කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට හැකියාවක් නොමැති බවයි. මාර්තු 03 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව ද රජය ද ජනාධිපතිතුමා ද බැඳි සිටින මතක් කර දීමට කැමැත්තෙමි."

විමල් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (13) නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කරනු ලද අතර මෙම නඩුව නැවත විභාගය ජුනි මස 19 වෙනි දින දක්වා කල්දමා ඇත.

“අභිනන්දන සම්මානය” ජනපති ට
නීති ක්ෂේත්‍රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එහිදී ඇගයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (12) ආරම්භ කෙරුණු“ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික වාර්ෂික සමුළුව – 2023” ට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර කාණ්ඩ 03ක් යටතේ සම්මාන පිළිගැන්විණි.
ජුලියානා මාග්‍රට් කොස්වත්ත, වෝල්ටර් ලෙස්ලි ද සිල්වා, රත්නසභාපති ආරුමුගම් ජෙගතීසන්, ජනාධිපති නීතිඥ උපාලි ඒ. ගුණරත්න, කනගරත්නම් ගනේෂයෝගන්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්, විනිසුරු අශෝක නිහාල් දි සිල්වා, විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැදි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරුන් 26 දෙනෙක් මෙහිදී සම්මාන ලැබූහ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජේ රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, “අභිනන්දන” කමිටුවේ සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු, කැඳවුම්කරු චමත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉල්ලුවට දෙන්න සල්ලි නෑ : ජන්දය කල් යයි !
ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති නිමල් ජී. පුංචිහේවා මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදුකිරීමට අවම වශයෙන් එම මුදල අවශ්‍ය වන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 1,100
කි.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මැතිවරණ කොමිසම විසින් මීට පෙර ලිපියක් යොමුකර තිබිණ.
එම ඉල්ලීම ඇතුලත් ලිපිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇත. ඒ පිළිබඳව ද අමාත්‍යංශ ලේකම්වරයා විසින් තමන්ව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත .

විරෝධතා පැවැත්වූවාට බදු ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නෑ - ෂෙහාන්
විරෝධතා මැද වුවද නව බදු ප්‍රතිපත්තිය එලෙසම පවතින බවත් එහි කිසිදු වෙනසක් නොකරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.
මෙම වසරේ අවසන් කාර්තුවේ දී රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක දීමනාවක් ලබා දීමට රජය සලකා බලමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි .
සති අන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ආර්ථික තත්වය තක්සේරු කිරීමෙන් පසු රාජ්‍ය සේවකයින් වෙත අදාළ දීමනාව ලබා දීමට පියවර ගන්නා බවත් පවසා ඇත .
දැනට ක්‍රියාත්මක කරමින් ඇති ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සමග ආර්ථික දියුණුවක් රජය අපේක්ෂා කරන බවත් පවසන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත .

මත්තල විදෙස් ආයෝජකයකුට !
පාඩු මට්ටමේ පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .
එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන ආකාරය ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ රජය සමයේදී 2009 වර්ෂයේදී ඉදිකිරිම ඇරඹුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරනු ලැබූවේ 2013 වර්ෂයේදීය.

බදු ගෙවන්න බෑ කියපු වරායේ ගොරකාන සමාජ මාධ්‍ය හොල්ලයි !
රජය විසින් පනවා ඇති ආදායම් බද්ද කැපී ගිය පසු තමන් විසින් බැංකුවට තවත් රුපියල් 2000 ක මුදලක් ගෙවිය යුතු බවට සමස්ත ලංකා වරාය පොදු සහිත සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව ඇත .
එහිදී ගොරකාන පවසන්නේ තම වැටුප රුපියල් 120,200ක් බවත් එම වැටුපෙන් තමන් ණය හතරක් අරගෙන ඇති බවත් ය.
ආණ්ඩුව විසින් ආදායම් බද්දක් පනවා ඇත්තේ මෙම වැටුපට බවත් ඔහු පෙන්වා දෙයි.
ජවිපෙ මාලිමාව අපේක්ෂකයකු වන ගොරකාන ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.
https://www.newstube.lk/news?start=3834#sigProId0385d116d8

අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාගෙනුත් අයදුම්පත්‍රයක් !
අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පැවසීය.
මැතිවරණ නීතියට අදාළව තමා ඇතුළු වර්තමාන කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණෙන් යුතුව අයදුම්පතක් මෙලෙස යොමු කළ බව පැවසූ හෙතෙම මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලා සිටි බවද ප්‍රකාශ කළේය.
මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමාද අයදුම් කළ බව සීමානිර්ණ කොමිෂන් සභාවේ වර්තමාන සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා පැවසීය.
මැතිවරණ කොමිසමට අමතරව සීමා නිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහාද දේශප්‍රිය මහතා අයදුම්පතක් යොමු කරනු ලැබ ඇත.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවය පිහිටුවීමේ කටයුතු බොහෝ දුරට ලබන සතියේදී කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත් 1600කට ආසන්න සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ලැබී තිබිණ.

බණ්ඩාරවෙල පොලිසියේ OIC ට වැඩ වරදීද ?
මිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරිය ගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව සැකකාර කාන්තාවන් අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කිරීම හා ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති ඇති චක්‍රලේඛණ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

දුම්රිය වැසිකිළියේ බිළිදා දමාගිය යුවළ රිමාන්ඩ් !
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුල බිළිදෙකු දමා පලාගොස් සිටියදි බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බිළිදා ගේ මවිපිය යුවළ අද (12) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනට් සිල්වා සැකකාර තරුණ මව්පිය යුවල මේ මස 15 වනදිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කර ඇත .
එදිනට සැකකාර යුවල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූයේ කොස්ලන්ද මීරියබැද්ද සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ පදිංචි යුවළකි.
මොවුන් දෙදෙනා කොළඹ දි දැන හදුනාගෙන ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් , පසුව පසුගිය මස 25 වන දින මැය බිළිදා බිහිකර ඇති බවත් පොලිසිය කීය .
අනතුරුව පසුගිය 10 වන දින රාත්‍රි මෙම යුවල බිළිදා රැගෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට පැමිණ එහි වේදීකාවේ නවතා තිබූ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය ට ගොඩවී එහි තෙවන පන්තියෙ මැදිරියක වැසිකිළි යක් තුල ප්ලාස්ටික් කූඩයක දමා බිළිදා තබා මෙම යුවල කොළඹ සිට බණ්ඩාරවෙල සහ කොස්ලන්ද නිවෙස්වලට පැමිණ තිබේ.
ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිසිය මගින් සැකකාර තරුණිය ත්, කොස්ලන්ද පොලිසිය මගින් සැකකාර තරුණයත් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
Page 214 of 463