අමෙරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවු විය.
Butch Cassidy, the Sundance Kid.. වැනි 70 දශකයේ නිර්මාණය වූ ඇමරිකානු චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත් වූවා.
රෙඩ්ෆර්ඩ් ඊයේ (16) අමෙරිකාවේ, සන්ඩාන්ස් හි යූටා කඳුකරයේ තිබු ඔහුගේ නිවසේදී මිය ගිය බව වාර්තා වෙයි.
රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුද වූ ඔහු විසින් 1980 වර්ෂයේදී අධ්‍යක්ෂණය කළ ‘Ordinary People’ චිත්‍රපටය 1981 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන හතරක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශාලතම ස්වාධින චිත්‍රපට උළෙල ලෙස සැළකෙන උටාහි Sundance චිත්‍රපට උළෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද රෙඩ්ෆර්ඩ් ප්‍රසිද්ධ විය.
2018 දී රෙඩ්ෆර්ඩ් රංගනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළ අතර, 2016 දී ඔහු "රංගනයෙන් වෙහෙසට පත්ව සිටින" බව සදහන් කොට තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ පුත්තලම දිස්ත්‍රික්කයේ මත වැව ප්‍රදේශය හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, ජාතික ජන බලවේගයේ දිවුලපිටිය සහ මිරිගම ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි විශාල පිරිසක් දින තුනක ශ්‍රමදානයක් සංවිධානය ඇත.
වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සත්‍ය අසත්‍යතාවය විමසමින් නව ජනතා පෙරමුණ විසින් විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු නිළධාරි වෙත අද දින ලිපියක් බාරදී ඇත.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධාන අනුව එම ඉල්ලීම කර තිබේ.
මෙම අවස්ථාවට නව ජනතා පෙරමුණ පක්ෂ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම හිමි, නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, මූල්‍ය ලේකම් දිනුෂ්ක ගුණසේකර, කොලොන්නාව ප්‍රධාන ආසන සංවිධායක අජිත් කුමාර හා කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ සහභාගී වී සිටියේය.
වසන්ත ජ'පුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයට නොගියේ ඇයි ?
ලිපිය බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එම පක්ෂයේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග ප්‍රකාශ කර සිටියේ, පසුගිය දින වලදී පාර්ලිමේන්තුවේ දී රූපවාහිනි වැඩසටහන් වලදී මෙන්ම දේශපාලන වේදිකාවන් හි දී ද දිගින් දිගටම වසන්ත සමරසිංහ අමාත්‍යවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාණිජ විෂය ධාරාව හරහා 1995 වර්ෂයේ දී අපොස උ.පෙළ විභාගය දිස්ත්‍රික් Rank අංක 03 ලෙස ලබා ගෙන සමත්ව කැළණිය විශ්ව විද්‍යාලයට තේරී පත්ව කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා ගිය බවය.
නමුත් අප දන්නා පරිදි වර්ෂ 1995,1996,1997,1998 වැනි කාල වලදී උතුරු මැද පළාතේ අනුරාධපුර, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් Rank අංක 01,02,03,04,05 ලබා ගත් ඉහල පිරිස් යන්නේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයටය.
ඒ නිසා අපි අද දින විභාග කොමසාරිස්තුමාගෙන් විමසා සිටියේ වසන්ත සමරසිංහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අපොස උ.පෙළ සඳහා වාණිජ විෂය ධාරාව තෝරා ගෙන තිබේද? එය එසේ නම් ඔහු දිස්ත්‍රික් Rank 03 ලබා ගෙන සමත් වූවාද ? යන්නයි.
කැලණියට ගියේ දේශපාලනය කරන්නද ?
විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේ රටට ප්‍රකාශ කර සිටියේ ජනතාව මේ ගෙවන්නේ 75 වසරක ශාපය බවයි. මීට වසර 75 කට ප්‍රථම මේ රට පාලනය කල පිරිස හොරු, වංචා කාරයින් බව තමයි දිගින් දිගටම පැවසුවේ. ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම මාලිමා ආණ්ඩුවේ ඉන්නේ සුජාත පිරිස් බවයි ඔවුන් පැවසුවේ. ඔවුන් රටට බොරු කරන් නැති වංචා කාරයින් නොමැති දුෂණය නොමැති දේශපාලන ව්‍යාපාරයක් බවයි රටට ප්‍රකාශ කර සිටියේ.
