මාලිමා ආණ්ඩුව, ක්ලීන් ශ්‍රී ලංකා යැයි පවසමින් තමන් ගේ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්නට අවස්ථාව සලසා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, ඔහුගේ මියගිය සුරතලා ගේ දෙවසර අනුස්මරණය කිරීම නිමිත්තෙන් දිවයින පුරා විසිරී සිටින වීථි සුනඛයන් හට ආහාර ලබා දීමේ වැඩසටහනක් ඊයේ (07) සංවිධානය කර තිබුණි.
ආදරය යනු බලාපොරොත්තු වන දෙයකට වඩා දිය යුතු දෙයක් යැයි සෙනුකි දිසානායක පැවසුවා ය.
"නව ජිවනය" (Resurrection) නම් කෘතිය බලාපොරොත්තු කඩවුණු මිනිස්සුන්ගේ ජිවිත ගැන නැවත ආපසු හැරී බැලීමක් සහිත බව දැන මීට පෙර මම නොසිටියෙමි. පොත අතට ගත් විට මම අපේක්ෂා කළේ අවසාන යුගයේ ටෝල්ස්ටෝයි, ධර්මවාදී, අනාගතවක්තෘ, තමා ලියූ සියලු ම ග්රන්ථ පවා ප්‍රතික්ෂේප කර, බෞතීස්ම ලත් අයකුගේ උද්යෝගයෙන් ක්‍රිස්තියානි අරාජිකවාදය වැලඳගත්, රැවුල් සහ කොණ්ඩය වවාගත් මහලු මිනිසකුගේ පෙනුමකි. නමුත් පොත කියවීමේ දී මට හමු වූයේ ඊට හාත්පසින් ම වෙනස් වූ ඊටත් වඩා භයානක දෙයකි. අසාධාරණයෙන් ඔබව සුවපහසු දුරස්තභාවයක තබා ගැනීමට ඉඩ නොදෙන, ඔබ නොසිතා ලාභ ලබන පීඩන පද්ධතීන්හි ඔබව පෞද්ගලිකව හිර කරන, මිදීම යනු දයාවේ මොහොතක් නොව, ඔබ කවුරුන්ද යන්න විනාශ කර, සෛලයෙන් සෛලය නැවත ගොඩනගන කුරිරු ජීවිත කාලීන ක්‍රියාවලියක් බව යෝජනා කරන, දරා ගැනීමට නොහැකි අමාරු පොතකි.
දකුණු පළාතේ සිට ආධාර රැගෙන එන ලොරි රථ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල පැවසූ බව සදහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සාවද්‍ය පුවතක් වන බවත්, එම සාවද්‍ය පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දන්වමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ගේ ජායාරූපයක් ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිත්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර සහ මුදල් එකතු කිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇත.
දැනට පාසල් වල භාවිතා කරන 10 වැනි ශ්‍රේණියේ සිංහල පාඩම් පොතෙහි ආපදා කළමනාකරණය යනුවෙන් සුවිශේෂ පාඩමක් ඇත .
විපතක් සිදු වූ විට, රජයක පළමු වගකීම වන්නේ ජීවිත ආරක්ෂා කිරීම යි. එය කරන්නේ කෙසේ ද ,කළ යුත්තේ මොනවා ද යන්න පිළිබඳව ලොව පුරා ඇති ආදර්ශ තුළින් ගත හැකි පොදු පාඩම වන්නේ ඉක්මන් ප්‍රතිචාර, සම්බන්ධීකරණය සහ සන්නිවේදනය ඉතා වැදගත් වී ඇති බවයි.
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දීය රජය සහ එරට ජනතාව විසින් සිදු කරන ලද ආධාර රැගත් ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට ළගා විය.
මෑත කාලීන සුළි කුණාටුවෙන් සිදු වූ හානියකින් පසුව මෙරට සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් සියයට 30ක් එනම් කි.මී. 1,593න් කි.මී. 478ක් පමණක් භාවිතයට ගත හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.
මේ වන විට රට තුළ පවතින ස්වාභාවික ව්‍යසනය හමුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියට එල්ල වී ඇති බලපෑම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක සිටිමින් එය සාර්ථකව කලමනාකරණය කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් ප්‍රකාශ කළේය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 132ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිට්වා සුළි කුණාටුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අතර ඒ හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ පස්වරු (නොවැම්බර් 30) 6ට නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් අතර අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 370කි.
ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 390ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ (දෙසැම්බර් 4) වන දා සවස 6.00 වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 481ක් බවත්, අතුරුදන් සංඛ්‍යාව 345ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම්වලින් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය සහ පාඩුව නිවැරැදිව ඇස්තමේන්තු කිරීම රජයට තනිව කළ නොහැකි බැවින් ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබාගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ලෝක බැංකු කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් ප්‍රකාශ කළේය.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4යි දශම එකක් ලෙස ලෝක බැංකුව විසින් ගණනය කළද එම හානියේ ඍජු හා වක්‍ර පිරිවැය එම අගයට වඩා වැඩි විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.
ගංවතුරින් ආපදාවට පත් කොච්චිකඩේ ප්‍රදේශයේ 500කට අධික පවුල් ප්‍රමාණයකට සහල් ඇතුළු වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් ඊයේ (09) කොච්චිකඩේ ප්‍රදේශයේ දී සිදු කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

