අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි සත්ව සංරක්ෂණ උද්‍යානයක පැවති ප්‍රසංගයක් අතරතුර කොටියෙකු සිය පුහුණුකරුට පහරදී මරා දැමීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොටියාගේ ප්‍රහාරයට ලක්වූ 37 හැවිරිදි රයන් ඊස්ලි එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ටෙක්සාස් දේශසීමාව අසල ගිනිකොනදිග ඔක්ලහෝමා හි හියුගෝ හි ග්‍රෝලර් පයින්ස් ටයිගර් රක්ෂිතයේදී පසුගිය සෙනසුරාදා සවස 2ට පමණ මෙය බියකරු සිදුවීම සිදුව ඇත.
ඊස්ලි සහ කොටියා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් රංගනයක් ඉදිරිපත් කරමින් සිටියදී මෙම පහරදීම සිදුව තිබුණි.
සපා කෑ කොටියා කුඩා කාලයේ සිටම ඊස්ලි විසින් ඇති දැඩි කර ඇති අතර, කොටියා ඊස්ලිගේ බෙල්ල සහ උරහිස හපා කන මොහොතේ එම ස්ථානයේ ඊස්ලිගේ බිරිඳ සහ කුඩා දියණිය ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක් බලා සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවීමෙන් අනතුරුව ඊස්ලිගේ බිරිඳ දිවගොස් කොටියාව වෙනත් කූඩුවකට ඉවත් කළ බව ද වාර්තා වේ.
මරණ පරීක්ෂණය සඳහා ඊස්ලිගේ දේහය ඔක්ලහෝමා හි ටුල්සා හි පිහිටි රාජ්‍ය වෛද්‍ය පරීක්ෂක කාර්යාලයට ගෙන ගොස් තිබුණි.
Okahoma tiger handler killed in front of family during show: Everything we know so far
ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නම් ඖෂධය භාවිතාවෙන් පසු ඇති වූ සංකූලතා කිහිපයක් නිසා එම ඖෂධය භාවිතා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සම්පූර්ණයෙන් නතර කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
පසුගිය සෙනසුරාදා සිට මේ ඖෂධය ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවත් අයිඩීඑච් රෝහලේ සිදුව ඇති මරණ දෙක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් පරීක්ෂණ සිදුකරන බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස කීවේය.
එසේම මේ ඖෂධයේ සංකූලතා ගැන ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරවල පරීක්ෂණ සිදුකරගෙන යන බවද ඇමැතිවරයා කීවේය. මේ සිදුව ඇති මරණ දෙක ගැන මේ සමග ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන වෙනම පරීක්ෂණයක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.
2021 වසරේ ඇණවුමක් මත 2025දී සහ 2024 ඇණවුමක් මත 2025දී ගෙන්වූ ඖෂධවල සාම්පල් හතරක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය අති බවද ඇමැති නලින්ද ජයතිස්ස මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.
(divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)
ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණිල්ලක් සිදුකර තිබේ.
ආපදා තත්ත්වයෙන් විනාශයට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට ‘RE-MSME – ආපදා සහන’ නමින් නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩායි වෙරළ තීරය ආශ්‍රිතව පැවැති යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකට ඊයේ (14 වැනිදා) එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මහාචාර්ය චරිත පට්ටිආරච්චි (මැද) සම්මානය අතැතිව
සටහන :
කුමුදු ජයවර්ධන
බීබීසී සිංහල
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව, ස්ථාවරව සහ ශක්තිමත්ව පවත්වා ගැනීම, මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන සහ සිදු කළ යුතු වටිනාම ආයෝජනයක් බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම රජයකට කිසිසේත් ම අත්හළ නොහැකි වගකීමක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
ඔන්න මචංලා , ඇමරිකාවෙ ඔහියෝවල උතුරු එඩිසන් ඩ්‍රයිව් පාරේ, නොම්මර නවයෙ ගෙදර හිටපු මෑන්ස් ගැනයි අද කථාව කියන්න යන්නෙ.
ඉන්දීය කණ්ඩායම 3 වැනි වරටත් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින් සඳහා ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් භාවිතය නවත්වන බව මෙටා සමාගම පවසා ඇත. ඔස්ට්‍රෙලියානු රජය විසින් හදුන්වාදීමට යන මාර්ගගත ආරක්ෂාව පිළිබඳ නව නීතිවලට අනුකුලවෙමින් මෙම තහනම දෙසැම්බර් 10 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.