ඒ නිසා වසන්ත සමරසිංහට අපි අභියෝග කරනවා ඔබතුමා රටට කියලා තියෙන්නේ ඇත්ත නම් ඒ පිළිබඳව සාක්ෂී සහිතව පෙන්නුම් කරන්න කියලා. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල අපේක්ෂකයෙකුට කැමැත්ත පරිදි අංක 1,2,3 ලෙස විශ්ව විද්‍යාල තුනක් නම් කරන්න පුළුවන්. දිස්ත්‍රික් Rank එක අංක 03 ඔහු ලබා ගෙන තිබුනේ නම් නියත වශයෙන්ම ඔහුට ලැබී තිබිය යුත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරේ වැඩ බාර ගැනීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට ඔබතුමන් එව්වද කියලා අපිට පැහැදිලි සැකයක් පවතිනවා.
මෙම අභියෝගය දුටු පසු අපි බලාපාරොත්තු වෙනවා අමාත්‍ය වසන්ත සමරසිංහ තම උසස් පෙල ප්‍රතිඵල ලේඛනය ද අතැතිව රටට සත්‍ය හෙළි කරාවි කියලා.
වසන්ත සමරසිංහව කැළණිය විශ්ව විද්‍යාලයට ජනතා විමුක්ති පෙරමුණ විසින් තෝරා පත් කර යවා ඇති නම් ඔවුන් විසින් සිදු කර තිබෙන්නේ දේශපාලනය කිරීම සඳහා වසන්ත සමරසිංහ පාචිච්චි කරපු එක. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවීම සඳහා තමයි එතුමාව කැළණිය විශ්ව විද්‍යාලයට එව්වේ. එසේ නම් අපි කැළණියේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ට කියන්න කැමති මෙතුමා ආවේ දේශපාලනය කරන්න. ශිෂ්‍ය සංගම් කරන්න ජවිපෙ වපුරන්න. ජනතා විමුක්ති පෙරමුණ වපුරලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පාරට ගෙනල්ලා , ශිෂ්‍ය අයිතිවාසිකම් නැති කරලා නිදහස් අධ්‍යාපන අයිතීන් නැති කරලා සමහර ශිෂ්‍යයින්ගේ පන්ති තහනම් කරලා උපාධිය අහිමි කරන්න තරම් නායකත්වයක් දෙන්න තමයි වසන්ත සමරසිංහ විශ්ව විද්‍යාලයට ඇවිත් තියෙන්නේ.
''තව දුරටත් ඔවුන්ට මේ රටේ බොරු වපුරන්න ඉඩ තියන්නේ නෑ''
ඒ නිසා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා විභාග කොමසාරිස්තුමාගෙන් ගරු වෙළඳ අමාත්‍ය වසන්න සමරසිංහ සම්බන්ධව අපි ඉල්ලා තිබෙන තොරතුරු පිළිබඳ සත්‍ය/ අසත්‍යතාවය හැකි ඉක්මනින් අප වෙත දන්වා එවන්න. ඒ සම්බන්ධව පිළිතුරු ලැබෙන තුරු අපි අවධානයෙන් ඉන්නවා.
ඒ වගේම මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට, ඔවුන්ගේ අහිංසක දෙමව්පියන්ට මේ රටේ සමස්ත ජනතාවට අපි කියන්න කැමතියි, කරුණාකරලා මේ ජනතා විමුක්ති පෙරමුණේ , මාලිමා ආණ්ඩුවේ දෙබඩි පිලිවෙත පිළිබඳව අවධානයෙන් ඉන්න. මොවුන් දිගින් දිගටම රටට බොරු කරනවා. අපි ඒ බොරු තව දුරටත් ඔවුන්ට මේ රටේ වපුරන්න ඉඩ තියන්නේ නෑ කියලා නව ජනතා පෙරමුණ ලෙස ප්‍රකාශ කර සිටිනවා.
