Image

රනිල්ගේ ලන්ඩන් සංචාර නඩුව දෙසැම්බර් 9 ට කල් යයි!

රනිල්ගේ ලන්ඩන් සංචාර නඩුව දෙසැම්බර් 9 ට කල් යයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව, නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 9 වන දින කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි හමුවේ අද මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධියට අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සිද්ධියේ පසුබිම:

ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී, පෞද්ගලික සංචාරයක් ලෙස සිය භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස්, රජයට රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව මෙම නඩුව ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න