#newstube

  • කැසිනෝ ඇතුල්වීමේ ගාස්තුව දෙගුණ වෙයි: දළ එකතු කිරීමේ බද්ද 18% දක්වා ඉහළට

    මෙරට කැසිනෝ ව්‍යාපාරිකයන් සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සඳහා අදාළ වන බදු සංශෝධනයන් 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

  • කැසිනෝ බද්ද වැඩි වේ ! Cinnamon Life’s City of Dreams සාමාන්‍යාධිකාරීගෙන් විශේෂ ප්‍රකාශයක්

    කැසිනෝ සූදු ක්‍රීඩා කර්මාන්තයේ ලාභ කෙරෙහි රජය විසින් පනවනු ලබන නව රෙගුලාසි අනුව හැඩගැසීමට සිනමන් ලයිෆ් හෝටලයේ පිහිටා ඇති CITY OF DREAMS කැසිනෝ ආයතනයටද සිදුවනු ඇති බව එහි සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි (Michael Habashi ) 'ද සන්ඩේ ටයිම්ස්' බිස්නස් සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත.

    බදාදා ලෝක සංචාරක දිනය සැමරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට සමගාමීව සිනමන් ලයිෆ් හි සිහින නගරය සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි 'ද සන්ඩේ ටයිම්ස් බිස්නස්' සමඟ අදහස් දක්වමින් පවසා ඇත්තේ, රජය විසින් නව බදු සහ රෙගුලාසි පැනවීමේ හැකියාවත් සමඟ ඔවුන්ගේ ආයතනයේ කැසිනෝ සහ ක්‍රීඩා ව්‍යාපාරය ඒ අනුව “ගැලපීමට” සිදුවන බවයි.

    එය නිසැකවම ඔවුන්ගේ අංශයට බලපෑමක් ඇති කරන බව පවසන ඔහු, ඔවුන්ගේ කැසිනෝ සහ ක්‍රීඩා මධ්‍යස්ථානයට අනුග්‍රහය දක්වන ශ්‍රී ලාංකිකයින් සඳහා සියයට 18 ක බද්දට සහ ගාස්තු දෙගුණ කිරීමට ඔවුන්ට සිදුවන බව කියා සිටියි.



    දේශීයයින් සඳහා කැසිනෝ ප්‍රවේශ ගාස්තුව ඩොලර් 50 සිට ඩොලර් 100 දක්වා දෙගුණ වේ


    ඒ අනුව ඔට්ටු ඇල්ලීමේ සහ ක්‍රීඩා ක්‍රියාකරුවන්ගෙන් දළ එකතු කිරීම් සඳහා වන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ යනු ඇත. දේශීයයින් සඳහා කැසිනෝ ප්‍රවේශ ගාස්තුව ඩොලර් 50 සිට ඩොලර් 100 දක්වා දෙගුණ වන අතර විදේශිකයන් සඳහා ප්‍රවේශය නොමිලේ සිදු කෙරෙනු ඇත.


    මෙම පියවර මූල්‍ය ආදායමට සහාය වීම සහ සූදු කර්මාන්තය පාලනය කරන නියාමන රාමුව ශක්තිමත් කිරීම අරමුණු කර ඇති බව වාර්තා විය.

    මේ සම්බන්ධයෙන්, භාණ්ඩාගාරය විසින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන සකස් කිරීම නීති කෙටුම්පත්කරුට පවරා ඇති අතර, එය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

    රටේ අනෙකුත් ඒවාට සාපේක්ෂව නවතම සූදු ක්‍රීඩා උපකරණ කිහිපයක් ස්ථාපිත කිරීමෙන් පසු, CITY OF DREAMS කැසිනෝ ශාලාව තවමත් නව නීති මගින් බලපෑමට ලක් වී නොමැත.

    මැකාවු, සයිප්‍රසය සහ මිලාන් වලට පසුව ලොව පුරා මෙල්කෝ නිවාඩු නිකේතන සහ විනෝදාස්වාදයේ නිවාඩු නිකේතන ලැයිස්තුවේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවයි.

