විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර සාකච්ඡාවක් ඊයේ (13) සවස දින බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණි.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා...
මගේ ප්‍රතිපත්තිය මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම යි
''වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගත් රජයක් ලෙස මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පුරා සේවක වරප්‍රසාද සහ අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කළා. වෘත්තීය සමිති නියෝජිතයින් හා විටින් විට සාකච්ඡා කරමින් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළා. ඒ අනුව, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කිරීමට උපරිමව ක්‍රියා කළා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි වුවත් අමාත්‍යවරයා වශයෙන් මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම මගේ ප්‍රතිපත්තිය යි. සාකච්ඡා ක්‍රියාමාර්ග ඔස්සේ ගැටලු විසඳා ගැනීමේ ක්‍රමවේදයට මුල් තැනක් දී ඉදිරියටත් ක්‍රියාකරනවා.''
මෙහි දී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ තම ඉල්ලීම් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ක්‍රියා කිරීමත්, ඉතිරි ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එකඟවීමත් පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාට සහ රජයට ස්තූතිවන්ත වන බවත්, සිදුකරගත් එකඟතා අනුව, විශේෂයෙන් ම දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග සම්බන්ධවී සිටින වෘත්තිය සමිති හෙට දින රැස්වී එකී ක්‍රියාමාර්ගය පිළිබදව මෙන්ම ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කර වැඩි විස්තර රටට හෙළිකරන බවත් ප්‍රකාශ කළහ.
විදුලිබල ක්ෂේත්‍රයට අයත් වෘත්තීය සමිති වැඩි ප්‍රමාණයක නියෝජිතයින් මෙන්ම පනත අනුව විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතින් පිහිටවූ සමාගම් හතරෙහි අධ්‍යක්ෂවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ශාන් මොහොමඩ්)