ග්‍රාමීය සංවර්ධනය සඳහා 2026 වර්ෂයට රුපියල් බිලියන 35ක මුදලක් වෙන් කර ඇති බවත්, එයින් මෙතෙක් වැය කර ඇත්තේ රුපියල් බිලියනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ අද (27) පාර්ලිමේන්තුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ, මුදල් කාරක සභාවට ලබා දී ඇති වාර්තාවට අනුව, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කළ මුදලින් වැය කර ඇත්තේ 3%ක් වැනි සුළු ප්‍රමාණයක් බවයි.
"ඔබ තමුන්නාන්සේලා මේ රටේ ජනතාවට ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න, ගමේ මනුස්සයාගේ පාර, බෝක්කුව හදන්න, ස්වයං රැකියාවට ව්‍යවසායකත්වයට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වෙන් කරපු බිලියන 35න් බිලියනයයි වියදම් කරලා තියෙන්නේ. මාස හතකට.
දැන් අදට දිත්වා කුණාටු ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. ආ පහුගිය කාලේ බිලියන 500ක් වෙන් කරගත්තා. 260ක් එහෙමම ඉතුරුයි. තවම පවුල් දහස් ගානක් තාවකාලික නිවාස වල. කඩන් ගියපු පාරවල්, බෝක්කු, පාලම් හදාගන්න බැරි වෙලා තියෙනවා. අවුරුද්දක් ගිහිල්ලා ගරු සභාපතිතුමිය. ඉතින් ඔබ තමුන් නාන්සේලා මේ මෙතන ඇවිල්ලා ඉලක්කම් පෙන්නලා සතුටු කරගන්න, ඒ ඔයාලගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලේ ඉලක්කම් පෙන්නලා සතුටු කරගන්න පුළුවන්. දැන් ග්‍රාමීය සංවර්ධනයක් රටේ නැත්නම් ජාතික ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.
සම්පූර්ණ අදහස් දැක්වීම නරඹන්න පිවිසෙන්න පහළ වීඩියෝවෙන්>>
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