    සෑම ස්ථානයක්ම වෙනස් බවත් එක් එක් ස්ථානය මුහුණ දෙන අභියෝග ද එසේම බවත් හබාෂි පවසයි.


    Gaming taxes a reality shocker in City of Dreams

  • කෑල්ලේ කාන්තාවන් මැටියෙන් දාපු වැඩ කෑලි - වීඩියෝ

    මැටි භාවිතයෙන් විවිධ විසිතුරු ආභරණ නිපදවන කාන්තාවන් කිහිප දෙනකු: කොලොන්න, කෑල්ල, උඩවාඩිය ප්‍රදේශයේ වෙසෙන බව Mojo News LK youtube නාලිකාව හෙළිදරව් කරයි.

  • කිම් - ට්‍රම්ප් හමුවීමට සූදානමක්

    පියොන්යැන්ග් හි උත්තරීතර මහජන සභාව අමතමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් පවසා සිටියේ න්‍යෂ්ටික වැඩසටහන අත්හරින ලෙස කරන ඉල්ලීම් හකුලාගන්නේ නම් ඕනෑම මොහොතක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානම් බවයි.

    ඔවුන් දෙපළ මීට පෙර අවස්ථා තුනකදී හමුවී ඇති අතර එම හමුවීම්වල මිහිරි මතක තවමත් සිත තුළ ඇති බව ද උතුරු කොරියානු නායකයා මෙහිදී පැවසීය.

    අමෙරිකානු ජනාධිපතිවරයෙක් ධුරයේ සිටින අවස්ථාවකදි උතුරු කොරියානු දේශසීමාව පසුකළ පළමු වැන්නා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වේ.

  • කියන තරම් ඉක්මනට මේ සහනාධාර ලැබෙන එකක් නැහැ !

    මේ බලන්න හානිවූ දේපලවළට වන්දි හෝ ආධාර ලබාගන්න ඉල්ලන ලේඛණ. මේව හැම පැත්තෙම ඉල්ලනවද දන්නෙ නැහැ.

  • කියුබානු වෙරළාරක්ෂක ප්‍රහාරයකින් අමෙරිකානු බෝට්ටුවක සිටි සිවු දෙනකු මරුට

    කියුබානු වෙරළාරක්ෂක බළකාය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අමෙරිකාවේ ලියාපදිංචි අධිවේගී බෝට්ටුවක ගමන් කළ පුද්ගලයින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියුබානු රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.

  • කිරිඇල්ලේ දුම්බර "ගිරන්බාස් හටන"

    අනාදිමත් කාලයක සිට රත්නපුරේ සෑම ප්‍රදේශයක ම මැණික් පතල් බහුල ය. එහෙත් එකම මිණිරන් පතලය තිබුණේ කිරිඇල්ලේ දුම්බර ය. එය 1880 ගණන්වල දී ආරම්භ කළේ එකල ප්‍රකට ව්‍යාපාරිකයක පවුලක් වූ ඩවුන්දසේකරලා ගේ මැදිහත්වීමෙනි.

  • කිසිවිටෙක ජීවිතය අත්නොහරින්න…

    වර්තමානයේ සමාජ ජාලය පුරා වැඩිපුරම දක්නට ලැබෙන  හා අසන්නට ලැබෙන වදනක් බවට මානසික අවපීඩනය හෙවත් “Depression” පත්වී ඇත.

  • කීර්ති ඇමති සමන්තගෙන් රු. ලක්ෂ 1000ක වන්දි ඉල්ලයි

    ඇමති සමන්ත විද්‍යාරත්න විසින් සිදු කළ අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් මගින් තමන්ගේ කීර්තිනාමයට හා ගෞරවයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර ගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ දිසා අධිකරණයේ දී අපහාස නඩුවක් පවරා ඇත.

  • කුඩු ජාවාරම්කාරයන් කුදලාගෙන එන්න පොලිස් හා නාවික කණ්ඩායමක් මාලදිවයිනට

    මත්ද්‍රව්‍ය කිලෝ 335ක් සමග මාලදිවයින මුහුදු සීමාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 5 දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් මාලදිවයින බලා ගොස් ඇත.

