Image

කඩුලු මතින් දිවීමේ කනිෂ්ඨ ශූරයා කෙවින් නවෝද්‍ය

කඩුලු මතින් දිවීමේ කනිෂ්ඨ ශූරයා කෙවින් නවෝද්‍ය

ශ්‍රී ලංකා සම්භවයක් පවතින කෙවින් නවෝද්‍ය ඕස්ට්‍රේලියාවේ වසර ගණනක සිට මෙම කඩුලු මතින් දිවීමේ දක්ශතා පෙන්නුම් කරයි.

2026 - Victorian Junior Track and Field Championship තරගය Lake side park , Melbourne හි වයස අවුරුදු 17න් පහළ මීටර් 110m කඩුලු මතින් දිවීමේ ප්‍රථම ස්තානය දිනාගැනීමට කෙවින් නවෝද්‍ය  සමත් විය. දක්ශතාව ලෙස14.93 second සටහන් විය.

2026 ඕස්ට්‍රේලියා ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය (2026 - Australian Junior Athletics Nationals Championship ) Queensland ප්‍රාන්තයේ Brisbane නගරයේ QSAC Brisbane stadium ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. එහි 17න් පහළ මීටර් 110 H කඩුලු මතින් දිවීමේ අවසන් තරගයෙන් පස්වැනියා ලෙස තරගය අවසන් කළ අතර දක්ශතාවය ලෙස 14.45seconds සටහන් විය. එහි දී Victoria ප්‍රාන්ත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සහාය දිවීමේ ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට කෙවින් සමත් විය.

2024 වසරේ පැවති Adelaide SA Athletics Stadium ක්‍රීඩාංගනයේ  පැවති Australian little Athletics National Championship තරගයේ දී වයස අවුරුදු 14 න් පහළ මීටර් 90m කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්තානය දිනාගැනීමට සමත්විය. දක්ශතාවය ලෙස 12:54 සටහන් විය.

2023 වසරේ Perth හි පැවති WA Athletics stadium ක්‍රීඩාංගනයේ දී ජාතික පාසල් ශූරතාවයේ දී වයස අවුරුදු 14න් පහල මීටර් 90m කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්විය විය. දක්ශතාව ලෙස 12:94 සටහන් විය.

කෙවින්ගේ පුහුණුකරු ලෙස Katie Sandhu කටයුතු කරයි. 

WhatsApp Image 2026 04 30 at 08.23.34

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න