චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයින් පිරිසක් අතර හමුවක් පසුගිය 24 දා සිදුවූ අතර එහිදී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.
අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටින තාක්කල් තමන් ශ්‍රී ලංකාවට නොපැමිනෙන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ පැතිර යන ප්‍රචාරය සහමුලින්ම පදනම විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අයුරින් ආණ්ඩුව සහ රට දැනුවත් නොකළ බවට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පියවර ගෙන ඇත.
අනේ Please කියා ජන ජීවිත විහිලුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ දෙවන කවි එකතුව 'හූනා ලැග්ග බාල්කේ' සහෘදගත කිරීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe - Institut) පැවැත්වේ. වසර 25කට පෙර පළ වූ ඇගේ පළමු කෘතිය වන ගෝත්‍රික ප්‍රේමය දෙවන මුද්‍රණය ද එදින එළිදැක්වීමට නියමිතය.
'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ ප්‍රකට කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ නවතම කාව්‍ය සංග්‍රහය 'හූනා ලැග්ග බාල්කේ' එළිදැක්වීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe Institut) පැවැත්වේ.
LTL Holdings යනු මෙරට විදුලි බල ක්ෂේස්ත්රයේ සුවිශේෂී සේවාවක් සපයන, නිරන්තරයෙන්ම රටේ ජනතාව අඳුරෙන් ආලෝකයට ගෙන ඒමට දිවා රෑ කැපවෙන සමාගමකි.
සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දීර්ඝ කාලීන මහා වංචාව පිළිබඳව තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරී කැළුම් අමරසිංහ විසින් සමගි ජන බලවේග පාලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන හට භාර දෙන ලදී.
ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම මෙන් ම ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
අය වැය චක්‍රලේඛ අංක 08/2025 (i) යටතේ මුදල්, ක්‍රම සම්පාදන, සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, අපාදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සම්බන්ධයෙන් චක්‍රලේඛය නිකුත් කර ඇත.
වර්තමානයේ පවතින්නේ කුසගින්න හේතුවෙන් ආහාර ගැනීමේ ක්‍රමයක් නොව ආශාව පදනම් කරගෙන ආහාර ගැනීමේ ක්‍රමයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අනාගතයේ දී සමගි ජනබලවේගය ආණ්ඩුවක් යටතේ අපේ කාන්තාවන් පිට රට වහල් සේවයට නොයවන්නේ යැයි හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවසී ය.
නිහඩ චිත්‍රපට ලෝකයේ විකට රජා ලෙස ලෝක චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර නමක් රැන්දූ චාලි ස්පෙන්සර් චැප්ලින් අන්‍යයන් හිනැස්සීමට උපන් හපන්කම් දැක්වූ විකට නළුවෙක් මෙන්ම අභිරූපන ශිල්පියෙක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඒ ඔහු ලොව ප්‍රසිද්ධ වූ ආකාරයයි.
ඉන්දියාව සහ යුරෝපා රටවල් අතර ඇති කරගෙන ඇති ගිවිසුම් ලංකාවට ඉතාමත් හානිදායක වීමට ඉඩ ඇතැයි ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.
තමන් යුද අපරාධ කළා යැයි අන්තර් ජාතිකව ම පිළිගත් එක ම රට ශ්‍රී ලංකාව බවත්, එසේ පිළිගැනීම රට පාවා දීමක් ලෙස සැලකිය හැකි බවත් ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මොහාන් සමරනායක පැවසුවේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වුවහොත් අපේ රටෙහි ප්‍රශ්නයක් පිළිබඳ අභ්‍යන්තරව තීරණ ගැනීමට ඇති නිදහස වෙනත් රාජ්‍යයකට, එසේත් නොමැති නම් බාහිර බලවේගයකට පැවරෙන බවයි.
මතු පළ වන්නේ මොහාන් සමරනායක පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
ශ්‍රී ලංකාවේ සිනමා අර්බුද වෙනුවෙන් මෙහි සටහන්වන අකුරු ටික ඉතා කුඩා ගුණාකාරයෙන් කියවමු...
තම ව්‍යාපාරය (දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය) සමලිංගික හැසිරීම් සහිත අය වෙත නින්දා අපහාස කිරීමට නොපෙලඹෙන බවත්, බුදුන් වහන්සේ පවා විනය පිටකය අටුවාවෙහි මේ සම්බන්ධයෙන් දේශනා කර ඇති බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර පැවසී ය.
ඉතා ඉහළ පරිමාණයෙන් මෙන් ම ඉතා වේගයෙන් ලංකාවේ අධිකරණ ක්ෂේත්රයේ කටයුතු සිදුවෙමින් පවතින්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රට පාලනය කළ පාලකයින් තමන් හෝ තම කණඩායමේ වැරදි වසා දැමුව ද ඉදිරි දිනක දී මේ සියලු දෙනාට ම එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.
අපිට අවශ්‍ය වන්නේ බිංදුවට ම වැටුණ මිනිස්සු කෙසේ හෝ නගා සිටුවීම යැයි සර්ව ජනබල නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

