#newstube

  • ආපදා මරණ 132ක් දක්වා ඉහළට

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 132ක් දක්වා ඉහළ ගොස් තිබේ.

  • ආපදා මරණ 474ක් දක්වා ඉහළට- 356ක් අතුරුදන්  

    දිට්වා සුළි කුණාටුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අතර ඒ හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇත.

  • ආපදා මරණ ගණන 334ක් දක්වා ඉහළට: මිලියනයකට අධික පිරිසක් පීඩාවට

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ පස්වරු (නොවැම්බර් 30) 6ට නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් අතර අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 370කි.

  • ආපදා මරණ ගණන 390ක් දක්වා ඉහළට - පුද්ගලයින් 352 දෙනෙකු අතුරුදන්

    ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 390ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

  • ආපදා මරණ ගණන 481ක් දක්වා ඉහළට

    ඊයේ (දෙසැම්බර් 4) වන දා සවස 6.00 වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 481ක් බවත්, අතුරුදන් සංඛ්‍යාව 345ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

  • ආපදා හානිය ගණන් බලන්න ලෝක බැංකුවේ සහායත් ගනී

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම්වලින් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය සහ පාඩුව නිවැරැදිව ඇස්තමේන්තු කිරීම රජයට තනිව කළ නොහැකි බැවින් ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබාගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ලෝක බැංකු කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් ප්‍රකාශ කළේය.

  • ආපදා හානියේ හරි ගාන කීවේ ලෝක බැංකුව ද, ආණ්ඩුව ද?      

    ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4යි දශම එකක් ලෙස ලෝක බැංකුව විසින් ගණනය කළද එම හානියේ ඍජු හා වක්‍ර පිරිවැය එම අගයට වඩා වැඩි විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

  • ආපදාවට පත් කොච්චිකඩේ ජනතාව වෙත ඉන්දීය මහා කොමසාරිස්වරයා වෙතින් වියළි සලාක ප්‍රදානයක්

    ගංවතුරින් ආපදාවට පත් කොච්චිකඩේ ප්‍රදේශයේ 500කට අධික පවුල් ප්‍රමාණයකට සහල් ඇතුළු වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් ඊයේ (09) කොච්චිකඩේ ප්‍රදේශයේ දී සිදු කෙරිණි.

  • ආපදාවට පත් ජනතාවට සහන දීමට ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න - නාමල් රාජපක්ෂ

    රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් අයහපත් කාලගුණික තත්ත්යෙන් පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ආපදාවට පත් හලාවත රෝහල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දමයි

    ඇද හැලුණු මහ වැසි සමග ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක පවසයි.

  • ආපදාවට පත්වූවන්ගේ හානිපූරණය ගැන ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් නිල ප්‍රකාශයක්

    දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින මෙම දුෂ්කර කාල වකවානුවෙහි, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විපතට පත් සැමට කණගාටුව දන්වා සිටින අතර ඔවුන්ට පූර්ණ සහාය දක්වන බවට සහතික වන බවට නිවේදනය කර සිටී.

  • ආපදාවට ලක්වූ විදේශිකයින් සඳහා වීසා පහසුකම්

    අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

  • ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්...

    රාජ්‍ය සේවයේ පුනරුදය ජාතික ආපදා කළමනාකරණයට එල්ල වූ අකුණු පහරක් බවට පත්ව ඇති සේ ය.

  • ආපදාවෙන් පීඩාවට පත් පාසල් ළමයෙක්ට රුපියල් 25,000ක්

    ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

  • ආපදාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 50ක්

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට මරණ 50ක් වාර්තා වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

  • ආයතනවල හිංසන මඩින ලෝක සම්මුතියට ලංකාවත් එක්වේ

    වැඩ ලොවේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

  • ආරච්චිකට්ටුව සභාපතිට යකෙක් වැහිලා !

    ආරච්චිකට්ටුව ප්‍රාදේශ්‍ය සභාවේ සභාපති ජයරත්න ජයසේකර, එම ප්‍රාදේශීය සභාවේ ම මන්ත්‍රීවරියක වන නිකිණි අයෝධ්‍යා හට අශෝභන ලෙස බැණ වැදුණු බව පවසමින් අදාළ මන්ත්‍රිවරිය පොලිසියට පැමිණිලි කර ඇත.

  • ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව ගොඩනැගීමට ජනාධිපති ගන්නා උත්සාහය අගය කළ යුතුයි - අරෝෂ ප්‍රනාන්දු

    ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙන ඒම ප්‍රමාණවත් නොවන බවට ලෝක බැංකුව ප්‍රකාශ කරන මොහොතක ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරටට පැමිණෙන විදේශ ආයෝජන සුරක්ෂිත කිරීමට කැපවන බවට ප්‍රකාශ කිරීම අගය කළ යුතු ප්‍රශංසනීය ප්‍රකාශයක් බව ජාත්‍යන්තර ආයෝජක උපදේශක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා BMICH හි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු...

