හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමට සැලසුම් කර තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොන්ඩා පැටවෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන නිලධාරීන් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මහින්ද දේශප්‍රිය කියනවා අනුර කුමාරට උනන්දුව තිබුණට එයාගේ කාර්ය මණ්ඩලයට එහෙම එකක් නැහැ කියලා.
ආණ්ඩුවෙ ඉහළම තැනකින් කාකි සූට් දෙපාර්තමේන්තුවේ ලොකු තැනට අමුතුම නියෝගයක් ආවාලු.
ගම්පහ, දිවුලපිටිය කළුඅග්ගල කන්දේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට 64වන වියේ පසුවිය.
ක්‍රීඩක ජයනන්ද වර්ණවීර 1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර වසර අටකට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කර ඇත.
පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා ඇති ජයනන්ද වර්ණවීර 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 06ක් බිඳහෙළා තිබිණි.
Sirimali Liyanagama
ආසියානු ක්‍රිකට් කුසලානයේදී ඉන්දියාව ලැබූ ජයග්‍රහණය යනු හුදු ක්‍රීඩා ජයග්‍රහණයක් නොවේ. එය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ එරට විදේශ ප්‍රතිපත්තිය තුළට දැඩි ජාතිකවාදය සහ හින්දුත්ව මතවාදය කාවැදීමේ සංකේතයක් බවට පත් විය.
මෙම ප්‍රවණතාවය, ක්‍රිකට් පිටියේ ආතතියේ සිට BRICS සමූහය පුළුල් කිරීම දක්වාත්, කලාපීය බල තුලනය තුළ ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවල ස්ථාවරයන් කෙරෙහිත් සෘජුව බලපා ඇති භූ-දේශපාලනික තත්ත්වයකි.
ක්‍රීඩාව සහ දේශපාලනික ගැටුම: මෝදිගේ ජාතිකවාදී දර්ශනය

ඓතිහාසිකව, ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරග යොදා ගත්තේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කරන 'මෘදු බලයේ' (Soft Power) මෙවලමක් ලෙසයි. කෙසේ වෙතත්, මෝදි රජය යටතේ මෙය 180-අංශක වෙනසකට ලක් විය.
ආසියානු කුසලානයේ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි විසින් එය හමුදාමය ගැටුමක් හා සමාන කරමින්, "Operation Sindoor" වැනි යෙදුම් භාවිතයෙන් සමාජ මාධ්‍ය සටහන් තැබීමෙන් පෙන්වා දුන්නේ මෙම ක්‍රීඩා පිටිය සතුරු පාකිස්තාන-ඉන්දියා ආරවුල යළි එළිදැක්වීමේ වේදිකාවක් බවයි. මෙමගින්, ජයග්‍රහණයේ ගෞරවය කණ්ඩායමෙන් ඔබ්බට ගොස්, ජාතිකවාදී දේශපාලන න්‍යාය පත්‍රය (මෝදිට) තහවුරු කරන සංකේතයක් බවට පත් විය.
ඉන්දීය කණ්ඩායමේ නායකයා විසින් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ ඒ සම්බන්ධයෙන් ACC සභාපති (පාකිස්තාන පුරවැසියෙකු වන) මොහ්සින් නාක්වි විසින් දැඩි ස්ථාවරයක් ගැනීම, ක්‍රීඩාවේ පාලනය තුළ පවා පවතින ගැටුම්කාරී භූ-දේශපාලනය මතුපිටට ගෙන ආවේය.

භූ-දේශපාලනික 'බහු-ගැළපීම්' (Multi-Alignment) සහ එහි ප්‍රතිවිරෝධතා
ජාතිකවාදයේ නැගීමත් සමඟ, ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය 'උපාය මාර්ගික ස්වාධීනත්වය' මත පදනම් වූ 'බහු-ගැළපීම්' (Multi-Alignment) ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. මෙහි අරමුණ වන්නේ ප්‍රධාන බල කඳවුරු සියල්ල සමඟ සබඳතා පවත්වා ගැනීමයි.
ඉන්දියාව චීනය සහ රුසියාව ප්‍රමුඛ BRICS සමූහය පුළුල් කිරීමට සහාය දෙයි. මෙය බටහිර ආධිපත්‍යයට ප්‍රතිවිරුද්ධ බහුධ්‍රැව ලෝකයක් සඳහා ඉන්දියාව දරන උත්සාහයයි. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් ඇතුළත් කර ගැනීම හරහා ඉන්දියාව සිය ආර්ථික සහ භූ-දේශපාලනික අවශ්‍යතා සමබරව පවත්වා ගැනීමට අපේක්ෂා කරයි.
