අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් අද (11) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ ඉදි කර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙහි සැකකරුවන් ලෙස 14 දෙනෙකු පොලිසිය විසින් අධිකරණයට නම් කර තිබූ අතර, බලංගොඩ කස්සප හිමි දෙවැනි සැකකරු ලෙසයි නම් කර තිබුණේ.
මෙහි සැකකරුවන් 9 දෙනෙකුට අධිකරණය නියෝග කළේ, හෙට (12) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.
අදාළ නඩුව ලබන ජනවාරි 6 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