    ශ්‍රී ලංකාවේ: යල් පැන ගිය කම්කරු නීති, ව්‍යාපාරික නම්‍යශීලී සීමා වහාම වෙනස්කළ යුතු යි

    ''ජාත්‍යන්තර ආයෝජන මෙරටට පැමිණීම ඉතාමත්ම අඩු අගයක් ගන්නා බව ලෝක බැංකුව පෙන්වා දී තිබෙනවා. ඍජු විදේශ ආයෝජන ඉහළ මට්ටමකට ගෙන ඒමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවට ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ට ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මහතා පෙන්වාදී තිබෙනවා. වසර 2030දී එක්සත් ජනපද ඩොලර් බිලියන 36ක ඍජු විදේශ ආයෝජන දිනාගැනීමට ශ්‍රී ලංකාව රජය ඉලක්කකොට තිබෙනවා.

    මෙම ඉලක්ක ජයගැනීමට නම් අනිවාර්යෙන් ම ශ්‍රී ලංකාවේ බොහොමයක් යල් පැන ගිය කම්කරු නීති ඇතුළු ව්‍යාපාරික නම්‍යශීලී සීමාවන් වහාම වෙනස්කළ යුතු යි. ආයෝජන හිතකාමී පරිසරයක් ඇතිකිරීමට ඉඩම්, කම්කරු නීති රෙගුලාසි ඇතුළු අංශ කිහිපයක ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතුය. මේ සඳහා රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමෙරිකානු නියෝජිතයින්ට පසුගිය සතියේ පෙන්වා දී තිබෙනවා. වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයින්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා. ඔහු ආයෝජන විෂයභාර ඇමැතිවරයා ලෙස ඊට ලබාදී ඇති ප්‍රමුඛතාවය ප්‍රශංසනීය යි.


    විදේශ ආයෝජන දිනා ගැනීමේ දී: ජාතිවාදය, ආගම්වාදය බැහැර කළ යුතුයි


    මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් විදේශ ආයෝජන දිනාගැනීමට කටයුතු කරන බව වචනයෙන් කියා පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට වැඩපිළිවෙළක් ද සකස් කළ යුතුයි. පසුගිය රජයන් යටතේ පැවැති ආයෝජන දිනාගැනීමේ අක්‍රමවත් භාවය දුරුකොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නව නීති රීති සකස් කර ආයෝජන දිනාගැනීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිවරයා පැවසුවා.

    අපේ රටේ විදේශ ආයෝජන දිනා ගැනීමේ දී: ජාතිවාදී, ආගම්වාදය බැහැර කර ජාතික සමගිය ගොඩනැගීම නීතිය සහ සාමය ආරක්ෂා කිරීම කළ යුතුයි. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විනිවිද පෙණෙන ආකාරයෙන් සහ පාරදෘෂ්‍ය අයුරින් පවත්වාගත යුතුයි. නවීන තාක්ෂණය භාවිතාකොට ජිජිටල්කරණය වූ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මේවා සියල්ල ඉටුකරන බවට ජනාධිපතිතුමා අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළා. එය ඉතා වැදගත්. ඒ වගේ ම මෙවැනි ඉහළ නිලධාරීන් පිරිසක් සහ අමෙරිකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් එක්ව සාකච්ඡා කිරීම රටට හොඳ දෙයක්. එය අනාගත ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන ඉහළ දමා ගැනීමට ලොකු බලපෑමක් කළ හැකි කටයුත්තක්. තිබෙන අඩු පාඩු මගහරවාගෙන වඩාත් විශ්වාසයෙන් ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් දෙයක්.''

    අමෙරිකාවේ ප්‍රකට Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ (Harlan Crow) අමෙරිකා එක්සත් ජනපද – ඉන්දියානු සබඳතා සහ M&A ව්‍යාපාර ප්‍රධානී ක්‍රිෂ්ණා බාලම් (Krishna Balam) ඇතුළු කිහිපදෙනකු ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට එක් වූහ.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු ඇමැති සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු එක්ව සිටියහ.

    (සටහන - ජේ. මුනසිංහ)

  • ආර්ථික බංකොලොත් භාවයන් සිදු වේදැයි කල් ඇතිව හඳුනා ගැනීමට නව දර්ශකයක්

    කැරළි කෝළහල අරගල හරහා රටවල පාලන බිඳ වැටීම්, ආර්ථික බංකොලොත් භාවයන් සිදු වේදැයි කල් ඇතිව හඳුනා ගැනීමට නව දර්ශකයක් හඳුන්වා දෙයි.

