ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙන්ම රට තුළත් ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් අප පුවත්පතේ පළවූ ‘ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීන්ගේ අනුමැතිය ඕනෑ’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
පුවත්පතේ පළ වූ පුවත් සම්බන්ධයෙන් අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනුම් දී තිබේ.
අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.
ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඇප මත මුදා හැරීමට අධිකරණය අද (ඔක්. 15) නියෝග කළේ ය.
සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිලියන 4 ශරිර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මෙලෙස මුදා හැරිණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනිණි.
මෙම පුවතට අදාල තවත් විස්තර
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නීතිය අංශයේ සාමාජියෙක් යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාලක ලේකම් නන්දන ගුණතිලක සදහන් කරයි.
ඔහු එ බව කියා සිටියේ 'හිරු රූපවාහිනීයේ' පැවැති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.
එකල තමන් යටතේ නීති අංශය පැවැති බවත් එහි ලේකම්වරයා ලෙස කටයුතු කලේ සුනිල් වටගල බවත් ඊට අදාළ සියලු සාක්ෂි තමන් සතු බවත් හෙතෙම එහිදී කියා සිටියේය.
ඊට අදාළ අත්සන් ලේඛන පවා තමන් සතුව ඇති බවද හෙතෙම අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන ගුණතිලක,
“අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මේක විසදා ගන්න බෑ. මම කැදවපු නීති කමිටුවේ හිටපු කෙනෙක් තමයි අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්. පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් විදියට දැම්මේ වටගල. සාමාජිකයෙක් තමයි රංග දිසානායක.
මම ගෙනියන්න කියන්න ඕනම තැනකට. මම ළග තියෙනවා අත්සන් ලේඛන. පුලුවන්නම් ගෙනියන්න කියන්න. එහෙම මිනිස්සු දාගත්තේ ඇයි? මේවා යට ගහන්න. දැන් මේවා ඇදෙනවානේ. දූෂණ විරෝධී පනත යටතේ මේවා එළියට එනවා කියලා දන්නවානේ. ඒක නිසා රවිලා, ශානිලා රංගලා, කස්ටම් එකට කෙනෙක් දාගත්තානේ. මේ සේරම දාගත්තේ වහගන්න”
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන නන්දන ගුණතිලක විසින් පසුගිය දා කළ ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අද දින උත්තර බැඳ තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු බව නන්දන ගුණතිලක පසුගියදා කල ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්ව තිබේ.
කොමිසමට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, මෙම අපහාස කිරීම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
ඇතැම් පුද්ගලයින් හා ආයතන විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමග යවන සුළු ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය කිරීමේ යෙදී සිටින බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙවැනි ක්‍රියා තුලින් කොමිෂන් සභාවේ කීර්ති නාමයට හානි පමුණුවන අතර ම, දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන විමර්ශන වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් සිදු කරන කටයුතු නීත්‍යානුකූල ව කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විකෘති සහගත මතයක් නිර්මාණය කිරීමට ද හේතු වන බවයි.
අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව අද දින (02) නිකුත් කල නිවේදනය මතු පළවේ.
''අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජවිපෙ නීති කමිටුවේ හිටපු කෙනෙක්. මං ළඟ තියෙනවා අත්සන් ලේඛන'' - නන්දන
අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මීට දශක දෙකකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයකු බවත් එම කමිටුව කැඳවූයේ එවකට ජවිපෙ දේශපාලන බලමණ්ඩල සාමාජිකයකු වූ තමන් විසින් බැවින් තමන් මේ පිළිබඳ හොඳින්ම දන්නා බවත් පානදුර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක පවසයි.
