පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපතිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජකරුණා මනමේන්ද්‍රලාගේ සුනිල් ගාමිණි යන අය වන අතර, ඔහු අද(11) පස්වරුවේ මෙලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සිද්ධියට අදාළ පසුබිම:
2014 වර්ෂය තුළ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින හලාවත වැවිලි සමාගමෙන් එකී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අයකුට තනි අයිතිය ඇති ආයතනයකින් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව අමාත්‍යවරයාගේ ඉල්ලීම මත කිසිදු වග විභාගයකින් තොරව රෙදිපිළි කට්ටල 5000 ක් මිල දී ගැනීමට අනුමත කිරීම තුළින් හලාවත වැවිලි සමාගමට රු.3,275,000/- ක (රුපියල් තිස් දෙලක්ෂ හැත්තෑපන්දහස) මුදලක් පාඩු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව හිටපු සභාපතිවරයාට එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
