Image

සුගීෂ්වර බණ්ඩාර ලබන 18 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!

සුගීෂ්වර බණ්ඩාර ලබන 18  දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන නොවැම්බර් මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (11) නියෝග කළේය.

ඒ අනුව, සැකකරු ඇප මත මුදා හරින ලෙස නීතිඥ මඩුල්ල විසින් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින තෙක් කල් තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර සුගීෂ්වර බණ්ඩාර විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැති අතර, සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරු නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න