නිහඩ චිත්‍රපට ලෝකයේ විකට රජා ලෙස ලෝක චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර නමක් රැන්දූ චාලි ස්පෙන්සර් චැප්ලින් අන්‍යයන් හිනැස්සීමට උපන් හපන්කම් දැක්වූ විකට නළුවෙක් මෙන්ම අභිරූපන ශිල්පියෙක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඒ ඔහු ලොව ප්‍රසිද්ධ වූ ආකාරයයි.
නමුත් ලොවෙන් වහන් වූ ඔහුගේ ජිවන චරිතය ආශ්‍රිතව අපූරු කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නයි මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ.

1889 අප්‍රේල් 18 වනදා එංගලන්තයේ ලන්ඩන් නුවර ඉතාමත් දිළිදු පවුලක දෙවැන්නා ලෙස චැප්ලින් උපත ලබනවා. තරුණ වියේදී මත්පැනට හුරුවූ ඔහුගේ පියා විසින් කුඩා චැප්ලින්ව, ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සිඩ්නිව සහ ඔහුගේ මව වන හැනා යන තිදෙනාම හැරදා යනවා.කුඩා ප්‍රමාණයේ නාට්‍ය ශාලාවක ගීත ගයමින් වරින් වර ඔත්පල වෙන හැනා විසින් ලබා ගන්නා කුඩා මුදල ඔවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. අඩුම තරමින් ගෙවල් කුලිය පවා ගෙවා ගැනීමට නොහැකිවූ අවස්ථාවන් වලදී කුඩා චාලිට මහපාරේ හා විවිධ වර්ගයේ අනාථ නිවාස වල කාලය ගත කරන්නට සිදු වෙනවා. වරෙක ඔහු තමන්ගේ මව සමඟ නාට්‍ය ශාලාව මුර කරන කුඩා දොරටුපාලකයෙක් ලෙස කටයුතු කරනවා. තවත් වරෙක ඔහුගේ මව ගීත ගායනය හැරදමා වැඩ බිමක සේවය සඳහා බැඳෙන විට වැඩ බිමේ අනාථ නිවාසයේ සිටි චැප්ලින්ට කම්කරුවෙක් වීමට පුරුදු පුහුණු වන්නට සිදුවෙනවා.

Monsieur Verdous චිත්‍රපටයේ
විකට නළුවෙක් ලෙස The kid (1921 ), A Women of Paris (1923), The Gold Rush(1925), He Circus වැනි සමාජ ඛේදවාචක හරහා ගොඩනැගුනු හාස්‍යජනක චිත්‍රපට තුළින් ඉමහත් ප්‍රසිද්ධියක් ලබන චැප්ලින් ප්‍රේක්ෂකාගාරයෙන් ඔබ්බට සිතීම උදෙසා නිර්මාණය කළ City Lights හා Modern Times වැ නි චිත්‍රපට අදත් ලෝක මට්ටමෙන් සංවාදයට බදුන් වන නිර්මාණ ලෙස හදුන්වන්න පුළුවන්.
අවසන් විවාහයෙන් ලැබුණු දරුවන් අට දෙනා සමඟ චැප්ලින් හා බිරිද ඌනා ඕනිල්
“නිහඩ විකට චිත්‍රපට රජා” ලෙස විරුද්ධාවලිය ලැබූ චැප්ලින්ගේ දිවියේ සාමාන්‍ය පාඨකයා නොදත් විස්තර ටිකක් තමයි ලිපියෙන් දක්වුයේ. කුඩා කළ දුක් විදිමින් පසුව මුළු ලොවක් හිනා සාගරයක් වෙත රැගෙන ගිය චැප්ලින්ගේ පුද්ගලික ජීවිතය කෙසේ වෙතත් චිත්‍රපට කලාවට කළ සේවය වෙනුවෙන් නම් චාලි චැප්ලින් යන නාමය අනාගතයේත් අමරණීයව පවතින බවයි අපිට නම් හිතෙන්නේ.
roar media සටහනක්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