“අල්ලස් හෝ දූෂණ කොමිසම හරහා මේක විසඳාගන්න බැහැ. ඒකට දාලා තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ මිනිස්සු. මම කැඳවපු නීති කමිටුවේ ඉඳපු කෙනෙක් තමයි අද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්. මම පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් හැටියට අපි දැම්මේ වටගලව. ඒකෙ සාමාජිකයෙක් තමයි රංග දිසානායක කියන්නෙ. මාව ගෙනියන්න කියන්න ඕනෙ තැනකට, මං ළඟ තියෙනවා අත්සන් ලේඛන. අත්සන් කරපුවා. ගෙනියන්න කියන්න පුළුවන් නම්. එහෙමයි. එහෙම මිනිස්සුන්ව දාගත්තෙ ඇයි ? මේවා යටගහන්න. දැන් මේවා ඇදෙනවානෙ. අර දුෂණ විරෝධී පනත යටතේ අනිවාර්යයෙන්ම මේවා එළියට එනවා කියලා දන්නවානෙ. ඒ නිසා මේ රවීලා, ශානිලා, රංගලා, දැන් අර රේගුවටත් එක්කෙනෙක් දැම්මානෙ. ඔය ඔක්කොම දාගත්තෙ මේ ටික වහගන්න”
නන්දන ගුණතිලක මේ බව පැවසුවේ පසුගියදා (සැප්තැම්බර් 25) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
අලුත් ආණ්ඩුවට ඔවුන් ගේ වැඩකටයුතු කරගෙන යෑමට ඉඩ දී කාලයක් බලා සිටිය යුතු යැයි හිටපු අමාත්‍යවරයකු වන නන්දිමිත්‍ර ඒකනායක පැවසී ය.
රටේ ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ එකසිය පනස් නව දෙනා නම් පොහොසත් වුණු ආකාරය වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොදින්ම දුටු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.
හැත්තෑ අවුරුදු ශාපයක් තුළ කෝටිපතියන් වූයේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.
අවුරුදු 76 දී කෝටිපතියන් නොවුනානම් පහුගිය අවුරුදු කිහිපයේදී කෝටිපතියන් වූයේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නයටත් එක එක අය එක එක විදිහට පිළිතුරු ලබාදී ඇතැයිද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
ධීවර කර්මාන්තය රබර් කර්මාන්තය බිඳ වැටී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද තියෙන ලොකුම වේදනාව රැවටුණු එක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
බය කරලා දේශපාලනය කරපු කාලය ඉවරයි යැයිද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ධීවර කර්මාන්තය සියයට 34කින් වැටී ඇතැයිද මෙහෙම ගියොත් පිටින් මාළු ගෙනවිත් කන්න සිදුවන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.
n
කැඩුණු නිවාස හරියට ම සතියකින් සාදා දෙන බවත්, අද සිට දින ගණන් කර බිත්තියෙත් ලියා තබාගන්නා ලෙසත් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර කටාන ප්‍රදේශයේ ආපදාවට ලක් වු පිරිසකට පැවසි ය.
අද (23) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
1943 වසරේ උදෑසනක් විය. ඒ, පෝලන්තයේ පිහිටි නාසි මරණ කඳවුරක් වූ සොබිබෝර් හි සිදුවීම් බොහෝමයක් වගේම අතිශයින්ම අඳුරු, බියජනක උදෑසනකි.
සනත් ගුණතිලක,රංගන ශිල්පිණි සහා ලයිකා production ආයතනයේ උප සභාපතිනි ජානකි විජේරත්න අතර විවාහය සිදුවිය.
ඊයේ (25) දිනයේ මහජන අවධානයට ලක් විය යුතු නියෝගයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් දීලා තිබුණා.
ඒ සොෆ්ට්ලොජික් වැනි මහා ව්‍යාපාරවල අධිපතියෙක් වෙන අශෝක් පතිරගේ ඇතුළු ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරු පිරිස අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා.
මොන හේතුවකට ද ඒ?
අනුග්‍රාහකත්ව ප්‍රශ්න නිසා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් එළියට නොආපු කතාවක් මේකට සම්බන්ධ බව කියන්නට ඕන.