පහුගිය දවස්වල ආණ්ඩුවෙන් විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළා. එනම් 'ඖෂධ වලට පාලන මිලක්.' මාලිමා රජය මැදිහත් වී ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීමට සූදානම් වෙනවා. එහි බොහෝ කටයුතු දැනටමත් අවසන්. කියන පුවත.
මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි
අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවය.
එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස
"සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්. දකුණු ආසියානු රටවල මේ මොහොත් වෙළෙඳපොළ තත්ත්වය මොකක්ද කියන එකත් සලකලා බලලා යම් මිල පරාසයක් නියම කරලා තියෙනවා. ඒකට කැමති නැති කට්ටිය ඖෂධ සපයන්නේ නෑ. SPC එකට අපි ඇනවුම් ටික භාර දීලා තියෙන්නේ ටෙන්ඩර් කරන්න කියලා. දැන් ඒ කටයුතු සිදුවෙනවා 80%-85%ක් විතර දැන් ඒ කටයුතු අවසානයි. අපි ප්‍රසම්පාදනය කරපු ඖෂධ මේ නොවැම්බර්වලින් පසුව එන්න නියමිතයි. අනෙක් කාරණය විවිධ හේතුමත ව්‍යාපෘති නතර කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් දෙගුණයක් මුදල් වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයෙන් මේ වෙනුවට. ව්‍යාපෘති 17ක් තියනවා ලංකාවේ නතරවුණ තැනින් ආරම්භ කරනවා ඒ ව්‍යාපෘති 17ට වර්තමානයේ වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 59ක්. නියමිත පරිදි 2018දී 2020දී හෝ 2022දී අවසන් කළා නම් අපිට යන්නේ බිලියන 29යි."
Ada derana.lk
තත්ත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු මිය යෑමත්, තවත් පිරිසකට සංකූලතා ඇතිවීමත්, රෝගීන් වෙත නිකුත් කරන ඖෂධවල ප්‍රමිතිය සහතික කිරීමට නොහැකිවීමත් පිළිබඳව Free Lawyers සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කරයි.
2022 අරගලය අතරතුර මැදමුලනේ දී පුද්ගලයින් තිදෙනකු මරා දැමුවේ යැයි සැකපිට අරුණ විදානගමගේ හෙවත් කජ්ජා පිළිබඳව සැක කර බුද්ධි අංශ ඔහු පිළිබද සොයා බලන විට එම තොරතුරු ඔහුට සපයා ඔහු බේරාගෙන ඇත්තේ පොලිසියේ උසස් නිලධාරියෙක් යැයි පැවසේ.
මේ සිද්ධිය අනාවරණය කරන්නේ ගින්දර - Gindara youtube නාලිකාව කළ හෙළිදරව්කව දි ය.
මතු පළ වන්නේ ගින්දර - Gindara youtube නාලිකාව කළ හෙළිදරව්ව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ නිල කාලය අද ( 22) දිනයෙන් අවසන් වන බැවින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන ආරච්චිගේ තිළිණ මධුශංක හෙට (23) සිට පත් කර තිබේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා පවසනුයේ ඉදිරි මාස 3 ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව බස්නායක නිලමේ වරයෙකු පත් කිරීම සඳහා කටයුතු කරන බවයි.
වැඩ බලන බස්නායක නිලමේ තිළිණ මධුශංක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතමයෙක් ද වේ.
( විනිවිද )

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ.
කන්ටේනර් නිදහස් කිරීම හා අමාත්‍ය මණ්ඩල සංශෝධනය අතර කිසිම සම්බන්ධතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසිය.
"මම හිතන්නේ මාධ්‍ය යේ ඉන්න ඔබ අර විපක්ෂයේ ඉන්න සජිත්ට දයාසිරිට වඩා බුද්ධිමත් වෙන්න ඕන කියලා. ඒ මොකද කන්ටේනර් සිදුවිමයි අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. කන්ටේනර් සිදුවීමයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි ගැන අපි කථා කරලා තියෙනවා. ඒ සිදුවිම ගැන පරික්ෂණ කමිටුවක් දැම්‍මේ ජනපතිවරයා."
(ada)
" Ne bis in idem " ( You cannot be tried twice for the same offence)
පසුගිය දින කලාඔයේ මගීන් 70ක් සමග බස් රථයක් අනතුරට ලක් වූයේ රියදුරු ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, දේශපාලන අස්ථාවරත්වය සහ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා දකුණු ආසියාවේ ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් ඉල්ලා සිටියේය. තව ද සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉන්දියාවේ කේන්ද්‍රීය කාර්යභාරය පිළිබඳව ද ඔහු අවධාරණය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

