පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ලබන 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
ඇප ඉල්ලීම සහ අධිකරණ නියෝග
මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීමට අදාල පිටපත් අද අධිකරණයේ දී අල්ලස් කොමිසමට ලබා දුන් අතර, ඊට අදාළ පැමිණිල්ලේ විරෝධතා ලබන 17 වන දින කාර්යාලයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
තුන්වැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස පවසා සිටියේ අයවැය කියවීම ලබන 12 වැනිදා පවතින බැවින් තම සේවාදායකට පාර්ලිමේන්තුවට ගෙන යන ලෙස නියෝගයක් කරන ලෙසයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, බෝවන රෝගී තත්ත්වයක් හේතුවෙන් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මගින් දන්වා ඇති බවයි. එසේම අදාළ ඉල්ලීම කරන දිනට තවමත් කල් ඇති බැවින්, ඒ පිළිබඳව පසුව සලකා බලා අධිකරණයට ලබා දිය හැකි නියෝගයක් ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
තවද, මෙම සිද්ධියට අදාල සිව්වැනි සැකකරු වන ගමගේ චන්දනාත් දිනේෂ් පෙරේරා නමැත්තාට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම පුද්ගලයාට අවස්ථා කිහිපයක දීම අල්ලස් කොමිසමේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා තිබුණද ප්‍රතිචාරයක් දක්වා නොතිබු බව විමර්ශන නිලධාරි පොලිස් සැරයන් නිලංග ( පො.සැ. 71561) අධිකරණයට සාක්ෂි ලබා දෙනු ලබුවේය.
චෝදනාවේ පසුබිම
චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් අද දින අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර නොතිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
