ඉන්දීය කණ්ඩායම 3 වැනි වරටත් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
ඒ, පසුගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 5 කින් ජය ගනිමිනි.
ඉන්දියාවේ නවි මුම්බායිහිදී  මෙම තරගය පැවැත්වුණි.
එහි කාසියේ වාසිය හිමිකර ගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම තීරණ කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටය.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 338ක්.
ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී නියමිත ඉලක්කය පසු කරන ලදි.
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සහභාගී වන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා නවි මුම්බායිහිදී  පැවැත්වීමට නියමිතය.


 
     
     
    