  • කුඩෙත් අරන් අවුරුදු 42ක් බස්එකේ ගිය මහාචාර්යතුමා - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

    අපි කඩවත බණ්ඩාරවත්තෙන් හැරී බණ්ඩාරවත්ත පාර දිගේ “ගුරු නිවසට” යනවිටත් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සිටියේ පොත්පත් ගොන්නක් සහ ශාස්ත්‍රීය නිබන්ධන පිරිවරාගෙනය.

  • කුණාටු සහන  කුණාටුවක් නොවන්නට නම්...

    දිට්වා සුළි කුණාටුවෙන් වුණු හානි වෙනුවෙන් ජනතාවට වන්දි සහ සහන සලසන්න රුපියල් බිලියන 500ක අමතර මුදලක් පාර්ලිමේන්තුව හරහා අනුමත කරගන්න රජය පසුගියදා කටයුතු කළා. 2026 අයවැයට අමතරව, පරිපූරක ඇස්තමේන්තුවක් හැටියටයි මේ අනුමත කරගැනීම සිදු වුණේ.

  • කුණාටුවෙන් පීඩාවට පත් ආයෝජකයින්ට සහය වීමට සැපයීමේ ඒකකයක්

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිවල සහය වීමට ආයෝජන මණ්ඩලයෙන් පැය 24 පුරා සහයට වෙනම ඒකකයක් ආරම්භ කර ඇත.

  • කුණාටුවෙන් වැටුණු රට ගොඩගන්න පොටක් පෑදෙයි - නාමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් !

    උගන්ඩාවේ සඟවා ඇතැයි කියු ඩොලර් බිලියන 18ක මුදල මෙරටට ගෙන ඒමට සුදුසුම මොහොත කුණාටුවකට මුහුණපා ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ අවස්ථාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

  • කුණාටුවෙන් විනාශ වූ රට ගොඩනගනවා වෙනුවට මේ රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    මේ රජයට රට ගොඩනගන දැක්මක් වැඩපිළිවෙළක් මාර්ග සිතියමක් නොමැති බවත් මොවුන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීම බවත් රජයේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම නොව විපතට පත් මාතෘභූමියට සහනයක් ගෙනවිත් ජන ජීවිත ශක්තිමත් කළ හැකි නව ගමනක් යාම වුවත් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව නම් එවැනි දෙයක් නොපෙනෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • කුමාර ජයකොඩිට අධිචෝදනා

    වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.

  • කුමාර හෙට්ටආරච්චි ගේ සේකර මතකයක්

    ඒ 1986 වසරයි...

    එකල මා පේරාදෙණිය සරසවියේ කෘෂිවිද්‍යා පීඨයේ දෙවන වසරේ පැඟිරෙකි.

  • කුරුටුබලි තහනම්: බෙහෙත් තුණ්ඩුවල අකුරු පැහැදිලිව ලියන ලෙස අධිකරණයකින් වෛද්‍යවරුන්ට නියෝග

    මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දියානු වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන ලද කියවීමට නොහැකි බෙහෙත් තුණ්ඩුවක් පසුගිය වසරේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය



    සටහන | ගීතා පාණ්ඩේ
    බීබීසී පුවත්, දිල්ලි
    X, @geetapandeybbc



    ලිවීම සඳහා බොහෝ පුද්ගලයින් යතුරුපුවරු භාවිත කරන යුගයක, අත්අකුරු යනු වද විය යුතු කාරණයක් ද?

    ඔව්, ලියන්නා වෛද්‍යවරයෙකු නම්, ඉන්දීය අධිකරණ එසේ විය යුතු බව පවසයි.

    ඖෂධවේදීන්ට පමණක් තේරුම් ගත හැකි බොහෝ වෛද්‍යවරුන්ගේ විසින් ලියනු බවට කුප්‍රකට අපැහැදිලි අත්අකුරු වටා ගෙතී ඇති සරදම් ඉන්දියාව තුළ පමණක් නොව ලොව පුරා ද සුලභ ය.

