2023 වර්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ, පූනාගල ප්‍රදේශයේ කබරගල වත්ත නාය යාමෙන් අවතැන් වූ පවුල් 50 ක් වෙනුවෙන් ආපදාවට පත්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉදිකෙරෙන කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
පසුගිය වසරේ ආරම්භ කෙරුණු මෙම නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් එක් නිවසක් ඉදිකිරිම සඳහා සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලක්ෂ 32 ක මුදලක් වෙන් කෙරෙන අතර මෙහි ඉදිකිරිම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකායේ ශ්‍රමදායකත්වයෙන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම නිවාස ව්‍යාපෘතියේ වර්ථමාන තත්ත්වය නිරික්ෂණය සඳහා ඊයේ (13) වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රවීන්ඳ්‍ර බණ්ඩාර හා අම්බිකා සාමිවෙල් සහ ප්‍රතිලාභි නිවාස හිමියන් කිහිපදෙන් ඇතුලු පිරිසක් සම්බන්ද විය.