එහෙත්, ඉන්දියාව ඒ සමඟම Quad (ඇමෙරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව) වැනි බටහිරට නැඹුරු ආරක්ෂක කණ්ඩායම් සමඟද සක්‍රීයව කටයුතු කරයි.
හින්දු ජාතිකවාදයේ නැගීමත් සමග, ඉන්දියාවේ ප්‍රමුඛතා වෙනස් වී ඇත. විචාරකයින්ට අනුව, ඇමරිකාව සමඟ මෙතෙක් පැවති "විරසකය අහෝසි වීමේ ප්‍රවණතාවක්" මතුව ඇත. මෙම නව ජාතිකවාදී රාමුව යටතේ, ඊශ්‍රායලය-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ඉන්දියාවේ පැරණි මධ්‍යස්ථ ස්ථාවරය ඉදිරියේදී "මදක් පසුබානු ඇතැයි" අපේක්ෂා කළ හැකිය. මෙහිදී, ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ සාම වැඩපිළිවෙලට ඉහළ පිළිගැනීමක් ලැබීමේ ප්‍රවණතාවක් ඇති බවට මතයක් පවතී. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෝදිගේ ස්ථාවරයන් යළි යළිත් පළ කිරීම මෙම නව සමීප සබඳතාවේ පිළිබිඹුවකි.
ශ්‍රී ලංකාවට ඇති භූ-දේශපාලනික අභියෝගය
ඉන්දියාවේ මෙම භූ-දේශපාලනික "අංශක තුන්සිය හැටක් කරකැවීමේ" පසුබිම තුළ, ශ්‍රී ලංකාව වැනි ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු කුඩා රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය අතිශය තීරණාත්මක වේ.
එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කරමින්, ගාසා තීරයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ලංකාවේ කණස්සල්ල ප්‍රසිද්ධියේම පළ කිරීම, ඓතිහාසිකව අපගේ නොබැඳි ප්‍රතිපත්තියට අනුකූල වේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ නව නැඹුරුව සහ ගෝලීය වශයෙන් ඇමරිකාව ඊශ්‍රායලයට දක්වන සහයෝගය හමුවේ, ශ්‍රී ලංකාවේ මෙම ස්ථාවරය "ඇමරිකානු කුඩම්මාගේ සැලකිල්ලට" ලක්වීමේ අවදානමක් පවතී.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන (IMF) හරහා ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආර්ථික බලපෑම දැඩිව දැනිය හැකිය. භූ-දේශපාලනික තීරණ මූල්‍ය ආධාර හෝ වෙළඳ සබඳතා කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බැවින්, රටේ ආර්ථික අවශ්‍යතා තවදුරටත් අවදානමට ලක්විය හැකිය.
ඉන්දියාව බටහිර සමග සමීප වීමත්, චීනය දිගටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වීමත් සමඟ, ශ්‍රී ලංකාව ඉන්දු-චීන භූ-දේශපාලනික අරගලයේ තවත් කේන්ද්‍රස්ථානයක් බවට පත් විය හැකිය. ශ්‍රී ලංකාව තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් සමතුලිත විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම තවත් අභියෝගාත්මක වනු ඇත.
ක්‍රිකට් ජයග්‍රහණයක් පවා ජාතිකවාදී දේශපාලන මෙවලමක් බවට පත් කරන යුගයක, ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය උපාය මාර්ගික ස්වාධීනත්වය සහ ජාතිකවාදී ආවේගයන් යන දෙකෙහිම සංකලනයකි. ඉන්දියාව 'විශ්ව ගුරු' (ලෝකයේ නායකයා) වීමේ අභිලාෂය හඹා යද්දී, බහු-ගැළපීම් ප්‍රතිපත්තිය කලාපයේ බල තුලනයට තවදුරටත් බලපෑම් කරනු ඇත. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට, තම ඓතිහාසික ප්‍රතිපත්ති (පලස්තීනයට සහාය දීම වැනි) පවත්වා ගෙන යෑම, ආර්ථිකමය වශයෙන් ස්ථාවර වන තෙක්, ප්‍රධාන ගෝලීය බලවතුන්ගේ භූ-දේශපාලනික පීඩනයට ලක්වීමේ අවදානම ඉහළ නංවනු ඇත.
මීළඟ කොටසින් -
(ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට, චීන ණය සහ ඉන්දීය-ඇමරිකානු කලාපීය බලපෑම් අතරතුර උපාය මාර්ගික ස්වාධීනත්වය ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය කුමක් විය හැකිද?)
ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් පසුගියදා (16) උපදෙස් දුන්නේ ය.
ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති විශේෂ රැස්වීමක දී ය.
