අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (12) දින නියම කළේය.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදිය.
සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද දින පස්වරු 1.30 ට නියමිතව තිබුණි.
නමුත්, නඩුව අද උදෑසන කැඳවු අවස්ථාවේදි විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් කියා සිටියේ සිය සේවාදායකයා කොන්ද ආශ්‍රිතව රෝගී තත්ත්වයකින් පසුවන බැවින් අද දින අධිකරණයට පැමිණිමට නොහැකි බවයි.ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වර්තාවක් ද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එම අවස්ථාවේදි පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බංඩාර පවසා සිටියේ අද දින පැමිණිල්ලේ සාක්ෂි අවසන් කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටි බවයි.
පැමිණිල්ල වෙනුවෙන් තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු පමණක් සාක්ෂියට කැඳවිමට ඇති බව අධිකරණයට දන්වා සිටි ඔහු ඉදිරි නඩු දින එම සාක්ෂිකරුවන් තිදෙනා කැඳවිමට තමන් අපේක්ෂා කරන බව අධිකරණයට දන්වා සිටියා.
ඉන් අනතුරුව කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා ලබන 26 වන දින නඩු විභාගය පවත්වන බවත් එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට අවවාද කළේය.
සිද්ධියට අදාළ පසුබිම:
රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදී ගැනීම තුළින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