    නමුත් පැහැදිලිව අත්අකුරු ලිවීමේ වැදගත්කම අවධාරණය කරන නවතම නියෝගය මෑතකදී පන්ජාබ් සහ හර්යානා මහාධිකරණයෙන් නිකුත් කළ අතර එම නියෝගයෙන් පවසා තිබුණේ "කියවිය හැකි අයුරින් පැහැදිලිව සටහන් කර ඇති බෙහෙත් තුණ්ඩුවක් මූලික අයිතිවාසිකමක්" බව සහ එයට ජීවිතය හා මරණය අතර වෙනසක් ඇති කළ හැකි බව ය.

    මෙම අධිකරණය නියෝගය නිකුත් කර තිබුණේ ලිඛිත වචනයක් සඳහා කිසිසේත් සම්බන්ධයක් නොමැති නඩු විභාගයකදී ය. එය නිකුත් කර තිබුණේ කාන්තාවක විසින් එල්ල කරන ලද ස්ත්‍රී දූෂණය, වංචා කිරීම සහ කූඨ ලේඛන සැකසීම යන චෝදනා ඇතුළත් නඩු විභාගයකදී වන අතර විනිසුරු ජස්ගුර්ප්‍රීත් සිං පූරි ඊට අදාළ පුද්ගලයාගේ ඇප ඉල්ලීම සලකා බලමින් සිටියේ ය.

    රජයේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇගෙන් මුදල් ලබාගත් බවටත්, ව්‍යාජ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බවටත්, ලිංගික සූරාකෑමට ලක් කළ බවටත් කාන්තාව එම පුද්ගලයාට චෝදනා එල්ල කර තිබිණි.

    චූදිතයා චෝදනා ප්‍රතික්ෂේප කළේ ය. ඔහු පැවසුවේ, දෙපාර්ශවයේ ම කැමැත්ත මත ඔවුන් සබඳතාවක් පැවැත්වූ බව ත් මුදල් පදනම් කර ගනිමින් හටගත් ආරවුලක් හේතුවෙන් තමාට එරෙහිව නඩුව පවරා ඇති බව ත් ඔහු පැවසුවේ ය.

    විනිසුරු පූරි පැවසුවේ, මෙම කාන්තාව පරීක්ෂා කළ රජයේ වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරනු ලැබ තිබුණු වෛද්‍ය වාර්තාව පිරික්සූ අවස්ථාවේදී එය තේරුම්ගත නොහැකි බව තමාට වැටහුණු බව ය.

    "එය සමස්ත අධිකරණය ම කම්පනයට පත් කළා. මන්ද එහි එකදු වචනයක් හෝ අකුරක් හෝ කියවා ගන්න බැරි වුණ නිසා," ඔහු සිය නියෝගයේ ලිවීය.

    වාර්තාව සහ වෛද්‍යවරයාගේ කියවා ගැනීමට නොහැකි අත්අකුරු තිබුණු පිටු දෙකකින් සමන්විත බෙහෙත් තුණ්ඩුවක් ඇතුළත් අධිකරණ තීන්දුවේ පිටපතක් බීබීසීයට නිරීක්ෂණය කිරීමට හැකි විය.


    Screenshot 2025 10 03 122022ඖෂධවේදීන්ට පමණක් වටහා ගත හැකි වෛද්‍යවරුන්ගේ අවුල්සහගත අත්අකුරු අලලා සිදු කෙරෙන සරදම් ලොව පුරා සුලභව ය


    "තාක්ෂණය සහ පරිගණක වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පවතින කාලයක, ඖෂධවේදීන්ට හැර වෙනත් කිසිවෙකුට කියවිය නොහැකි ලෙස රජයේ වෛද්‍යවරුන් තවමත් බෙහෙත් තුණ්ඩු අතින් ලිවීම කම්පනයට කරුණක්," විනිසුරු පූරි සඳහන් කළේ ය.