මෙම රැස්වීමේ දී ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සංවිධානය කිරීම හා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගනිමින් ඒවා විදේශිකයන් අතර ප්‍රචලිත කිරීම තුළින් සුවිශේෂි සංචාරක කාණ්ඩයක් ශ්‍රී ලංකාව දෙසට ආකර්ශනය කරගැනීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණි.
එහි දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට්, රග්බි, පාපන්දු යන ප්‍රධාන ක්‍රීඩා තරඟවලට අමතරව තවත් ක්‍රීඩා ගණනාවක් සඳහා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන් ප්‍රේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් වාර්ෂික පැමිණෙන බව හඳුනා ගනු ලැබුණි.
වෝටර් රාෆ්ටිං, සර්ෆිං, කඳු නැගීම, පා පැදි තරඟ, මැරතන් තරඟ ආදි ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව අවධානය දිනා ඇති අතර මෙම ඉසව් විවිධ ස්ථානවල වෙන වෙනම පැවැත්වෙන බවත් මෙම රැස්වීමේ දී අනාවරණය විය. මින් ඇතැම් තරඟ ජාත්‍යන්තර මට්ටමේ තරඟ නොවුණත් විවිධ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් විවිධ කොටස් වශයෙන් පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තා විය.
ක්‍රීඩා සංචාරකත්වය දියුණු කරන්න මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටත් අවධානය
එළඹෙන වසර සඳහා සංවිධානය කර තිබෙන ඉසව්, තරඟ පිළිබඳව ද අධ්‍යයනය කරනු ලැබූ අතර පළමු මාස 04 තුළ ක්‍රිකට් තරඟ 40ක් පමණ සංවිධානය කර තිබෙන බවත් සෙසු ක්‍රිඩා සඳහා ද ඉසව් රැසක් සංවිධානය කර තිබෙන බව ද හඳුනාගනු ලැබුණි.
කෙසේ නමුත් ක්‍රීඩා ඉසව් සැලසුම්සහගව සංචාරක ආකර්ශනය සඳහා යොදා ගැනීම සිදු නොවීම ගැටලුවක් වන බැවින් එයට පිළියමක් ලෙස මෙහෙයුම් කමිටුව පිහිටුවීමට තීරණය විය.
මෙහි දී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දී විවිධ අංශ හඳුනාගැනීම අවශ්‍ය වන බවත් එහිදී ක්‍රීඩා සංචාරකත්වය විශේෂ අංශයක් ලෙස රජය හඳුනගෙන තිබෙන් බවත් ය. එමෙන් ම මෙහෙයුම් කමිටුව පිහිටුවීම තුළින් ක්‍රීඩා සංචාරකත්ව ක්ෂේත්‍රයේ තිබෙන විශේෂත්වය, විභවතාව සහ පරාමිතීන් හොඳින් අවබෝධ කරගෙන ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ හැකි බවයි.
ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සංවර්ධන වැඩපිළිවෙල්වල දී ක්‍රීඩා හා සංචාරක යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කර ක්‍රීඩා සංචාරකත්වය ප්‍රවර්ධනය කරන්නේ කෙසේ ද තරඟ ගෝලීය වශයෙන් ප්‍රචාරය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රිඩා සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය හඳුන්වා දීම, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය වන මගපෙන්වීම් ලබා දීම, සැලැසුම් ලබා දීම ආදිය සිදු කිරීම මෙහෙයුම් කමිටුව මගින් අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේද එක්ව සිටියහ.

ක්‍රීඩාව තුළින් රටේ සහජීවනය ඇති කළ හැකි යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පවසයි.
ඔහු එබව කියා සිටියේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ය.
එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආබාධිත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනම අරමුණ අරමුදලක් පිහිටුවමින් සහාය ලබාදෙන ලෙසත්, ආබාධිත රණවිරුවන්ටත් ජාත්‍යන්තර ක්‍රීඩාවලට සහභාගි වීමට වෙනම අරමුදලක් පිහිටුවන ලෙසත් යෝජනා කළේ ය.
එමෙන් ම පවතින ක්‍රීඩා පනත තුළ ක්‍රීඩාව දේශපාලනීකරණයට ලක්වෙන බවත්, ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කළ යුතු අතර ලෝකයේ ම පවතින ජනප්‍රියතම ක්‍රීඩාව වන දුප්පතාගේ ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවට ද විශේෂ උනන්දුවක් දක්වන්නැයි හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටිති.
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29) ආරම්භ වෙයි.
අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් 35 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
ගැලනිගම සහ කහතුඩුව අතර මෙම අනතුර සිදුව ඇත
වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු සමග ළමුන් තිදෙනෙකු ද එ අතර වේ. ඔවුන් හෝමාගම සහා කළුබෝවිල යන රෝහල් වලට ඇතුලත් කර ඇති අතර එහි දි හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් ඇත.
මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් තමන් කාන්තාවක් බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ඡායාරූප සහ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අමෙරිකානු දේශපාලන විචාරකවරියක් වන Candace Owens විසින් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් පිරිමියෙකු ලෙස උපත ලැබූ අයෙක් බවට චෝදනා එල්ල කර තිබීම හේතුවෙන්.
ඒ අනුව, ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රංශ ජනපති සහ ඔහුගේ බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ කටයුතු කර ඇත.
ඔවුන්ගේ නීතිඥ ටොම් ක්ලෙයාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අපහාසාත්මක ප්‍රකාශය, වෘත්තියක් සහ පවුල් ජීවිතයක් සමඟ ගැටෙන ඕනෑම අයෙකුට මෙන්ම රටක ජනාධිපතිවරයෙක් වූවද ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ට ද බලපෑම් ඇති කරන බවයි.
ඉදිරියේ දී විද්‍යාත්මක විශේෂඥ සාක්ෂි හෙළිවෙනු ඇති බවත් චෝදනා අසත්‍ය බවට සම්පූර්ණයෙන්ම ඔප්පු කිරීමට යුවළ සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත
අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා පෙර දැනුම් දීම් කර ඇති බවට විපක්ෂය සාක්ෂි සහිතව ඊයේ රට හමුවේ අනාවරණ කළේය.
සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බවත්, ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, ඊසාන දිග සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරයි.
ලංකාවේ සමරිසි පුද්ගලයින් (කාන්තා පිරිමි දෙපාර්ශ්වය ම) ඔවුන්ට විවාහ වන්නට ඉඩ ලබා දෙන්නැයි ඉල්ලා නොසිටිය දී ම මෙරට ආගමික නායකයින් සහ අන්තවාදිහු එයට විරෝධය පාන තත්ත්වයක් යටතේ මගුල් පෝරුවක නැග සමරිසි විවා දිවියට ඇතුළත් වූ කැනඩා ජාතික ජෙනිෆර් සහ ලාංකික කාන්තාවක වන සිතාරා පිළිබඳ විසිතුරු පුවතක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරයි.
මතු පළ වන්නේ ජෙනාෆර් සහ සිතාරා හෙළ කුළ සිරිතට අනුව මංගල පෝරුවේ දී විවාහවූ අවස්ථාව ය.
විදේශයකදී බෞද්ධ විහාරස්ථාන සඳහා මාර්ග සංඥා ස්ථාපනය කළ ලෝකයේ පළමු නගරය බවට කැනඩාවේ ඔටාවා අගනගරය පත්ව තිබෙනවා.
එය සිදුවන්නේ ශ්‍රී ලාංකිකයකුගේ මූලිකත්වයෙන් වීම විශේෂත්වයක්.
ඔටාවා අගනගරයේ මහජන කාර්ය හා සේවා දෙපාර්තමේන්තුව, රථවාහන මෙහෙයුම් අංශය සමඟ එක්ව, නගරය තුළ බෞද්ධ විහාරස්ථාන හඳුනාගැනීම සඳහා මාර්ග සංඥා පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.
"මේ වනවිට සංඥා 14ක් පිහිටුවලා තියෙනවා. ශ්‍රී ලාංකික විහාරස්ථාන පමණක් නෙවෙයි, මෙහි කාම්බෝජ, වියට්නාම සහ තායි ප්‍රජාවන්ට අයත් විහාරස්ථානවලට යන මාර්ගත් සලකුණු කර තිබෙනවා” කැනඩාවේ ඔටාවා හි Buddhist Embassy සංවිධානයේ නිර්මාතෘ සහ ව්‍යවසායක විසිත සිරින් ලීලරත්න පැවසුවා.
"මෙමගින් විහාරස්ථානවලට යන මාර්ග සොයාගැනීම පහසු වී තිබෙනවා වගේම, ඊට රියදුරන්ගෙන් ඉහළ ප්‍රශංසාවක් ලැබී තිබෙනවා. මෙම මාර්ග සංඥා ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ" ව්‍යාපෘතියේ මූලිකත්වය දරන විසිත ලීලරත්න වැඩිදුරටත් කියාසිටියා.
