ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම ඊයේ (15) දිනයේ වාර්තා කර තිබේ.
ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක් රැස් කරමිනි.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කිරීමට රේගුව සමත් වී ඇත.
2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති අතර එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවනු ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.
මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙනමූලික අයිතිවාසිකම් පෙත්සම්  15 ක් පමණ අද අභියාචනාදීකරණය හමුවේ කැඳවනු ලැබුවේ ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවිය.
එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන  අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම නඩුකරවලට පාදකවන වාහන ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරීමට හැකියාව තිබෙන බව දැනුම් දුන්නේ ය. ඊට අමතරව ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීම් සිදු  කිරීමෙන් අනතුරුව අදාළ වාහන ලියාපදිංචි කිරීමට අවසර හිමි වන බවත් අතිරේක සොලිසිටර් සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ගෙන්වන ලද වාහන අතීතයේදී ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හැර තිබෙන බවත්  රේගුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේ ය.
එසේ මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.
මෙම වාහන මුදාගැනීමේදී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35 ක අධිභාරය මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තර්ක කළේ ය.
මෙහිදී තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකර සමතයට පත්කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා ඉදිරි දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියේ ය.
ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේ ය. 
ලෝක ඉතිහාසයේ සිදුවූ වඩාත්ම බිහිසුණු සහ ආනුෂාංගික අපරාධයක් අද (03) ශත සංවත්සරය සනිටුහන් කරයි. 1919 ජනවාරි 15 වනදා බර්ලීනයේ දී ගාර්ඞ්-කවලහී-ශුට්සන් කොට්ඨාසයේ ෆ්‍රයිකොර් සෙබළුන් විසින් ඊට සති දෙකකට පෙර පිහිටවනු ලැබූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩි) නායකයින් දෙදෙනා වන රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට් අත්අඩංගුවට ගන්නා ලදී.
ලක්මාලි හේචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය අධිකරණ නියෝගයක් පිළිබඳ කළ ප්‍රකාශය පිළිබඳ සිය අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන්නේ මන්ත්‍රීවරිය කළ සම්පුර්ණ ප්‍රකාශය පිළිබඳ සලකා බැලීමේ දී ඇය අධිකරණයට අපහාස කළා යැයි තමන් විශ්වාස නොකරන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ ada derana youtube නාලිකාව ඉදිරිපත් කරන 360 වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
එමෙන් ම මෙම නඩුකටයුත්තේ දී අධිකරණය ලබා දී ඇති තීන්දුව අනුව වින්දිතයින් බවට පත්ව ඇති පිරිස ඉඩමෙන් ඉවත් කිරිම සඳහා දින වකවානු නියම කර නොමැති බැවින් ඔවුන්ට කිසියම් කාලයක් ලබා දීම සාධාරණ යැයි ද අධිකරණ අමාත්‍යවරයා පැවසී ය.
                    