දිවයිනට බලපා තිබෙන දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මහනුවර, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවල පමණක් පුද්ගල මරණ 90ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරු පවසති.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඔහු පවසන්නේ දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්
"ඔයාලගේ කෝච්චිවල ජනෙල් වහන්න බෑ. ඒ අය කියනවා ඒක හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ නෑ. ගාල්ලේ ඉඳලා කොළඹට පැය දෙක හමාරක් එද්දි එක වොෂ්රූම් එකක වතුර නෑ. දුම්රිය කියන්නේ ඔෆිස් දුම්රිය නේ. පිළිවෙලකට රස්සාවට යන මිනිස්සුන්ව ගේන්න බැරිද? මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක්.
ජාඇළ පැත්තේ පුංචි දරුවෙක් ඉස්සෙල්ලාම කෝච්චියේ යද්දි ජනේලේ වැටිලා ඇඟිලි දෙකක් අයින් කරා. කෝච්චියේ පළවෙනි ගමන යන දරුවාගේ ඇඟිලි දෙකක් නැති වුණාට පස්සේ, අපි අම්මලා තාත්තලා වශයෙන් වගකියන්නත් ඕනේ නේ. මම ඒ තාත්තාට කතා කරා. එයා අහනවා සර් මොකටද මේ රටේ ජීවත් වෙලා ඇහුවා.
මම නැවත නැවත කියන්නේ කරුණාකරලා, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ ආකාරයක අලුත්වැඩියාවක් කරන්නම ඕනේ. වොෂ්රූම්, ජනෙල්, ෆෑන්. දවස් තුනකින් කියන්න ඔයා කරගන්නේ මොකක්ද කියලා මට වට්ස්ඇප් කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ ඔක්කෝටම කියන්නේ, සර්විස් එක දෙන්න නැත්නම් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම."
දූෂණයට එරෙහි සටන භයානක නමුත් දූෂණයට එරෙහි නොවී සිටීම ඊටත් වඩා භයානක යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
ඔහු මෙලෙස අවධාරණය කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි මහා මණ්ඩල සැසියට එක්ව ලෝක නායකයන් අමතමිනි.
එම සම්මේලනය අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා...
''ලෝකයේ ජාතීන් අතර සාධාරණ සහ කල්පවතින සාමයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යෑමේ උදාර අරමුණු පෙරදැරි කරගෙන බිහිකළ මේ සුවිශේෂී සංවිධානය 80 වැනි සැසිවාරයේ සභාපති ලෙස තේරීපත්වූ යුරෝපයේ හදවතේ පිහිටි අපූර්ව ජර්මනියේ අතිගරු අන්නලේනා බයෝබර්ක් මැතිනියට මා උණුසුම් සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම ලෝකයම මවිතයට පත්කරන භූගෝලීය හා සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරූන්හි අතිගරු ලෝමාන් යෑන් හිටපු සභාපතිතුමා ලබාදුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා. සාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක අටක් පුරා ඇපකැප වූ සංවිධානයක බහුපාර්ශවික ගමන්මග සහ ඉදිරි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමුවරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මම ඉමහත් සතුටට පත්වෙනවා.
දුප්පත්කම අතිශයින් බරපතළ ඛේදවාචකයක්
ඔබ අප සෑම දෙනාම මේ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි, ඒ ඒ රටවල ජනතාවගේ නියෝජිතයින් වෙනවා. මගේ රට වන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම ජනතාව අප වෙත පවරා දුන් ඓතිහාසික වගකීමක් අප සියලු දෙනාගෙම උරහිස් මත පැවරී තිබෙනවා. අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතනක හෝ ජීවත්වෙන සෑම දෙනාටම බලපානවා. ඒ සියලු තීන්දු සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරනවා. මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණදෙන අතිශයින් බරපතළ ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ මහා ව්‍යසනය හේතුකොටගෙන නිර්මාණය වූ තවත් බරපතළ ගැටළු කිහිපයක් අපි ඉදිරිය අන්ධකාර පීඩාවක් නිර්මාණය කොට තිබෙනවා. ඒ පිළිබඳව මෙම සුවිශේෂ සමුළුවේ අවධානය යොමු කිරීම කළ යුතුම බවට මගේ හෘද සාක්ෂිය හඬනගා කියනවා. බොහෝවිට මේ සියල්ල ඔබගේ හෘද සාක්ෂියටත් අඩු වැඩි වශයෙන් බලපෑම් කරනවා ඇතැයි මා සිතනවා.
අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක් ම ගොඩනගන අත්තිවාරම යි
සම්භාවනීය නියෝජිතයිනි, ලෝකයේ බහුතරයක් රටවල් සියවස් ගණනාවක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අරගලය ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා.එය විවිධ මුහුණුවරින් එන බිහිසුණු සතුරෙක් වන අතර, අප මේ සමුළුව රැස්ව සිටින මොහොතේත් මා ද ඇතුළුව මේ සෑම නියෝජිතයකුම රටවල්වල අඩුවැඩි වශයෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. නමුත් නැතිබැරිකම, දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් ලෝකය පුරා සිටිනවා. තාක්ෂණයෙන් පිරිපුන් යයි උදම් අනන ලෝකයක් පාසල් අහිමි දරුවන් සිටීම මොනතරම් අවසනාවන්ත තත්ත්වයක්ද? අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනගන අත්තිවාරම වෙනවා.
අනාගත ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය වෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලෝකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අපි සළකනවා. බොහෝ සංවර්ධන වෙමින් පවතින රටවල්වල දුප්පත්කමට මුහුණ දීමේ ප්‍රගතියට ණය බර අඛණ්ඩව බාධා කරනවා. සාමාන්‍යයෙන් අඩුආදායම්ලාභී රටවල් සෞඛ්‍යය හෝ අධ්‍යාපනය සේවා සඳහා ගෙවීමට වඩා දෙගුණයකටත් වඩා වැඩි අරමුදල් ශුද්ධ පොලී ගෙවීම සඳහා වෙන් කරනවා.
පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙනුත් ණය උගුල්වල හිරවී සිටිනවා. මේ තත්ත්වයට සාධනීය විසඳුමක් අවශ්‍ය වෙනවා. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රයේ කිසිවකු අතහැර නොයන බවටත්, පළමුවෙන්ම පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් පොරොන්දු වී තිබෙනවා. අද ලෝකය පුරාමත් මුහුණ දෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරීමේ අභියෝගය බව තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය හඳුනාගෙන තිබෙනවා.
ලොවපුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගය
1995දී කෝපන්හේගන්හි දී පැවතී සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක සමුළුවේ දී ගත් තීරණාත්මක තීන්දුවක් ඔබේ අවධානයට යොමුකරවනවා. නමුත් අනපේක්ෂිත යුද්ධ දේශපාලන ව්‍යාකුලතාවයන් වගේම ලෝකයේ ම කුණාටුවකට හසුකළ කොවිඩ් වසංගතය නිසා අභිලාශකාමී න්‍යායපත්‍රය ව්‍යාකූලත්වයට පත් කොට තිබෙනවා. ඒ නිසා ඇති-නැති පරතරය, දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළ යුතුව තිබෙනවා. ගරු සභාපතිතුමනි, ගෞරවනීය අමුත්තනි,
මේ අසිරිමත් ග්‍රහ ලෝකය අස්ථාවරත්වයටත් ව්‍යාකූලත්වයටත් පත්වන නවතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය හා ඒහා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවේ පවා තහවුරු කොට තිබෙනවා. ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොවපුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපල වාර්තාගත ලෙස ආක්‍රමණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. මේවාට සම්බන්ධ කණ්ඩායම් රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරමින් සිටිනවා.
මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට, ලෝක දේශපාලනයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත්වී තිබෙනවා. මෙම ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින අතර මේ උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රිය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල්වලට සංක්‍රමණය වීමේ ඉඩප්‍රස්ථා අවුරාලීම, මේවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු මම මේ මොහොතේ ඔබගේ අවධානයට යොමු කරවනවා.