වසර කිහිපයකට පෙර, ඔටාවා නගරාධිපති ජිම් වොට්සන් විසින් ඔටාවා නගරසභාවේ බෞද්ධ කොඩිය එසවීමට අනුමැතිය ලබාදී තිබුණා. ඒ අනුව වෙසක් මාසය ප්‍රකාශයටපත්කිරීම සහ නිල බෞද්ධ මාර්ග සංඥා හඳුන්වා දීම ද සිදුකෙරුණේ ඔහු විසින්.
ඔටාවා නගරයේ වාර්ෂික වෙසක් උත්සවය, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, චීනය, තායිලන්තය, ඉන්දියාව සහ වෙනත් රටවල බෞද්ධ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පවත්වන්නක්.
විපක්ෂ නායක පියෙරේ පොයිලීව්ර් ඇතුළු දේශපාලන නායකයින් ද උත්සවයට සහභාගී වුණා.
විසිත ලීලරත්න පැවසුවේ මෙම සංකල්පය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දී ඇති අතර, අම්බලන්ගොඩ සහ කොට්ටේගොඩ යන ප්‍රදේශවල දැනටමත් සංඥා ස්ථාපනය කර ඇති බවයි.
බද්දේගම ප්‍රදේශයේ සිරින් පාර්ක්පොල් වත්තක භාවනා මධ්‍යස්ථානයක් සහ පරිසර හිතකාමී (Eco Lodge) නිවාඩු නිකේතනයක් වන සිරින් පාර්ක් ඉදිකර විවෘත කළ ලීලරත්න, දැන් කැනඩාවේ බෞද්ධ උරුම මාසයක් (Buddhist Heritage Month) ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික පනතක් (Private bill) ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.
"කැනඩා පාර්ලිමේන්තුව තුළ බෞද්ධ උරුමය පිළිගැනීම, වෙසක් සහ පොසොන් උත්සව විශාල පරිමාණයකින් සංවිධානය කිරීමට හැකියාව ලබා දෙනවා."
එය විවිධත්වය තුළ එක්සත්කම සඳහා කැනඩාවේ කැපවීම ප්‍රදර්ශනය කරන්නක් වන අතර බෞද්ධ සම්භවයක් ඇති කැනේඩියානුවන් සඳහා මෙය අතිශය වැදගත් බවයි ඔහු පෙන්වාදෙන්නේ.
( hirunews)
පහුගිය දවසක කැබිනට් කුට්ටම අනන වෙලාවේ ආණ්ඩුවේ බලවත්ම ඇමති කෙනෙක්ගේ විෂයක් මාරු උනා.
මේ මාරුව ගැන නොයෙක් කතා තියෙනවා. මේකට බලපාපු හේතු ගණනාවක් ගැනත් ආරංචි පැතිරෙනවා.
ආණ්ඩුවේ දෙවෙනියා තුන්වෙනියා වගේ ඉන්න මේ මනුස්සයාගෙ විෂය කාර්යයන් වෙනස් වුනේ උන්නැහේ භාරව හිටපු මහ මුහුදට සම්බන්ධ ආයතනයට කලාපයේ බලවත් රටකින් ඉදිරිපත් වුන යෝජනා කිහිපයක් වෙනත් බලවත් රටක කීමට ප්‍රතික්ෂේප කරපු නිසාය කියලා පැලවත්ත පැත්තෙන් ආරංචි වෙනවා.
මේ වැඩෙන් එයාට හානියක් වෙන එක වළක්වන්නලු විෂය කාර්ය මාරු කරේ.

ඒ අතරේ තවත් කතාවක් පැතිරෙනවා.
ඒකෙන් කියවෙන්නේ ආණ්ඩු පක්ෂයට උදව් කරන ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයකුගෙ ව්‍යාපාරික යෝජනාවක් අනුමතනොකිරීම මේ මාරුවට හේතුවක් කියලයි.
මේ ව්‍යාපාරික තැන ආණ්ඩුවට කොපමණ හිතවත්ද කියනවනම් මහින්ද උන්නැහේ ඉන්න කාලේ එයාගේ හොඳම යාළුවෙක් වගේ හිටියත් පහුගිය දවසක මඟුල් ගෙදරකදී එතෙන්ට ආපු ව්‍යාපාරිකයන් සියලුම දෙනා මහින්ද උන්නැහේ වට කරන් ඉන්නකොට එතුමාට කතා කිරීම තබා මුහුණවත් බැලුවෙ නෑ කියලයි කියන්නේ.
කොහොම හරි මේ ව්‍යාපාරික තැන වෙනුවෙන් ආණ්ඩුවෙ ඉහළම තැනට ගතු කියලා තියෙන්නේ ආණ්ඩුවේ වගේම පක්ෂෙත් විභුෂණය කරන හෝටල් ව්‍යාපාරික නෝන කෙනෙක් කියලයි ආරංචි.
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