                                                                        නල්ලතන්නිය මස්කෙළිය සමාගමට අයත්, ලක්ෂපාන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ අද (09) අලුයම හට ගත්ත හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ විශාල ප්‍රමාණයක් දැවී විනාශයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
අද (08) දින අලුයම 1.30 ට පමණ හටගත් මෙම ගින්න නිවා දැමීමට නල්ලතන්නිය පොලිසිය, මවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වතුයායේ කම්කරුවන් සමග එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඇත. 
නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල මෑතකදී ප්‍රකාශ කළේ තම පක්ෂයේ නායකයන්ට "ලක්ෂ්මන් කදිරගාමර්ගේ තලයේ" හැකියාවක් ඇති බවය. එම ප්‍රකාශය, කිසිවෙකුටත් ඇසීමට අවශ්‍ය නොවූ විහිළුවක අවසාන පේළිය මෙන් විය. සමාජ මාධ්‍ය පුරා උපහාසය පැතිර ගියේය.
ඇමතිවරයාට නොතේරුණු දේ මහජනතාව හරියටම දැන සිටින බවක් පෙනෙන්නට තිබුණි. වර්තමාන දේශපාලන පන්තිය කදිරගාමර්ට සමාන කිරීම, මුල් කලාකෘතියකට, එයින් ගත් ෆොටෝකොපියකිනුත් ගත් තවත් ෆොටෝකොපියක් සමාන කරනවා වැනිය. එහි පාට මැකී ගොස්, ඉරි බොඳ වී, ඉතිරිව ඇත්තේ යන්තම්වත් හඳුනාගත නොහැකි දෙයකි.
නමුත් අපහසු ඇත්ත නම්, ඒ සිනහව අපේ උගුරේ හිරවිය යුතුය. මන්ද, ඇමති වටගලගේ මුළාව ඔහුගේ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය අපේ මුළු රටටම අල්ලා ඇති කණ්ණාඩියක් වන අතර, එයින් පෙනෙන පිළිබිඹුව විනාශකාරීය. අපේ නායකයන් සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔවුන් අපේ අතීතයේ සිටි දැවැන්තයන් හා සමාන යැයි කියා, ඔවුන්ට කිසිදා තමන්ගේ අසාර්ථකකම් දැකිය නොහැක. තවද, ජනතාව වන අපි ඔවුන්ව දිගින් දිගටම තෝරා පත් කරන්නේ නම්, ඔවුන්ව ආරක්ෂා කරන්නේ නම් සහ ඉවසා සිටින්නේ නම්, අප අපේම පරිහානියට හවුල්කරුවන් වෙමු.
අපි කොතරම් පහතට වැටී ඇත්දැයි තේරුම් ගැනීමට, පළමුව අපි සිටි තැන මතක් කරගත යුතුය. ශ්‍රී ලංකාවට වරක් නායකත්වය දුන්නේ "ලක්ෂ්මන්ලා" විසිනි - ඔවුන් වැරදි අඩුපාඩු නැති මිනිසුන් නොවූවත්, හරයක් තිබූ මිනිසුන්ය. ඩී.එස්. සේනානායක ස්ථිරසාර ලෙස අපේ නිදහසේ අඩිතාලම දැමීය.
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක නොබැඳි ගෞරවයකින් අපව ලෝක වේදිකාවේ ස්ථානගත කළහ. ජේ.ආර්. ජයවර්ධන, ඔහුගේ සියලු ඒකාධිපති අඩුපාඩු සමඟ, රොනී ද මෙල් වැනි දක්ෂයන්ගේ මඟ පෙන්වීම යටතේ අපේ දිවයින ලෝකයට විවෘත කළ ආර්ථික ව්‍යුහයක් ගොඩනැඟීය. ලලිත් ඇතුලත්මුදලි තුළින් බුද්ධිමය ශක්තියක් දිදුලුවේය. ගාමිණී දිසානායක මහාමාර්ග සහ ජලාශ ගැන සිහින මැව්වේය. ලක්ෂ්මන් කදිරගාමර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතා කළේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ නිවැරදිතාවයෙන් සහ දේශප්‍රේමියෙකුගේ උද්යෝගයෙනි.