     ලෝකයේ ඇතැම් රටවල ආර්ථිකයන් බංකොලොත්වී කඩා වැටීම් සිදු වූවා යැයි හෝ පවතින රජයන් බිඳ වැටී නව පාලනයක් ඇතිවූවා යැයි හෝ එකවරම නොකියා එවැනි අර්බුද කල් ඇතිව හඳුනා ගැනීමට සමත් නව විද්‍යාත්මක ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (ECGI) මගින් වහාම හඳුනා ගත හැක.

    එම නව දර්ශකය ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (ECGI) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකාව සඳහා භාවිතයට ගැනීම මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලය විසින් පෙරේදා (13)  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී විද්වතුන්, වෘත්තිකයන්, රජයේ නියෝජිතයින්, ප්‍රධාන දේශපාලන පක්ෂ සහ මාධ්‍ය නියෝජනය කරන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

    මෙවැනි දර්ශකයක් හඳුන්වා දීම ඓතිහාසික අවස්ථාවක් බව මේ අවස්ථාවට එක්වූ මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලය ප්‍රකාශ කරයි.


    මෙම දර්ශකය මගින් දූෂණය, බදු පැහැර හැරීම, මාර්ගගත වංචා සහ මුදල් විශුද්ධිකරණය මුලිනුපුටා දැමීමේ වත්මන් රජයේ මුලපිරීම් සම්බන්ධයෙන්ද මැන බැලීමට අවස්ථාවක් උදාවේ.




    දකුණු ආසියානු ෆෝරසයිට් ජාලයේ (SAFN) විධායක අධ්‍යක්ෂ සහ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හි පිහිටි මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයේ සභාපති මහාචාර්ය අසංග අබේගුණසේකර විසින් නිර්මාණය කර ඇති මෙය ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (ECGI) ජාතික අවදානම් මට්ටම් හැඩගැස්වීම මැන බැලීමට යොදා ගත හැකි දියුණු ක්‍රමවේදයකි.

      ආර්ථික අපරාධ, දූෂණය සහ භූ දේශපාලන බලපෑම කුමන ආකාරයක වේදැයි මැන විද්‍යාත්මකව මැන බැලීමට සහ ඇගයීමට සාක්ෂි පදනම් කරගත් දර්ශකයක් ලෙස මෙය හැඳින්වේ.

     වර්තමානයේ මෙම දර්ශකය රටවල් 70කට අධික සංඛ්‍යාවක් පුරා ක්‍රියාවට නංවා ඇත. මිලේනියම් ව්‍යාපෘතියේ ගෝලීය ජාලය හරහා එය භාවිතා කොට රටවල් රැසක ආර්ථික සමාජ දේශපාලන තත්ත්වයන් පරීක්ෂාවට ලක් කර ඇත.

    විවිධ රජයන්, නියාමකයින් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස දර්ශකය දැනටමත් පිළිගැනීමට ලක් වී තිබේ.




    මෙම දර්ශකය (ECGI) අවදානම් ලකුණු ලබාගෙන ඇත්තේ මානයන් හතරක අද්විතීය මිශ්‍රණයකිනි. දූෂණ සංජානනය (CPI) , පාලනයේ අඛණ්ඩතාව සහ විනිවිදභාවය මැනීම, ආර්ථික අපරාධවල බරපතලකම, නීති විරෝධී මූල්‍යකරණය, මුදල් විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධවල ව්‍යාප්තිය තක්සේරු කිරීම යනාදිය මැන බැලීමට මෙම දර්ශකය භාවිතා කළ හැකිය.




    මේ සම්බන්ධයෙන් රටක ජනතාවගේ ප්‍රතිචාර , එම ප්‍රතිචාර නියාමනය, බලාත්මක කිරීම සහ අපරාධ විරෝධී ප්‍රතිපත්තිවල රාජ්‍ය කාර්යක්ෂමතාව ඇගයීම සහ භූ දේශපාලනික බලපෑම, ආරක්ෂක , ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම හරහා බාහිර ඉහළ පහළ යෑම් පරීක්ෂා කිරීමට මෙම දර්ශකය යොදා ගත හැක.

    කැරළිවලට පෙර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමෙන්, දූෂණය සහ මූල්‍ය අපරාධවල සිට තරුණයින් විසින් මෙහෙයවනු ලබන විරෝධතා සහ පුළුල් භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳව යම් දැනුවත් භාවයක් ලබා ගැනීමට මෙම දර්ශකය යොදා ගත්තේ නම් හැකියාව තිබුණි.

    ලොව ඕනෑම රටක යම් අස්ථාවර තත්ත්වයක් සිදු වේනම් එය පුරෝකථනය කිරීමට සහ මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ග මඟ පෙන්වීමට මෙම දර්ශකය පුළුල් අවබෝධයක් සපයන බව මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයේ සභාපති මහාචාර්ය අසංග අබේගුණසේකර පවසයි.


