ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කරන විගණකවරුන් හා විශේෂඥවරුන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ පැහැදිලි කිරීමක් ඊයේ (10) නිකුත් කර තිබේ.
නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව පීඑල්සී (NDB) විසින් එහි අභ්‍යන්තර වංචාවක් සහ අයහපත් ණය පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා (M/s Ernst & Young, Sri Lanka) ආයතනයේ විගණන භාර හවුල්කරු (Engagement Partner) සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරු (Quality Assurance Partner) යන හවුල්කරුවන් දෙදෙනා වෙත බලපත්‍රලාභී බැංකුවල කිසිදු විගණන කාර්යයක් පැවරීමෙන් හා පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතනය වෙත දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, මෙම සීමා කිරීම හේතුවෙන් 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කිරීම සඳහා සුදුසුකම් ලත් විගණන ආයතනයක් ලෙස අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා ආයතනය වෙත ලබා දී ඇති පිළිගැනීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැහැදිලි කරයි.
-ජේ. මුණසිංහ-

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