    අධිකරණය රජයට දැනුම් දුන්නේ වෛද්‍ය විද්‍යාලවල විෂය මාලාවට අත්අකුරු ලිවීම පිළිබඳ අභ්‍යාස ඇතුළත් කරන ලෙසත් සහ වසර දෙකක් තුළ ඩිජිටල්කරණය කළ බෙහෙත් තුණ්ඩු නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් ය.

    එය ක්‍රියාවට නංවන තෙක් සියලු ම වෛද්‍යවරුන් බෙහෙත් තුණ්ඩු පැහැදිලිව කැපිටල් අකුරින් සටහන් කළ යුතු බවට විනිසුරු පූරි පැවසීය.

    වෛද්‍යවරුන් 330,000කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන ඉන්දීය වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය දිලිප් භානුෂාලි බීබීසීයට පැවසුවේ, මෙම ගැටලුවට විසඳුමක් සොයා ගැනීමට සහය දැක්වීමට ඔවුන් සූදානම් බව ය.

    ප්‍රධාන නගරවල වෛද්‍යවරුන් ඩිජිටල් බෙහෙත් තුණ්ඩු නිකුත් කිරීම සඳහා යොමුව සිටින නමුත් ග්‍රාමීය ප්‍රදේශවල සහ කුඩා නගරවලදී පැහැදිලි බෙහෙත් වට්ටෝරු ලබා ගැනීම ඉතා අපහසු කාර්යයක් බව ඔහු පවසයි.

    "වෛද්‍යවරුන් බොහෝමයකගේ අත්අකුරු අපැහැදිලි බව කවුරුත් දන්න කරුණක්. හැබැයි ඒ වෛද්‍යවරුන් කාර්යබහුල නිසා සහ විශේෂයෙන් ම ජනාකීර්ණ රජයේ රෝහල්වල සේවය කරන නිසා," ඔහු පවසයි.

    "රජයේ මාර්ගෝපදේශ අනුගමනය කිරීමට සහ රෝගීන් සහ ඖෂධවේදීන් කියන දෙපාර්ශවයට ම කියවන්න පුළුවන් විදිහට පැහැදිලි අත් අකුරින් බෙහෙත් තුණ්ඩු ලි‍යන්න කියලා අපි අපේ සාමාජිකයින්ට නිර්දේශ කරලා තියෙන්නේ. දිනකට රෝගීන් හත් දෙනෙකු බලන වෛද්‍යවරයෙකුට ඒක කරන්න පුළුවන්, නමුත් ඔබ දිනකට රෝගීන් 70ක් බලනවා නම් ඔබට ඒක කරන්න බැහැ," ඔහු වැඩිදුරටත් පවසයි.


    Screenshot 2025 10 03 122621විශේෂඥයින් පවසන්නේ, අපැහැදිලි හෝ වැරදි අර්ථකථනයක් ලබා දෙන බෙහෙත් තුණ්ඩුවක් බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ය

    මෙය වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත්අකුරු සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් චෝදනා එල්ල කළ පළමු අවස්ථාව නොවේ. ඊට අදාළ පූර්ව අවස්ථා ලෙස, "වෛද්‍යවරුන් අත්අකුරු ලියන්නේ සිග්සැග් ක්‍රමයට" බව ඔඩිෂා ප්‍රාන්තයේ මහාධිකරණය පෙන්වා දී ඇති අතර "කියවීමට නොහැකි තරම් අපැහැදිලි අත් අකුරින් ලියා ඇති වාර්තා," පිළිබඳ අලහබාද් මහාධිකරණ විනිසුරුවරුන් ද කණස්සල්ල පළ කර තිබේ.

    කෙසේ වෙතත්, වෛද්‍යවරුන්ගේ අත්අකුරු අනෙක් පුද්ගලයින්ට සාපේක්ෂව වඩා නරක බවට පවතින සාම්ප්‍රදායික මතයට තහවුරු කිරීමට අධ්‍යයනවලට හැකි වී නොමැත.

