ආණ්ඩුවේ තුන්වන අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම පසුබිම තුළ, වත්මන් ආණ්ඩුව 2025 සහ 2026 වසරවල ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙකේ ක්‍රියාකාරීත්වයේ ප්‍රගතිය විමසුමට ලක් කිරීමත්, ඉදිරි 2027 අයවැය යෝජනා පිළිබඳ විශ්ලේෂණය කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත oversight.lk නමින් නව වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත.
මෙම වෙබ් අඩවිය තුළ පසුගිය අයවැය ලේඛනවල ප්‍රගතිය, එක් එක් අමාත්‍යාංශ පිළිබඳ තොරතුරු, අයවැය සමාලෝචන, රාජ්‍ය ආයතන පිළිබඳව සිදු කළ විගණන විමසුම්වල වාර්තා සහ ආණ්ඩුවේ අය සහ වැය කිරීම් පිළිබඳ විශ්ලේෂණාත්මක දත්ත තොරතුරු ඇතුළත් කොට තිබේ.
අයවැය ලේඛනය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ සියලු විශ්ලේෂණාත්මක තොරතුරු oversight.lk වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට දැන් ලබාගත හැකිය.
Website - oversight.lk

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
