ඔන්න මචංලා , ඇමරිකාවෙ ඔහියෝවල උතුරු එඩිසන් ඩ්‍රයිව් පාරේ, නොම්මර නවයෙ ගෙදර හිටපු මෑන්ස් ගැනයි අද කථාව කියන්න යන්නෙ.
පොර හෙණ ම වැඩ්ඩ. පේටන්ට් ම බර ගාණක් ලොක්කගෙ නමට තියෙනවලු. සමහර නොට්ටිගෙ පුතාලා බලු කතා කියනව පොර අර ටෙස්ල කියන මෑන්ස්ගෙන් ප්ලෑන් ඉස්සුව කියලත්. අරූ දැනගන්න එපායැ උගෙ කුට්ටම පරිස්සං කර ගන්ඩ නේ ? .cloth. (රෙද්ද ).
දුක දිනල ජය ගත්තු හැටි
ඒ වෙඩින්ග් කියන්න ගියොත් සිරාම සීන් එක යටයනවා. පොරට හම්බානක බර නේ. සල සල ගාලා වටෙන්ම සල්ලි එන්නෙ. කාල බීල, ඩිස්ටි ඩිඩින්ග් දාලා ඉන්ඩ තමා තියෙන්නෙ. මොකෝ රීලෝඩ් දාලා රට හදන්ඩ කියලෑ? අපරාදේ ඒ කාලේ යූටියුබර්ස්ලා හිටියෙ නෑනේ. හිටිය නං පොර අනිවා ඉන්ටර්විව් පහක් හයක් දීලා, දුක දිනල ජය ගත්තු හැටි කියලා, පස්සෙ පොරම චැනල් එකක් පටන් අරං, පොඩි ගාණකට හයර් කරපු සුද්දො දෙන්නෙක් තුන්දෙනෙක් දාල ශෙඩ් එකේ බැස්සහම "සා ....වෑව්" කිය කිය, වණ්ඩිය වටේ යවල රගෝල ගන්නෙ. කමන්නෙ නෑ කමන්නෙ නෑ.
ඔන්න පොරට හිතුණලු දවසක් පොරගෙ යාළුවො ටික ගෙන්නල අඩියක් පුඩියක් ගහල, හීනියට යමක් ඔතෝලා එහෙම ගන්ඩ. දැන් ඔය බොන බෝතලේ ලේබලේ ඉදලා , කන ඉස්සගෙ නැට්ට වෙනකල් ලයිව් යන බුවාලගෙයි, දෙකක් දාගත්තු වෙලාවෙ ඉඳල අතුල අධිකාරිගෙ හඩින් ජෝතිගෙ සින්දු අවුට් කියන උන්ගෙයි, නටන නටෝන ගමන් ලයිව් යන, ලේඩීස්ලගෙයි ග්‍රෑන්ඩ් ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලට තමා කාලෙ හැටියට පොර ඉන්වයිට් කරල තියෙන්නෙ. ඔන්න පාර්ටිය දවසෙ පාන්දර ම ඒ කියන්නෙ හවස හය හත වෙනකොට එක එකා තෝමස් හවුස් එකට ඌබර් දාගෙන හෙම එන්ටර් වෙනවලු. දන්නවනෙ සීන් එක, කන පැළෙන්න බීල ගිහිං මාට්ටු වෙනකොට, බේරගන්ඩ මොකෝ රටෙන් බාගයක් රන්මල් ලෑ නැයො කියලයෑ?

අගුළ දාලා නෑ දොරේ
එන එන එකාට, ඇතුළට එන්න, "අගුළ දාලා නෑ දොරේ.'' කියල තෝමස් ලොක්කා පොරගෙ වැඩලු. ඉතිං එන උන් මේන්ඩෝ එක අරින්න හදනවලු හදනවලු දොර හෙන තදයිලු. කට්ටිය එකා දෙන්නා පස්සෙ ෆුල් ඩම් දාලා, පුප විකාගෙන දොර තල්ලු කරගෙන ඇතුළට එනවලු. ඊට පස්සෙ එන උනුත්, අර විදියටම තල්ලු ස්ටාට් මෝඩ් එකේම දොර තල්ලු කරගෙන පාටියට එන්ටර් උනාලු. උන් දෙකක් දාගත්තට පස්සෙ, අපේ උන් වගේ අලුත් සාදුගෙ බණ ෂෝට්ස් බල බල ආතල් ගන්න උන් නෙමෙයිනෙ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
