ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 81 වැනි අය-වැය ලේඛනය, මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (12) පස්වරු 2.00 ට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙය ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන තෙවැනි පූර්ණ අය-වැය ලේඛනය වන අතර, 2025 වර්ෂයේ ආරම්භයේදී ගිණුම් ඡන්දයකින් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමෙන් අනතුරුව, රටේ ආර්ථිකය ස්ථාවරත්වයේ සිට තිරසාර වර්ධනයක් කරා ගෙනයාමේ තීරණාත්මක පදනම මෙමගින් ඉලක්ක කර ගනු ලබයි.
හෙට (12) දින ඉදිරිපත් කෙරෙන 81 වැනි අය-වැය ලේඛනයේ දෙවැනි වර කියවීමේ විවාදය ලබන 13 සිට 20 වැනිදා දක්වා දින 7ක් පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු සංවිධානය කර ඇත. මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60ක කාලයක්ද විපක්ෂයට සියයට 40ක කාලයක්ද හිමිවන අතර, අය-වැය කටයුතු වෙනුවෙන් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
දෙවැනි වර කියවීමේ තීරණාත්මක ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වේ.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වෙන අතර, එහිදී විපක්ෂයට සියයට 60ක කාලයක් වෙන් කර අමාත්‍යාංශ ශීර්ෂ දීර්ඝ ලෙස විවාදයට ගැනේ.
අය-වැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 19 වෙනි දින සිදු කෙරෙන අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මුදල් නිදහස් කිරීමේ වරෙන්තු අත්සන් කර අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු 2027 ජනවාරි 01 වැනිදා සිට නව අය-වැය යෝජනා නිල වශයෙන් ක්‍රියාත්මක වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
