ඉතා ඉහළ පරිමාණයෙන් මෙන් ම ඉතා වේගයෙන් ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු සිදුවෙමින් පවතින්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රට පාලනය කළ පාලකයින් තමන් හෝ තම කණඩායමේ වැරදි වසා දැමුව ද ඉදිරි දිනක දී මේ සියලු දෙනාට ම එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.