Image

හෝටලයකට වැඩිය කතාව ගැන කස්සප හිමිගෙන් ප්‍රතිචාරයක්!

හෝටලයකට වැඩිය කතාව ගැන කස්සප හිමිගෙන් ප්‍රතිචාරයක්!

සංවේදී දත්ත පවා එළියට මුදාහැර ඇති බැවින් නීතිමය පියවර ගන්නා බව බලංගොඩ කස්සප හිමි හෝටලයට වැඩිය කතාව පිළිබඳ අදහස් දක්වමින් පැවසූහ.

උන්වහන්සේ පැවසුවේ "ජනතාව විශ්වාස කරලා අපි ඒ ස්ථානවලට රැගෙන ගියාට පස්සේ ඒ ස්ථානවල ඉන්න කළමනාකාරීවරුන් සංවේදී දත්ත පවා මාධ්‍යයට මුදාහැරලා තියෙනවා" යනුවෙනි.

''රජකාලේ ගම්බිම් පවා සාසනයට පුජා කරා..එහෙව් එකේ ඔය කාමරයක් ගැන කවර කතා ද?” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.

උන්වහන්සේ මෙසේද පැවසූහ.

"ජනතාව සැදී පැහැදී ඉන්නවා අපිත් රැකගන්න ආරක්ෂා කරන්න. ඒ ජනතාව විශ්වාස කරලා අපි ඒ ස්ථානවලට රැගෙන ගියාට පස්සේ ඒ ස්ථානවල ඉන්න කළමනාකාරීවරුන් සංවේදී දත්ත පවා මාධ්‍යයට මුදාහැරලා තියෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා.

විදේශගතව ඉන්න අය,ජාත්‍යන්තර හෝටල් සංකීර්ණ පවා තියෙන අය දෙතුන් පාරක් හිතනවා මෙහෙම මේ දේවල් එළියට යනකොට මේකේ බරපතළකම ගැන. ඒ හින්දා අපි මේකට නීතිමය පියවර ගන්නවා. සංවේදී දත්ත මේ එළියට මුදාහැරලා තියෙන්නේ. අපිට හැමදේම ජනතාව කරන්නේ ශ්‍රද්ධාවෙන්. විවිධ දේ පූජා කරනවා ඉඩකඩම් ගෙවල් දොරවල් විතරක් නෙමෙයි කර්මාන්තශාලා පවා අපිට පූජා කරලා තියෙනවා. රජකාලේ ගම්බිම් පවා සාසනයට පුජා කරා..එහෙව් එකේ ඔය කාමරයක් ගැන කවර කතා ද?ඉතින් මේ කුලී කොන්ත්‍රාත්කරුවෝ ගහන මඩ මේවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න