    නමුත් විශේෂඥයින් පවසන්නේ, මෙම කණස්සල්ල ඔවුන්ගේ අත්අකුරු සෞන්දර්යාත්මක විය යුතු බවට හෝ පහසුව පිළිබඳ දෙයක් නොවන නමුත් අපැහැදිලිභාවයට හෝ වැරදි අර්ථකථනවලට ඉඩ සලසන බෙහෙත් තුණ්ඩුවක් බරපතළ, ඛේදජනක ප්‍රතිවිපාක ඇති කළ හැකි නිසා බව ය.

    වෛද්‍ය ආයතනය 1999දී නිකුත් කළ වාර්තාවකට අනුව එක්සත් ජනපදය තුළ වාර්ෂිකව වළක්වා ගත හැකි මරණ 44,000කට පමණ වෛද්‍ය දෝෂ හේතු වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් 7000ක් පමණ අපැහැදිලි අත්අකුරු හේතුවෙන් සිදුව තිබේ.

    ඇස් වියලීමේ රෝගී තත්ත්වයක් සඳහා අතපසුවීමකින් ලිංගික බෙලහීනතාව සඳහා නිර්දේශ කෙරෙන ආලේපනයක් ලබා දීමෙන් අනතුරුව ස්කොට්ලන්තයේ කාන්තාවකට රසායනික පිළිස්සුම් තුවාල සිදුවූ අවස්ථාවක් මෑතකදී වාර්තා විය.

    එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් "ඖෂධ දෝෂ භයානක මට්ටමේ හානි සහ මරණවලට හේතු වූ" බව පිළිගෙන ඇති අතර "රෝහල්වල ඉලෙක්ට්‍රොනික නිර්දේශ කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීමෙන් එවැනි දෝෂ 50%කින් අඩු කළ හැකි" බව සඳහන් කර ඇත.

    අපැහැදිලි අත්අකුරු නිසා සිදුවූ හානි පිළිබඳ දරුණු සිද්ධීන් පිළිබඳ නිශ්චිත දත්ත ඉන්දියාව සතු නොවන නමුත් ලෝකයේ වඩාත් ම ජනාකීර්ණ රට වන ඉන්දියාවේ අතීතයේදී බෙහෙත් තුණ්ඩු වැරදි ලෙස කියවීම සෞඛ්‍ය හදිසි අවස්ථා සහ මරණ රැසකට හේතු වී ඇත.

    Screenshot 2025 10 03 123021ඖෂධවේදීන් පවසන්නේ අපැහැදිලිව සටහන් කර ඇති බෙහෙත් තුණ්ඩු තවමත් ඔවුන්ගේ ඖෂධ හල් වෙත ලැබෙන බව ය


    වේදනා නාශක ඖෂධයක් වෙනුවට ඒ හා සමාන නමක් ඇති දියවැඩියා ඖෂධයක් ගැනීමෙන් පසු වලිප්පුව ඇති වූ කාන්තාවක පිළිබඳ ප්‍රසිද්ධ සිදුවීමක් තිබේ.

    දකුණු ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නල්ගොන්ඩා නගරයේ ඖෂධ අලෙවිසලක් පවත්වාගෙන යන චිලුකුරි පරමාතමා බීබීසීයට පැවසුවේ, 2014දී නොයිඩා නගරයේදී උණ සඳහා වැරදි එන්නතක් ලබා දීමෙන් පසු තුන් හැවිරිදි දැරියක මිය යාම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා කියවීමෙන් පසු හයිද්‍රාබාද්හි මහාධිකරණයේ තමා මහජන අවශ්‍යතා පෙත්සමක් ගොනු කළ බවයි.

    අතින් ලියන ලද බෙහෙත් තුණ්ඩු සම්පූර්ණයෙන් ම තහනම් කරන ලෙස ඉල්ලා ඔහු ගෙන ගිය විරෝධය 2016දී සාර්ථක වූ අතර, ඉන්දිය වෛද්‍ය සභාව නියෝග කර තිබුණේ "සෑම වෛද්‍යවරයෙකු ම ඖෂධ නාම (generic names) සහ සුදුසු පරිදි කැපිටල් අකුරින් සඳහන් කළ යුතුයි" ‍යනුවෙනි.