ඉදිරියට ම තැබිය යුතු අසීරු ම පියවර
ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි,
දූෂණය, සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයට හේතුවන වසංගතයක් විදියට අපි විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත් දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. 1948දී මානව හිම්කම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ඨාචාරයේ විවිධ ජයග්‍රහණයන් එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපකිරීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටනත් අසීරු පියවරක්. එහෙත් අප ඒ පියවර තැබිය යුතුයි. අප තබන පළමු පියවර අසීරු විය හැකියි. නමුත් අප නිර්භීතව තබන පියවර නිවැරදි නම් ඒ පියවර පිටුපස තවත් පියවර දහස් ගණනක් අප සමඟ ඒවි යැයි මා විශ්වාස කරනවා.

යුද්ධයක් සිහිනයෙන් දැකීමට පවා අකමැති වෙමු
ගරු සභාපතිතුමියනි, නියෝජිතවරුනි,
''නිර්භීතවන්න, ඉතුරු සියල්ල ඉබේම වේවි' යැයි ජවහර්ලාල් නේරුතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ මා සිහිපත් කරනවා. මම නියෝජනය කරන්නේ මිලියන 22ට ආසන්න ජනගහනයක් ජීවත් වෙන පුංචි දීප්තිමත් දූපතක්. ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් 0.3%ක් පමණ වෙනවා. අපේ රටේ වගේම රටේ සිටින ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මක සහ සංඛ්‍යාත්මකව කුඩා බව ඇත්ත. නමුත් අපේ රටෙත් ලෝකයේත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කොට තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මා යෝජනා කරනවා.
ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි,
ඔබ කුමන රාජ්‍ය නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙක්ම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමඟ එක්වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතන හෝ කෙසේ හෝ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුණත් ඒ හරහා සිදුවන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා ඒ ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් ඉන්නවා. දශක තුනකට වඩා වැඩි කාලයක් යුද්ධයේ කටුක අත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණනක් සැමරුම් ස්මාරක අසලට පැමිණි ඔවුන්ගේ දෙමව්පියන් දූ දරුවන් බිරින්දෑවරුන් දෑත් එක්කරගෙන නඟන වේදනාබර ආයාචනය දකින ඕනෑම කෙනෙක්, යුද්ධයක සිහිනයක් දැකීමට පවා අකමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා.
බලය වැඩි කරගැනීම සඳහා ජීවිතවලට බලපෑම් කිරීම අයුක්ති සහගතයි
ගැටුම් නිසා මිනිස්සුන්ට විඳින්න සිදුවී ඇති දුක් පෙර නොවූ විරූ මට්ටමට ළඟා වී තිබුණත් බොහෝවිට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනකගේ දුක්වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත්වී තිබෙනවා. දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින් යන පාපන්දුවක් බවට පත්කිරීම අවස්ථාවාදී බල දේශපාලනය ඛේදවාචකයක් වී තිබෙනවා.
තමන්ගේ බලය වැඩි කරගැනීමට තවත් කිසිවෙකුටත් ජීවිතවලට බලපෑම් කිරීම සහ පීඩාකිරීමට කිසිවකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස, ජීවිත විනාශ කිරීම නොවේ. ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන බිහිසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම ගාසා තීරය වේදනාබර ඛේදනීය එළිමහන් සිරකඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව්පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත දෙපාර්ශවය කඩිනමින් සටන් විරාමයකට යොමුවීමත් බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත් සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ අපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව අපි හඬනඟනවා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා.
වර්ගවාදයේ විෂ තවමත් තැන තැන
පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා.
ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනා ගත යුතුව තිබෙනවා. 1967 දේශ සීමා මත පදනම්ව රාජ්‍යයන් දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ හා ස්ථිර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝකවාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නකු බවට පත්වී සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළඹ තිබෙනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත්කරන යුද ගැටුම්වලට උමතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතල ලෙස හේතු වී තිබෙනවා. වහල්භාවය අහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත් වර්ගවාදයේ විෂ තවමත් තැන තැන තිබෙන බව නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණ වන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී වර්ගවාදී ඝෝෂාවන් තවදුරටත් අලුයට ගිනි පුපුරු මෙන් ඉතිරිව තිබීමයි. එහි බිහිසුණු තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස ගිනිපුපුරු විටින් විට මහා ගිනි ජාලාවක් බවට පත්කිරීමයි. ආයුධ මගින් ප්‍රශ්න විසඳාගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම්වලින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මියයන ලෝකයක අපි අපි බිලියන ගණනින් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා.
ලෝකයේ සෑම බිම් අඟලක් ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකිනම්...
නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණන් ජනතාව මරණයේ මාවත තෝරාගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නමැති පියාපත් ලබන්නට බැරිව ලක්ෂ ගණන් දරුවන් සුසුම් හෙළන විට භූමියන් ආක්‍රමණය කරන්නට මිලියන ගණන් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකිනම් එය ලෝකයේ ආශ්චර්යමත් ලෝකයක් බවට පත්වෙන බව ඒකාන්තයෙන්ම අපි විශ්වාස කරනවා. මේ සමුළුවට එක්වූ අපි සියලුදෙනා ලෝක සාම ජනාවාස බිහිකරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමුයි කියා මා යෝජනා කරනවා.
ජනතා නියෝජිතයන්ගේ වගකීම්
ගෞරවනීය ආරාධිත අමුත්තනි,
ඓතිහාසික මැතිවරණයකින් ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහිවූ ව්‍යවස්ථාදායකය විවිධත්වයකින් සහ විචිත්‍රත්වයකින් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවන්ත විශ්වාසයක් තැබුවා. තව අතකින් දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු කාන්තා සහ සෙසු ජාතීන්ගේ නියෝජනය ඓතිහාසික තත්ත්වයක් නිර්මාණය කළා. පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලනතන්ත්‍රය තුළ ජනවාර්ගික විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසකම් සහ අවස්ථාවන් ලබාදීම සඳහා අප තුළ ඇති කැපීවීම නැවත බලගන්වනු ලබනවා.ඒ වගේම මහජන නියෝජිතයන් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බව අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම් විය යුත්තේ රට හා ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධන වීම නොවන බව අප විශ්වාස කරනවා.
ලෝකය ඉදිරියේ ඇති විශාලතම අභියෝගය
සභාපතිතුමියනි, සම්භාවනීය අමුත්තනි,
අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාද ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරේ අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අප ජයගනිමින් සිටිනවා. වර්තමානයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අපගේ නව ඉලක්කය ලෝකය ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවන්ට ප්‍රවේශවීමට හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වුවහොත් තාක්ෂණයට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්ථා විවරවීම සංවර්ධනය වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැලැක්විය නොහැකි වෙනවා.
එනමුත් එසේ කිරීමට අප අසමත් වුවහොත් තාක්ෂණයේ අසමානතාවය අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇතිවීමට තුඩුදෙන තවත් බලවේගයක් වන බව අප විශ්වාස කරනවා.
ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීමට නොහැකි රාජ්‍යයන් අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබ්බට විහිදුණු පරතරයක් මතු වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලොව පුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘතිම බුද්ධිය භාවිතා කිරීමට යටිතල පහසුකම් අවම වීම බලපා තිබෙනවා.
ව්‍යසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක්
ගෞරවනීය සභාපතිතුමනි, ආරාධිතයිනි,
අප නව ලෝකයක් බොහෝ යහපත් ලෝකයක් මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනගා ගත යුතුයි. මෙම සමුළුවේ සාමාජිකයෙන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහනිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධාන පිහිටුවීමේ ප්‍රඥප්තිය අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරී ටෲමන් කළ ප්‍රකාශයක් සිහිපත් වෙනවා. අප ක්‍රියා කළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත්ව නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කරගත හැකි මෙන්ම එය වඩා සමීප යැයි යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව අප ඇපකැප වූ පරපුරක් ලෙස මෙම සමුළුවේදී අධිෂ්ඨාන කරගනිමු.