ඒ.සී.එස්. හමීඩ් කැළඹිලි සහිත කාලවලට ස්ථාවරත්වයක් ගෙන ආවේය. රණසිංහ ප්‍රේමදාස, ඔහුගේ ක්‍රමවේද කුමක් වුවත්, දිළිඳුකම පිටුදැකීම කෙරෙහි ලෝකයේ අවධානය යොමු කරවීය. නීලන් තිරුචෙල්වම් විද්වතෙකුගේ මනසකින් සහ ක්‍රියාකාරිකයෙකුගේ හදවතකින් සාමය සහ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේය.
ඔවුන් දේවදූතයන් නොවීය. ඔවුන් බරපතල වැරදි කළහ. සමහරු ඒකාධිපතියන් වූහ, තවත් සමහරු බෙදීම් ඇති කළහ, බොහෝ දෙනෙක් මතභේදාත්මක වූහ. නමුත් ඔවුන් යම් සැබෑ දෙයක් ඉටු කළහ. ඔවුන්ට ජාත්‍යන්තර සංසදවලට ගොස් ගෞරවයක් දිනාගත හැකි විය. ඔවුන්ට බරක් තිබුණි. ඔවුන්ට අදහස් තිබුණි. ඔවුන්ට වැඩක් කිරීමට හැකියාව තිබුණි. ඔවුන් කතා කරන විට, මිනිසුන් සවන් දුන්නේ කටහඬේ ශබ්දය නිසා නොව, එහි තිබූ හරය නිසාය.දැන් වටපිට බලන්න. අපට ඇත්තේ කුමක්ද? අපට සිටින්නේ "ලක්මාලිලා" - කිසිවක් නොකර කාර්යබහුල බව පෙන්වීමේ කලාව ප්‍රගුණ කළ දේශපාලන පන්තියකි. ඔවුන් මාධ්‍ය සාකච්ඡා සහ පාර්ලිමේන්තු කෑගැසීම්වල රජවරුන්ය. ඔවුන් කෝපාවිෂ්ට ෆේස්බුක් සටහන් සහ නාටකීය විරෝධතාවල දක්ෂයන්ය.
නමුත් ඔවුන්ගෙන් ප්‍රතිපත්තියක්, උපාය මාර්ගයක්, පැහැදිලි දැක්මක් ගැන ඇසුවොත්, ඔබට ඇසෙන්නේ ඔවුන්ගේම හිස් වචනවල දෝංකාරය පමණි.
නම් වෙනස් වුවද, රටාව එසේමය. සජිත් ප්‍රේමදාස, බිමල් රත්නායක, කේ.ඩී. ලාල්කාන්ත, හරිනි අමරසූරිය, දයාසිරි ජයසේකර, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත්, මුජිබර් රහමන්, ලක්මාලි හේමචන්ද්‍ර, චතුරංග අබේසිංහ, පුණ්‍යසිරි ජයකොඩි, අර්ච්චුනා, චාමර සම්පත්, නාමල් රාජපක්ශ, හර්ෂණ නානායක්කාර - මෙම ලැයිස්තුව පක්ෂ සහ මතවාද ඉක්මවා යයි, මන්ද මෙය පාක්ෂික අසාර්ථකත්වයක් නොවේ. මෙය ප්‍රමිතීන්ගේ පද්ධතිමය කඩාවැටීමකි.
මොවුන්, ඕනෑම තරඟකාරී පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ තනතුරක් දැරීමට පවා අසීරු විය හැකි පුද්ගලයන්ය.
එහෙත් ඔවුන් මිලියන විසි දෙකක ජනතාවකගේ ඉරණම තම අතේ තබාගෙන සිටිති.වඩාත්ම බිය උපදවන දෙය ඔවුන්ගේ නොහැකියාව නොවේ. ඒ නොහැකියාව තිබියදීත් ඔවුන් තුළ ඇති විශ්වාසයයි. අපි එය "වටගලගේ න්‍යාය" ලෙස හඳුන්වමු. එනම්, කටහඬේ ශබ්දය යනු නුවණ බවත්, තනතුරක් දැරීම යනු ඒ සඳහා සුදුසුකම් ලැබීම බවත්, මාධ්‍ය හමුවක් යනු දක්ෂතාවයට ආදේශකයක් බවත් යන විශ්වාසයයි. ඇමතිවරයෙකුට කිසිදු උපහාසයකින් තොරව තම සගයන් ලක්ෂ්මන් කදිරගාමර්ට සමාන කළ හැකි නම්, අප දකින්නේ හුදු උඩඟුකමට වඩා භයානක දෙයකි. අප දකින්නේ යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීමකි.
දේශපාලකයෙකුගේ හිස් වචන බෙදාගන්නා සෑම විටම, ප්‍රතිඵල නොසලකා හරිමින් ඔවුන්ගේ රංගනයට අත්පොළසන් දෙන සෑම විටම, වඩා හොඳ දෙයක් දැන දැනත් නිහඬව සිටින සෑම විටම, අපි ප්‍රශ්නයේ කොටස්කරුවන් වෙමු.

