විවිධ පාර්ශ්වවල බලපෑම් නිසා අප සතුව පවතින ඛනිජ සම්පත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, බලශක්ති සුරක්ෂිතභාවයට, ඉන්ධන සුරක්ෂිතභායට විරුද්ධව කටයුතු කරන පිරිසක් නිසා මේ සම්පත් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මහවැලි කේන්ද්‍රයේ දී ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන විසින් රචිත ‘එමි ආච්චි-ශ්‍රී ලංකාවේ ආච්චි අම්මා සහ පූර්ව ජීවීන්’ ග්‍රන්ථය එළිදැක්විමේ අවස්ථාව සමග එක්වෙමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
අපි විදෙස් කුමන්ත්‍රණවලට හසු නොවිය යුතුයි
''අප රටක් ලෙස පසුගිය වසර 7 තුළ ඛේදවාචකයන් පහකට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද ගැටුම දක්වා වූ මේ ඛේදවාචකයන් නිසා අප රට බරපතළ අභියෝග රැසකට දැවැන්ත අවදානම් රැසකට ද මුහුණ දුන්නා. අපේ රට මේ වන විට ඉතාම දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දෙනවා. ආහාර සුරක්ෂිතභාවය, ආර්ථික සමාජීය දේශපාලන සෛරීභාවය මෙන්ම ජනතාව ගේ ජන ජිවිතය සංවර්ධන රටාවන් ආදී සෑම දෙයක්ම බරපතළ අන්තරාදායක තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. අභියෝග අවදානම් රැසක් ඇති අප රටේ සුපුරුදු න්‍යායන්වලට සුපුරුදු අදහස්වලට දර්ශනවලට කොටුවෙන්නේ නැතිව මේ අභියෝග අවදානම් තත්ත්වවලට විසඳුම් සොයනවා. අප රටේ අද වන විට ආහාර සුරක්ෂිතභාවය වෙනුවට ආහාර අනාරක්ෂිතභාවයක් පවතිනවා. අපේ ම රටේ එළවළු පළතුරු භවභෝග උපයෝගී කර ගෙන ආහාර ඇතුළු අනෙකුත් ඉලක්ක සම්පූර්ණ කර ගත යුතු ක්‍රමවේදයක් කරා යා යුතු යි. මේ අදහස්වලට වෙනස් අදහස් ඉස්මතු කරන, අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී සංකල්ප මුල් කර ගෙන දේශීය සම්පත් පසෙකලා අධිරාජ්‍යවාදී සංකල්ප රජකරවන කණ්ඩායම් අප රටේ සිටිනවා. ඔවුන් අපේකම රටේකම සංස්කෘතිය සභ්‍යත්වය හිතාමතාම පිරිහමින් රටට ඔබින්නේ නැති සංකල්ප රටේ ස්ථාපිත කර රටේ ශ්‍රේෂ්ඨත්වය පලුදු කරන්න කූට කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන නිසා මේවාට හසුනොවී, වහලුන් නොවී සිටිය යුතු යි.
ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ද ගැටලු පවතිනවා
මේ අවස්ථාවේ රටේ අවශ්‍යතාව ජනතාවගේ අවශ්‍යතාව ගැන සිතා අප රටේ සම්පත් උපයෝගී කර ගෙන ස්වෝත්සාහයෙන් සෑම අතින්ම ස්වයංපෝෂිත විය යුතු යි. අපේ මුහුදු තීරයේ ඇති ගෑස් නිධි ඉන්ධන සම්පත් ගැන කතා කරනවා. පසුගිය දිනක සමගි ජන බලවේගය බලශක්ති ප්‍රතිපත්ති සම්පාදන කමිටුව රැස්වූ අවස්ථාවේ දී එහි සිටි විශේෂඥයන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් කියා සිටියේ විවිධ පාර්ශ්වවල බලපෑම් නිසා මේ සම්පත් ලබා ගැනීමට නොහැකි බවයි. බලශක්ති සුරක්ෂිතභාවයට ඉන්ධන සුරක්ෂිතභායට විරුද්ධව කටයුතු කරන පිරිසක් නිසා මේ සම්පත් ලබා ගැනීමට නොහැකි බව පැවසුවා. මේ සම්පත් තිරසර ලෙස භාවිත කිරීම තුළින් විදේශ රටවලින් යැපෙන්නේ නැතිව ස්වයංපෝෂිතව කටයුතු කළ හැකි යි. ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ද මේ ගැටලු පවතිනවා. මේ කෘතිය හරහා අප රටට ද පාඩම් රැසක් ඉගෙන ගැනීමට තිබෙනවා. දේශීයත්වය අපේකම රටේකම සංස්කෘතියේ වැදගත්කම ආදිය මැනවින් ඉස්මතු කර තිබෙනවා. ජනතාව ජීවත් කරවීමට අපේ රටෙන්ම ඉටු කළ හැකි දේ එනම් ආහාර සුරක්ෂිතභාවය වැනි ගැටලුවලට පවා මේ කෘතිය තුළින් පිළිතුරු දී තිබෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
