Image

නිශාන්ත රණතුංගට ඇප!

නිශාන්ත රණතුංගට ඇප!

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළේය.

ඒ අනුව, සැකකරුට ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරිමට ද නියෝග කළේය. එමෙන්ම රුපියල් 75,000/= ක මුදල් ඇපයක් ද නියම කළේය.

සිද්ධියේ පසුබිම

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති වශයෙන් සිටිය දී, එම මණ්ඩලයේ සේවය කළ එක් රියදුරෙක් සහ මිනුම් සහායකවරයෙක් යන දෙදෙනා සහ එම මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සැකකරුගේ පුද්ගලික සේවයට යොදා ගනිමින් එම සේවකයින්ට අවශ්‍ය වැටුප් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හිමි වු ව්‍යාපෘතියකින් ගෙවා රජයට රුපියල් මිලියන 14ක අධික මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව සැකකරුට දුෂණය නමැති චෝදනාව යටතේ චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න