සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවන් අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වුයේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවයි.
පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාවයි.
වෙඩිතැබීම සිදුකළ දිනයේ සිට මේ දක්වා ඇය සැඟවී සිටි අතර, ඇය සිටින ස්ථාන සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලැබී නොතිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
