පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩුව දෙසැම්බර් 15 වන දින යළි කැදවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න අද (11) නියෝග කළාය.
පෙර නඩු දිනයේදී අධිකරණය නිකුත් කළ සිතාසිවලට අනුව ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී, ලාෆ් ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පවසා සිටියේ, පාරිභෝගික අධිකාරිය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩුව යළි දෙසැම්බර් 15 වනදා කැඳවීමට නියෝග කළාය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 86 වැනි විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
