මොන්ටිනීග්‍රෝ රාජ්‍යයේ පසුගියදා පැවති, WTT Youth Contender 2026 යොවුන් ලෝක ශ්‍රේණිගත කිරීම් ටේබල් ටෙනිස් තරගාවලියක් වන ‘WTT Youth Contender Podgorica 2026’ තරගාවලියේදී වයස අවුරුදු 11න් පහළ බාලක කේවල අංශයේ සහ 13න් පහළ කේවල අංශයේ රන් පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ටාවි සමරවීර සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රි ලංකා මේස පන්දු තරග ඉතිහාසයක එකම ජාත්‍යන්තර තරගාවලියක වයස් කාණ්ඩ දෙකක රන් පදක්කම් ද්විත්වයක් දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙස ටාවී සමරවීර ශ්‍රී ලංකා වර්තා පොත් අතරට එකතු විය.
ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය (ITTF) මගින් සංවිධානය කරනු ලබන WTT Youth Contender 2026 තරගමාලාව, ලෝක යොවුන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානවල පසුවන ක්‍රීඩකයන් තරග වදින ප්‍රමුඛ පෙළේ ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලියකි. මෙවර තරගාවලිය ටාවි සමරවීර මෙම වසර තුළ සහභාගී වූ අවසන් ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලිය ද වේ.
ටාවි සමරවීර
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටාවි සමරවීරගේ පුහුණුකරු ලෙස ඔහුගේ පියා වන හසිත සමරවීර කටයුතු කිරීමද විශේෂත්වයකි.

සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
