මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙයන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
''වාඩි වෙන්න තැනක්, බීමට ජලය, වැසිකිළි පහසුකම් නැහැ'' .
ජනතාව මැසිවිලි නඟති
ශ්‍රී ලංකාවේ විදුලි මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, මතභේදාත්මක මෝටර් බල වර්ගීකරණයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සමඟ සති ගණනාවක් පුරා පැවති නීතිමය අරගලයකින් අනතුරුව, රඳවාගෙන සිටි විදුලි මෝටර් රථ සිය ගණනක් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇති බව .BYD හි නිල නියෝජිත John Keells CG Auto (JKCG) සමාගම නිවේදනය කරයි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී තිබේ.
CCTV දර්ශන මෙරට ප්‍රවෘත්ති වාර්තාකරණයේ බහුලව භාවිතා වන දෘශ්‍ය අංගයක් බවට පත්ව ඇත.
කැලණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම මේ වන විට බැම්මේ (Bund) ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) පවසයි.
ඉරණමඩු ජලාශයේ ජලපෝෂකවලට ලද අධික වර්ෂාව හේතුවෙන් වාන් දොරටු විවෘත කර ඇති බැවින් ආරක්ෂිත ස්ථානවලට යොමුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට වසර පහළොවකට පමණ සිට ඉල්ලා සිටින ජනමාධ්‍ය යුක්තිය තවමත් අප වෙත ලැබී නොමැති බැවින් අනාගතයේ බිහිවන මාධ්‍යවේදීන්ට ද මේ කොඩිය ඔසවාගෙන යෑමට සිදුවනු ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී දුමින්ද සම්පත් පැවසී ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බඳු බරපතළ ප්‍රතිසංස්කරණයක් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පමණක් නොව සිවිල් ජනතාව සමග ද සාකච්ඡා කළ යුතුව තිබුණේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අනාගතයේ දී පක්ෂ දේශපාලනය අසාර්ථක වන බවත් පුද්ගල චරිත මත දේශපාලනය තීන්දුවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
විපක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලන කටයුත්ත තුළ විපක්ෂයේ කාර්යභාරය ඉතා වැදගත් වුව ද අද වන විට විපක්ෂයේ කටයුතු දැඩිව දුර්වල වී ඇතැයි ද ඔහු කියා සිටියි.
අභාවප්‍රාප්ත මනෝජා මධුවන්ති කරුණාරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත පැමිණියේය.
ඔහු ඉහත කාරණය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවට සහභාගි වූ මොහොතේ මාධ්‍යවේදීන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග ආ ගිය තොරතුරු පවසමින් සිටි මොහොතක ය.
''විපක්ෂයේ කටයුතු වෙනුවට “චරිත” ලෙස හැඳින්විය හැකි පුද්ගලයො කිහිපයක් පමණක් දේශපාලන කටයුතු කරමින් ඉන්න බව පෙනෙනවා. උදාහරණයක් විදියට: චාමර සම්පත් දසනායක, දයාසිරි ජයසේකර යන අයගේ දේශපාලන කටයුතු දකින්න පුළුවන්.'' යයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
එම අවස්ථාවේ එහි සිටි රනිල් වික්‍රමසිංහගේ පෙර අනුගාමිකයන් වන වත්මන් සමගි ජන බලවේගය නියෝජනය කරන වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනනායක යන අය විපක්ෂ සන්ධානය සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ ක්ෂණිකව මෙසේ සඳහන් කර ඇත.
“සන්ධානයට සජබ නායකත්වය ගන්න දඟලන්නෙ මම ඒකට එකඟ නොවෙයි කියල හිතලනේ... ඔය කියන විදිහට සමගි ජන බලවේගය සන්ධානයට නායකත්වය දරන එකට මම එකඟ වුණොත්, ඒ සන්ධානයේ ඊළඟ ගමන පිළිබඳව ඔයලට යම් යෝජනා/පිළියමක් තියනවද ?”
එම ප්‍රශ්න කිරීම හමුවේ වරුණ හා මහේෂ් දෙදෙනාම නිහඬ වී ඇත.
එසේම, දෙකට බෙදී තිබෙන එජාපය එකතු කර ශක්තිමත් කලයුතු යැයි යන අදහස මතු වූ විට, අනපේක්ෂිතව පිළිතුරුදී ඇති රනිල් වික්‍රමසිංහ “අනාගතයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දෙක ම දේශපාලන භුමිය තුළ අහෝසි වෙනවා. අද ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි. ලොව පුරාම Character-based politics මතු වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය අසාර්ථක වෙලා යනවා.” යයි ද හිටපු ජනාධිපතිවරයා කියා ඇත.
“ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය දුර්වල වී තිබුණ ද ඩොනල්ඩ් ට්‍රම්ප් මගින් පක්ෂයේ බලය අල්ලාගත්තා. එසේම බ්‍රිතාන්‍යයත් එහෙමයි. ප්‍රංශ ජනාධිපතිගෙන් පවා යන අත දෙස අදහස් කළ නොහැකි යි” යයි ද රනිල් වික්‍රමසිංහ එහිදී වැඩි දුරටත් පවසා ඇත.

මේ තරමට ම තොරතුරු වසන් කරන ආණ්ඩුවක් මීට පෙර නොතිබූ බවත්, ආණ්ඩුව යන්නේ ශිෂ්ට සම්පන්න නොවන ගමනක් බැවින් අනාගතයේ දී හුස්ම ගැනීම සඳහා ද ආණ්ඩුවෙන් අවසර ගැනිමට අවශ්‍ය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ශ්‍රී ලංකාවේ නූතන ආර්ථික ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක පරිච්ඡේදයක් වන, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට මහ බැංකුව 2022 දී ගත් තීරණය පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක යළි කතිකාවක් ආරම්භ කර තිබේ.
ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්වීමි.
එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද නිරත වීමි.



අයහපත් කාල ගුණ තත්වය වෙනස්වීම නිසා රටේ ජනතාව යම් තරමක පහසුවෙන් හුස්ම ගනිමින් සිටියද, එය දැනුණ පීඩනය අඩු වීමෙන් දැනුණ සතුටට වැඩි යමක් නොවේ.
ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රත්‍යාලෝකනය 2025 පසු ගිය 13වන දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
"අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද...?" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයින් පිරිසක් අතර හමුවක් පසුගිය 24 දා සිදුවූ අතර එහිදී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.
අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටින තාක්කල් තමන් ශ්‍රී ලංකාවට නොපැමිනෙන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ පැතිර යන ප්‍රචාරය සහමුලින්ම පදනම විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අයුරින් ආණ්ඩුව සහ රට දැනුවත් නොකළ බවට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

