ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව, ස්ථාවරව සහ ශක්තිමත්ව පවත්වා ගැනීම, මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන සහ සිදු කළ යුතු වටිනාම ආයෝජනයක් බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම රජයකට කිසිසේත් ම අත්හළ නොහැකි වගකීමක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ වෛද්‍යවරුන් රට තුළ රැඳි සිටීම දිරිමත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මෙම නිවේදනයේ සඳහන් වන පරිදි රට තුළ නැවත ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වෙමින් පවතින මොහොතක ඉදිරිපත් වන මෙවර අයවැය ලේඛනය තුළ දී සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු හඳුනා ගනිමින් ප්‍රමුඛතාවයන් සහිතව විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය අවධාරණය කරයි.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
වෛද්‍යවරුන් රට තුල රැඳි සිටීම දිරිමත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය.
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව, ස්ථාවරව සහ ශක්තිමත්ව පවත්වා ගැනීම, මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන සහ සිදු කළ යුතු වටිනාම ආයෝජනයයි. නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම රජයකට කිසිසේත්ම අත්හළ නොහැකි වගකීමකි.
මෙරට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට මුහුණ දී ඇති ප්‍රබලතම අර්බුදය වනුයේ, විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත පද්ධතියට අහිමි වී යාමයි.
රට තුළ නැවත ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වෙමින් පවතින මොහොතක ඉදිරිපත් වන මෙවර අයවැය ලේඛනය තුළදී, සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු හඳුනා ගනිමින් ප්‍රමුඛතාවයන් සහිතව විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි.විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ඉවත් වී විදෙස් ගත වීමට ප්‍රධානතම හේතු බවට පත්වී ඇත්තේ ආර්ථික අස්ථාවරත්වය සහ යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීමයි.
දීර්ඝ කාලයක් තිස්සේ රෝහල් පද්ධතිය තුළ පැවති ගැටලු විසඳීමට අසමත් වීම හමුවේ, මෙරට රෝහල් පද්ධතිය නුදුරු දිනකදීම බිඳවැටීමේ අවධානමකට ලක් වී ඇති අතර, ඒ වෙනුවෙන් කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක නොවන්නේ නම්, මෙරට සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