"ලක්මාලිලා" සිටීම ගැන අපට ඔවුන්ට දොස් පැවරිය නොහැක. අපට දොස් පැවරිය හැක්කේ ඔවුන්ව ඉහළට ඔසවා තැබීම, ඔවුන්ව ආරක්ෂා කිරීම සහ නැවත නැවතත් තෝරා පත් කර ගැනීම ගැන අපටමය. ඔවුන් කණ්ණාඩියක් අල්ලන විට, අපි බැලීම ප්‍රතික්ෂේප කරමු. ඔවුන් තමන් "ලක්ෂ්මන්ලා" යැයි කියන විට, අපේ නිහඬතාවයෙන් කියවෙන්නේ අපි එයට එකඟ වන බවය.
                    
                                                                        මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයකට බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේය.
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ 08) පැවති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම තත්ත්වය සියදිවි හානිකර ගැනීම සඳහා ද වැඩි වශයෙන් බලපා ඇති බවය.
ගම්පහ පාසල් සිසුන්ගෙන් 24%කට විෂාදය
මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් සියයට විසිහතරක් (24%) විෂාදයෙන් පෙළෙන බවට සායනික වශයෙන් තහවුරු වී ඇති බවයි.
මෙය භයානක තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.
කැලණිය විශ්වවිද්‍යාලය සහ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක්දහස් හතළිස්පස් දෙනකු (1,045) සහභාගි කරගෙන සිදුකළ
පරියේෂණයකින් මේ බව හෙළිව තිබේ.
එසේම සිසුන්ගෙන් සියයට හැටක (60%) පිරිසක් විශේෂ රෝග තත්ත්වයක් නොමැතිව මානසික ආතතියෙන් පෙළෙන බවද හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පාසල් සිසුන්ගෙන් බහුතර පිරිසකට ඔරොත්තු දීමේ හැකියාව නොමැතිකම බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ මෙම දරුවන්ගේ ගැටලුවලට දෙමව්පියන් ඇහුම්කම් නොදීම සහ ඔවුන්ගේ ප්‍රශ්න නොසලකා හැරිමයි. මීට අමතරව කුඩා කාලයේ ඔවුන්ට සිදුවූ වධහිංසා සහ අපයෝජනවලට පිළියම් යොදා නොමැතිවීම, නිරන්තරයෙන් විභාග සඳහා යොමු කිරීම, විශේෂයෙන් මාස තුනකට වතාවක් වාර විභාග පැවැත්වීම ද මෙසේ දරුවන් ආතතියට පත්වීමට හේතුවක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
(වරුණි පෙරමුණ)
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.
වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.
2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.
දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.
අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.
මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ.
                    
                                                                        ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
 
එසේම හුවමාරු පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් දුම්රිය නිදහස් ගමන් අවසර පත් විසි දෙකක් වෘත්තිය සමිති සඳහා ලබාදීමෙන් තවත් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පැවසීය 
 
රජය පිළිගත් වෘත්තිය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු පූර්ණ කාලීනව සම්මේලනයේ කටයුතු සඳහා නිදහස් කළ හැකි බවත් එසේ මුදා හරින නිලධාරියෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිදහස් ප්‍රවේශ පත්‍ර ලබාදිය යුතු බවත් පැවසිය. කෙසේ වෙතත් ඉහත නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ ඒ නීතියට පටහැනිව බවද එම වාර්තාව ප්‍රකාශ කරයි. 
 
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. 
 
 
( lankadeepa | සුජිත් හේවාජුලිගේ) 
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
                    