    ඉන්දියාවේ කනිෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය අශ්විනි කුමාර් චෞබේ 2020 වසරේදී පාර්ලිමේන්තුවට පැවසුවේ, මෙම නියෝගය උල්ලංඝනය කරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ප්‍රාන්තවල සෞඛ්‍ය බලධාරීන්ට බලය ලබා දී ඇති බව ය.

    නමුත් දශකයකට පමණ ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුව චිලුකුරි සහ අනෙකුත් ඖෂධවේදීන් පවසන්නේ, අපැහැදිලි අත් අකුරින් ලියා ඇති බෙහෙත් තුණ්ඩු තවමත් ඔවුන්ගේ ඖෂධ හල් වෙත ලැබෙන බව ය. පසුගිය වසර කිහිපය තුළ ඔහුට ලැබුණු බෙහෙත් තුණ්ඩු විශාල ගණනක් චිලුකුරි බීබීසීයට යොමු කර ඇති අතර ඒවායේ අන්තර්ගතයන් ඔහුට පවා තේරුම් ගත නොහැකි වී තිබේ.

    බටහිර බෙංගාලයේ නගර, උපනගර සහ ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ශාඛා 28ක් ඇති සහ දිනපතා ගනුදෙනුකරුවන් 4,000කට වැඩි පිරිසකට සේවාව සපයන කොල්කටා නගරයේ ප්‍රසිද්ධ ඖෂධ අලෙවිසලක් වන ධන්වන්තරීහි ප්‍රධාන විධායක නිලධාරී රවීන්ද්‍ර කන්ඩෙල්වාල් පවසන්නේ, ඇතැම් අවස්ථාවලදී ඔවුන් වෙත රැගෙන එන බෙහෙත් තුණ්ඩු කියවිය නොහැකි සීමාවේ පවතින බව ය.

    "ගත වුණු කාලය තුළ, නගරවල නම් බෙහෙත් වට්ටෝරු අතින් ලියන එකෙන් මිදිලා මුද්‍රිත බෙහෙත් තුණ්ඩු දීමට මාරුවෙලා යෙනවා අපි දැකලා තියෙනවා, නමුත් උපනගරවල සහ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් බොහෝ විට තියෙන්නේ අතින් ලියපු ඒවා තමයි."

    ඔහු පවසන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලය ඉතා පළපුරුදු බැවින් පාරිභෝගිකයින්ට නිවැරදි ඖෂධ ලබා දීම සහතික කිරීම සඳහා ඒවායින් බොහොමයක් තේරුම් ගැනීමේ හැකියාව පවතින බව ය.

    "එහෙම වුණත්, සමහර වෙලාවල් තිබෙනවා අපිට වෛද්‍යවරුන්ව අමතන්න වෙනවා, නිවැරදි ඖෂධ ලබා දීම අපිට ඉතාමත් වැදගත්."

    (බීබීසී සිංහල)



  • කුරුණෑගල ජනතාව නාමල්ට කිව්ව දේ ?

    2020 මහා මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඡන්දට ඉදිරිපත්වු දිස්ත්‍රික්කය මෙන් ම ලංකාවේ වැඩිම මනාප ලබා ඔහු අගමැති බවට පත්වූයේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යැයි පසන් කස්තුරි පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ Namal youtube නාලිකාව ඉදිරිපත් කරන 'ගමින් ගමට' වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.

    එහි දී ඔහු වැඩි දුරටත් පැවසුවේ කුරුණෑගල පොදුජන පෙරමුණට ඡන්දයේ දී ප්‍රධාන වනවා සේ ම පක්ෂයේ විශාල බරක් අදින දිස්ත්‍රික්කයක් බවයි.

    සාකච්ඡාව මෙහෙයවන ලද්දේ මීනු ගුණසිංහ විසිනි.



  • කුරුඳු අපනයනයෙන් ඉහල ආදායමක්

    කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රු. කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන අතර එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර පැවසුවේ, මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 300ක ඉලක්කයකට ළඟාවීමට තම ආයතනය බලාපොරොත්තු වන බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න