Image

මැණික් ප්‍රදර්ශනය දින නියමයක් නැතිව කල් දමයි

මැණික් ප්‍රදර්ශනය දින නියමයක් නැතිව කල් දමයි

කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ මෙම මස (නොවැම්බර්) 15 වන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබූ Expo Gem and Jewellery Fair - මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නොවැළැක්විය හැකි හේතුවක් මත දින නියමයක් නැතිව කල් දැමීමට සංවිධායකයෝ තීරණය කර තිබේ.

ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (Lanka Gem & Jewellery Society) විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය කොළඹ 01, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානයේදී (Gem and Jewellery Exchange) උදෑසන 10.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

සෑම ඉරිදාවකම පැවැත්වීමට නියමිත මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මැණික් වෙළෙන්දන්, කැපුම්කරුවන්, ස්වර්ණාභරණ නිර්මාණකරුවන් මෙන්ම විදේශීය ගැනුම්කරුවන්ද එක්වන ප්‍රධාන වෙළඳ හමුවක් ලෙස සැලකේ. මෙහිදී මැණික් සොයාගැනීම, වෙළඳාම සහ ව්‍යාපාර වර්ධනය සඳහා අවස්ථාවක් ලැබෙන බව සංවිධායකයෝ පවසති. මෙම ප්‍රදර්ශනය සිංහ ඕක්ෂන් (පෞද්) සමාගමේ අනුග්‍රහය ඇතිව මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණි.

කල් දැමූ ප්‍රදර්ශනයේ නව දිනය ඉදිරියේදී දැනුම් දෙන බව සංවිධායකයෝ නිවේදනය කර තිබේ. ප්‍රදර්ශනය සඳහා මේ වනවිට ලියාපදිංචි වී සිටින පාර්ශ්වයන්ට ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා 0777874224 අංකයෙන් හෝ වට්ස්ඇප් 0716481838 අංකයෙන් සංවිධායකයන් සම්බන්ධ කර ගත හැක.

-ජේ.මුණසිංහ-

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න