ජාත්‍යන්තර ආබාධ සහිත පුද්ගලයින්ගේ දිනය නිමිත්තෙන්, එළඹෙන දෙසැම්බර් 03වැනිදා ආබාධ සහිත පුද්ගලයින් සඳහා මෙට්‍රෝ බස් රථ සේවාවන්හි නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (27) පාර්ලිමේන්තුවේදී මේ බව නිවේදනය කළේය.
මෙම ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් ආබාධ සහිත පුද්ගලයින්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගමෙන් (Lanka Metro Transit – LMT) මීට පෙර ඉල්ලීමක් කර තිබූ බව අමාත්‍යවරයා පැවසීය.
එම ඉල්ලීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ සභාපතිවරයා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, දෙසැම්බර් 3 වැනිදා ආබාධ සහිත පුද්ගලයින්ට කිසිදු ගාස්තුවකින් තොරව මෙට්‍රෝ බස් රථවල ගමන් කිරීමේ පහසුකම හිමිවනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