නෛතික කරුණු විස්තර නැතිව සැකෙවින් මේ ගැන කිව්වොත්, 2023 වසරේ දී නුගේගොඩ පදිංචි මවක් රෝගාතුර වෙනවා, ඇයගේ පුත්‍රයා වන සනත් අතුකෝරල ඇයව නාරාහේන්පිට ආසිරි රෝහලට ඇතුළත් කරනවා. ප්‍රතිකාරවලින් පසු එහි ඖෂධහලෙන් මිලට ගන්නා ඖෂධ මිල පරීක්ෂා කිරීමේදී හෙළි වෙන්නෙ ජාතික ඖෂධ නියාමන අධිකාරි පණත මගින් නියම කරලා තියන මිලට වඩා ඉතා ඉහළ මිලකට ඖෂධ ගණනාවක් නිකුත් කරලා බිල් කරලා කියලා.
උදාහරණයක් විදිහට රුපියල් 200කට ආසන්න මිලකට එවක තිබු සේලයින් බෝතලයකට රුපියල් 1200ක වගෙ මිලක් නියම කර අය කිරීමක්.
මෙහිදී සනත් අතුකෝරල නීතිය ඉදිරියට යන්න තීරණය කරනවා. ඒ වෙලාවෙ වගකිව යුතු කිසිදු ආයතනයකින් හොඳ සහයෝගයක් නොලැබුණත් ඔහු ඒ සටන ගෙනියනවා කියන ස්ථාවරයේ ඉන්නවා. මේ සටන අතරමැද්දෙ තමයි සනත්ව මටත් හමුවෙන්නෙ. රෝහලෙන් සන්තෝසමක් අරන් ඒක අමතක කරලා දාන්න ඔහුට ඕනෑ තරම් ඉඩ තිබුණා. ඔහු ව්‍යාපාරිකයෙක්. කොහොම නමුත් මේ අසාධාරණයට විරුද්ධව ඔහු නොනැවතී සටන් කරන්න තීරණය කරනවා.
මෙහි අතරමැදකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔහු සමඟ එක් වෙනවා.
මේ නඩු කටයුත්ත කියන්නෙ ඇත්තටම ඇති හැකි සල්ලිකාරයන් සහ නීතිය අතර ද්වන්ද සටනක් කියලා කියන්න පුළුවන් ජාතියෙ පර්යේෂණ විෂයක්.
මෙම නඩුකරය අතර මැද්දෙ හරි හරි දේවල් සිද්ධ වෙනවා.
මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ නිවාඩු ලබාගත් අවස්ථාවේ වැඩබලන මහේස්ත්‍රාත්වරියක් කැඳවගෙන, පැමිණිලි පාර්ශ්වයේ කිසිවෙකුත් නැතුව චෝදනා සියල්ලටම වරද පිළිගෙන ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් 25000ක දඩයකුත් ගෙවලා නඩුව ඉවර කරගන්නවා.
ඒත් ඒ විදිහට මේක යටපත් වෙන්න ලැබෙන්නෑ. අදාළ වැඩබලන මහේස්ත්‍රාත්වරියට එදිරිව විමර්ශනයක් පවා ඇරඹෙනවා.
ඔබ අප කවුරුත් දැකලා තියනවා, ඖෂධ අලෙවියෙදී යම් වරදක් සිදු වුණාම අදාළ ෆාමසි හිමිකරුවන් ජනතාවගෙන් සමාව ඉල්ලලා භාෂා තුනෙන් පුවත්පත් දැන්වීමක් පළ කරනවා. ඒක මෙවැනි නඩුවක වරදකරුවන්ට අදාළ වැදගත්ම නියෝගයක්. ඒ වගෙම මෙම නඩුවේ චෝදනාවලට අනුව ලක්ෂ ගණනක දඩයක් නියම විය හැකි වුණත් අදාළ ප්‍රශ්නගත තීන්දුවෙ දඩය රුපියල් 25000ක්.
නීතිය පිළිබඳ විශ්වාසය සනත් අතුකෝරල කෙරේ බිඳ නොදමා නඩුව නැවත කැඳවෙනවා. මෙහි තිබෙන විශේෂම දේ තමයි කිසිදු අවස්ථාවක මෙම නඩුවේ චූදිතයන් අධිකරණය හමුවට නොපැමිණීම. අදාළ පුවත්පත් දැන්වීම පළ නොකර සහ අධිකරණය හමුවට නොපැමිණ මෙය අවසන් කරගන්නට ඔවුන්ට බොහෝ වුවමනාවක් තිබුණ බව නිරීක්ෂණය කරන්න පුළුවන්.
ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ කීර්තිය සහ ව්‍යාපාරයේ සන්නාම කීර්තිය පැත්තෙන් සලකලා ඔවුන් මේ වටවංගුව ගහන බව පෙනෙන්නට තිබෙනවා.
කොහොම වුණත්, ඊයේ ලබා දුන් අධිකරණ නියෝගයේ තිබෙන්නේ, ඉතා වැදගත් යමක්. එහිදී පැවසෙන දේ තමයි පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් නීතියට ඉහළින් නෑ කියන එක. ඔවුන් පමණක් නොවෙයි, කිසිවෙකුත් නීතියට ඉහළින් සිටිය නොහැකියි.
ව්‍යාපාරිකයන්ගේ ගොඩනැගීමේ මාර ධනාත්මක සහ ඔවුන්ගේ යහපැවැත්ම ගැන පම්පෝරි දෙසන කිසිවෙකු අන්ත අසරණ බවට පැමිණි රෝගීන් මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන අමු අමුවේ මංකොල්ල කෑම ගැන කිසිවක් කියන්නේ නැහැ.
මෙයට පෙරත් මේ ගැන අප දීර්ඝව සඳහන් කළා. තවත් අවස්ථාවක වෙනත් පෞද්ගලික රෝහලක නොපණත්කමක් ගැන එවක අපගේ වෙබ් අඩවියේ පළ කළ විට අපට සන්තෝසම් ලබා දෙන්නට සූදානම් වුණා. (ඒවායේ හඬ පට තිබෙනවා.)
තනි මිනිසෙක් පසු නොබා පොදු යුක්තියක් වෙනුවෙන් කළ සටන වෙනුවෙන් සියලු දෙනා වචනයකින් හෝ දායක වීම අත්‍යාවශ්‍ය දෙයක්!
( සටහන | සඳුන් ප්‍රියංකර විතානගේ)
උපුටා ගැනීම - නීති උපදෙස්Public group ෆේස්බුක් පිටුවෙන් ..
මෙම ලිපියට අදාල වැඩි දුරටත් විස්තර :
වැඩි මිලට බෙහෙත් වික්ක පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු - ( lankadeepa | මනෝප්‍රිය ගුණසේකර)
අස්වැසුම පළමු අදියර නොවැම්බර් මසට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) බැංකු ගත කෙරෙන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ.
මෙලෙස සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සැප්තැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව ගෙවීමට කටයුතු කරන අතර ඒ සඳහා රුපියල් කෝටි තුන්දහස් දාහතරක් (3014) ප්‍රතිලාභීන් 602,852 අතරේ බෙදී යන බව එම මණ්ඩලයේ අතිරේක කොමසාරිස් මූල්‍ය තමරා අදිකාරි කියා සිටී.
| ජේ.මුණසිංහ
"ව්‍යසන මැද මනුෂ්‍යත්වය" මැයෙන් අසිරි හදවත (Glorious Heart ) සංවිධානය මගින් ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහන දිස්ත්‍රික් ගණනාවක් ආවරණය කරමින් ක්‍රියාත්මක කරන ලදී.
සරසවි එකට ගියා පොතක් මිලදි ගන්න. අලුත් නීතිය කියලා බෑග් එකකුත් දීලා රුපියල් දහයකුත් ගත්තා වෙනම. මම ගියේ බයික් එකේ නිසාත් පොත අතේ රැගෙන එන්න අපහසුත් නිසා.මං සල්ලි දීලා ගත්ත බෑගය ඒ කියන්නේ. ඒ ආයතනයේ නම ගහල දුන්න බෑගය අරගෙන මම ආවා ගෙදර. මාර සතුටුයි.
සංගීතයට, භාෂාවේ අපූර්වත්වයට අපව වෙනම ම ලෝකයකට රැගෙන යා හැකි බව තමා තේරුම් ගත්තේ වික්ටර් රත්නායක ගැයූ ගීතවලින් බවත්, වසර හැටකට වැඩි කාලයක් ඔහු අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් යැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