අපේක්ෂාවේ සිහිනය
අවසාන වශයෙන්, මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කරදීම මගේ ඒකායන සිහිනය වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කරදීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අප විශ්වාස කරනවා. නිරෝගී ධරණි තලයක සාමය, ගෞරවය හා සමානාත්මතාව වෙනුවෙන් කැපවෙමු යනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. එය ලෝකයේ සැබෑවට පිළිසකර කරන්නන් වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. බෙහෙවින්ම ස්තූතියි...!"


මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ''පොදු ප්‍රවාහන බලපත්‍රය'' ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදී පැවසීය.
බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ අනුව මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවත් එහිදී අමාත්‍යවරයා පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,
"දැන් සීට් බෙල්ට් අනිවාර්ය කරානේ. මම පිළිගන්නවා සමහර බස් නිෂ්පාදනය කරලා එනකොට සීට් බෙල්ට් තිබුණේ නෑ. හැබැයි බස් මොඩිෆිකේෂන් කරන්න පුළුවන් සීට් බෙල්ට් එක දාගන්න බෑ. දැන් දරුවාගේ පාසල් බෑග් එකේ පටිය දාගෙන යනවා මාව, පොලීසියේ මහත්වරුන්ව රවට්ටන්න. මේ අයට මිනිස්සු 50ක් භාර දෙන්න සුදුසු නෑ ඇත්තටම ගත්තොත්. අපි තීන්දුවක්ම අරන් තියෙනවා පොදු ප්‍රවාහනයට එන්න ඕනේ සීරියස් මිනිස්සු. ඒ නිසා අපි හිතන් ඉන්නවා මිනිස්සු ප්‍රවාහනය කරන හැම රියදුරු මහත්මයාම පොදු ප්‍රවාහන බලපත්‍රය ගන්න ඕනේ. දැන් අපි සැලසුම් හදලා ඉවරයි දෙසැම්බර් 31 වෙනකොට අනිවාර්යයෙන්ම PT කියන බලපත්‍රය ගන්න ඕනේ..."
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම නිසා ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.
දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,900 ත් 2,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ දිනවල දෙහි හිඟයක් පැවැතීම නිසා මෙලෙස දෙහි මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.
දෙහි තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බොහෝ දෙනකු පැඟිරි රහිත දෙහි ගැට පවා කඩා තොග වශයෙන් අලෙවි කරන බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.
මෙලෙස වෙළෙඳපොළට ලැබෙන දෙහි ප්‍රමාණය සීමිත වීමත්, මිල අධික වීමත් හේතුවෙන් දෙහි ගෙඩිය දෙකට කපා බෑය අලෙවි කරන බව පැවැසේ.
(සාලිය කුමාර ගුණසේකර/ ප්‍රසංග පාවුළුහේවා - කටුනායක | aruna.lk)
ඩිජිටල් අවකාශයට එක්වන නවතම පුවත් වෙබ් අඩවිය 'ලංකා ලෝකය' (lankalokaya.lk) 2026 ජනවාරි මස ආරම්භ කිරීමට නියමිත බව අප වෙත වාර්තාවෙයි.
මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේදී රුපියල් බිලියන 50ක අතිරේක ආදායමක් වාර්තා කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.
2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදය නිකුත් කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින ගැටලු වලට විසඳුම් ලබා දෙන්නැයි දේශිය ආදයම් සේවා සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළැඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රිත ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ නියාමනය, සැපයුම සහ බෙදා හැරීම බරපතළ අභියෝගයකට ලක්ව ඇති අවස්ථාවක රට තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්ව යටතේ දියුණු ඖෂධ පරීක්ෂණාගාර ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජයේ තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති සහ සමගි ජන බලවේගයේ දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ සන්දේශයක් යොමූ කර ඇත.
දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය අළුයම 12.28 ට යළි කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේ 1977 බලයට පත්වූ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