     

    වසර 2025 නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම දර්ශකය යොදාගෙන කළ තක්සේරුවේ මුල් සොයාගැනීම්වලින් හෙළි වන්නේ පාකිස්ථානය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ බංග්ලාදේශය වැනි රටවල් ආවරණය වන පරිදි, මුල් බැසගත් දූෂණය, පාලන හිඩැස් සහ බාහිර භූ දේශපාලනික බලපෑම් මගින් මෙහෙයවනු ලබන ඉහළ අවදානම් කාණ්ඩයට එම රටවල් අයත් වන බවය.




     ඉහළ අවදානම් ලෙස වර්ගීකරණය කර ඇති රටවල් නවයෙන් තුනක් දැනටමත් නැගිටීමේ සිට නව පාලනය දක්වා සම්පූර්ණ චක්‍රයට භාජනය වී ඇත.

    ඉතිරි රටවල් හය සැලකිය යුතු අස්ථාවරත්වයකට මුහුණ දෙමින් සිටී.මියන්මාරයේ සිවිල් යුද්ධයේ සිට ඉන්දුනීසියාවේ සහ ඉන්දියාවේ අඛණ්ඩ විරෝධතා දක්වා, කාම්බෝජයේ දැඩි වන ඒකාධිපති ග්‍රහණය, පාකිස්ථානයේ පුනරාවර්තන දේශපාලන බිඳවැටීමේ චක්‍ර සහ තලේබාන් යටතේ ඇෆ්ගනිස්ථානයේ කල් පවතින පාලන රික්තය දක්වා පැමිණ ඇති ආකාරය මෙම දර්ශකයෙන් පෙන්නුම් කරයි.

     පිලිපීනය දැනට එම දර්ශකයේ අස්ථාවරත්වයට මුහුණ දෙන මායිම් රේඛාවේ පවතී. නමුත් ආර්ථික අපරාධ, නියාමන හිඩැස් සහ වැඩිවන බාහිර බලපෑම පිළිබඳ ඉහළ යන උත්සුකයන් පිළිබිඹු කරමින් ඉහළ අවදානමක් කරා නැඹුරුතාවයක් පෙන්වන බවද මහාචාර්යවරයා පවසයි.

    සහස්‍ර ව්‍යාපෘතිය යනු ජාත්‍යන්තර සංවිධාන, රජයන්, සංස්ථා, රාජ්‍ය නොවන සංවිධාන සහ විශ්ව විද්‍යාල සඳහා සේවය කරන අනාගතවාදීන්, විද්වතුන්, ව්‍යාපාර සැලසුම්කරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් සමන්විත ගෝලීය සහභාගීත්ව බුද්ධි මණ්ඩපයකි.

     එය 1996 දී ඇමරිකානු කවුන්සිලය යටතේ එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය යටතේ පිහිටුවන ලද අතර එය 2009 දී ස්වාධීන වී ඇති අතර වර්තමානයේ ලොව පුරා රටවල් 72 ක ස්ථාපිත කර ඇති අතර එය ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති විශාලතම බුද්ධි මණ්ඩපය ලෙස සැලකේ.




    මෙම වසරේ මැයි මාසයේදී සහශ්‍රක ව්‍යාපෘති මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු, පසුගිය මාස හය තුළ එහි අධ්‍යක්ෂවරුන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ ආර්ථික වර්ධනය, සමාජ යහපැවැත්ම, පාරිසරික තිරසාරභාවය සහ යහපාලනය ප්‍රධාන කුළුණු හතරක් ලෙස එක්සත් අනාගතයක් කරා ගමන් කිරීමේදී ශ්‍රී ලංකා රජයේ දැක්මට සහය විය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා මාලාවක් පැවැත්වීය.

     

     

     

     

     

    WhatsApp Image 2025 10 14 at 16.49.46 e4b03162ඡායාරූපය 1 (වමේ සිට දකුණට) : මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයහි අධ්‍යක්ෂවරුන් - ඉම්රාන් ඒ. කාදර් සහ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, මිලේනියම් ව්‍යාපෘති ශ්‍රී ලංකා නෝඩ්හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස අලුතින් පත් කරන ලද - වී. ජ. මු. දමිත් ලොකුබණ්ඩාර, මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයේ සභාපති - මහාචාර්ය අසංග අබේගුණසේකර.

     

    WhatsApp Image 2025 10 14 at 17.38.23 b53dc093ඡායාරූපය 2 (වමේ සිට දකුණට) : මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයේ සභාපති - මහාචාර්ය අසංග අබේගුණසේකර


    (සටහන | ජේ.මුණසිංහ)

  • ආර්ථික විශේෂඥයෙකුටත් නොතේරෙන අයවැය

    *අයවැය ඇතුළේ පටලැවිල්ලක්! 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න