Image

අර්චුනාට එරෙහි නඩුව කල් යයි!

අර්චුනාට එරෙහි නඩුව කල් යයි!

ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථය අනතුරට පත් කර පුද්ගලයෙකුට අතින් පයින් පහර දී තුවාල සිදු කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය අර්චුනා රාමනාදන්ට එරෙහිව පවරා ඇති නඩුව යළි ජනවාරි 05 වන දින කැඳවිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (10)  නියෝග කළේය.

සිද්ධියට අදාල නඩුවෙහි විත්තියේ සාක්ෂි විභාගය පැවැත්වීමට අද දිනට නියමිතව තිබුණත්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා හට කොළඹ මහාධිකරණයේ නඩු ගොනුවක් තිබෙන බැවින් මෙම අධිකරණයට පෙනී සිටීමෙන් නොහැකි බව පවසා නඩුකරයේ සඳහා ඉදිරි දිනයක් ඉල්ලා සිටින ලදී.

එලෙස ඉදිරි දිනයක් ඉල්ලා සිටියේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමටය.

එමෙන්ම විත්තියේ නීතිඥවරයා පවසා සිටියේ තම සේවාදායකයාට සෑම මසකම 1,3 සතියන්හි පාර්ලිමේන්තු යෑමට අවශ්‍ය බැවින් එම දිනයන් හැර වෙත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  විත්තියේ සාක්ෂි විමසීමට ජනවාරි 05 දා නඩුකරය කැඳවීමට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න