                                                                        විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරනු ලබන්නේම විදුලි බිල අඩු කිරීම ඉලක්ක කරගෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඔහු මේබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
විදුලි බිල අඩු වුණ අවස්ථා, වැඩි වුණ අවස්ථා සහ අඩු වැඩි නොකර පවත්වා ගෙන ගිය අවස්ථාවලුත් තිබුණ බව හෙතෙම කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය අරගෙන ආව පාඩුවක් තිබෙනවා. මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක තමයි මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ. විදුලි බිලේ කොහොම සංශෝධනයක් කරනව ද කියන එක තාමත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයට පත් කරලා නැහැ. විදුලිබල මණ්ඩලයත් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මහජනතාවත් විවිධ දේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ සියල්ල මත පදනම් වෙලා විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ලබාගනීවි.
පාරිභෝගිකයන්ගේ පැත්තෙන් එන ඉල්ලීම, කර්මාන්තකරුවන්ගේ හා ආයෝජකයන්ගෙන් එන ඉල්ලීම් සියල්ල සලකා බලමින් විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමට නම්, අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහගතකරණයට යා යුතු වෙනවා. ඉංජිනේරුවන්ට සහ කාර්ය මණ්ඩලයට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ දැනටමත් සේවය කරමින් ඉන්න ඒ ඒ අංශවලට ඇතුළත් වෙන්න. එහෙම නැතුව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”
(නුවන් කොඩිකාර)
අපේ රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන අතර ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක හෝ 40%ක හිමිකම් තිබෙන බවත්, මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මෑතක දී සිදු වූ පුරාවස්තු සොරකම ජාත්‍යන්තර අවධානය දිනාගත් මෑතකලීන විශෙෂ සිදුවීමක්.
                    
                                                                        ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සේවයට අයත් ගුවන් නියමුවෝ වෘත්තීය සමිති තීරණයකට අනුව, වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැරසෙති. 
 
විශ්‍රාම වැටුප් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ. 
 
ඒ සම්බන්ධ මත විමසුමකදී බහුතර ගුවන් නියමු පිරිසක් ඊට පක්ෂව ඡන්දය ලබා දුන්හ. ඒ අනුව, නුදුරේදී එය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිතිය දන්වා සිටී. 
 
වියදම් කප්පාදුව මගින් ආදායම ඉහළ නැංවීමට තීරණය කිරීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ එම ගුවන් සමාගම ශ්‍රමික අභියෝග රැසකට මැදිව සිටී. 
 
ආදායම ඉහළ නැංවීමේ අරමුණින් 2030 වන විට, සිය පරිපාලනයට අයත් රැකියා 4000ක් පමණ කප්පාදු කිරීමට සමාගම ඊයේ (29) තීරණය කළේය. 
 
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) 
(
9/30/2025 
 
 
Lufthansa faces strike after pilots vote for industrial action 
                    
                                                                        අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසයි.
අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් තීරණය කර තිබේ. 
 
රටේ ලොකු ලූනු ගොවියා දිගින් දිගට ම මුහුණ දෙන ගැටලු පිළිබඳ වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළ ද අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතු ම කොන්දේසි පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
                    
                                                                        විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ.
චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙම ප්‍රධාන පාලම, පළලින් මීටර් 1,420 ක් වන අතර, ලොව දිගින් සහ උසින් ද වැඩිම පාලම වේ.
පාලම සහ ඊට පහළින් ගලා යන ගංගාවේ ජලය මතුපිට අතර උසෙහි පරතරය මීටර් 625ක් වන අතර, ලොව එවැනි වැඩිම පරතරයක් සහිත ස්ථානය වන්නේ ද මෙයයි.
පාලම අද දින මෙලෙස ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ, මීට පෙර ඒ අතර ගමනාගමනයට ගත වූ පැය 2ක කාලය දැන් මිනිත්තු 2ක් දක්වා අඩු වී ඇත.
මෙහි ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වූ අතර, එහි සැලසුම ආරම්භයේ සිටම ඒ අවට සංචාරක සම්පත් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී.
පහළින් ගලා බසිනා දිගු ගංගාවකට ඉහළින්, එය හරහා ඇති විශාල කඳු දෙකක් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම අනාගතයේ දී ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එම කඳු දෙපස සිටින ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකි නව සාධකයක් බවට පත්වනු ඇත.
Ada derana.lk
ලෝක සිතියමෙහි ලංකාව පවතින තාක් ලංකාව ගෝලීය වශයෙන් සමුද්‍ර කර්මාන්තයේ කේන්ද්‍රය වීම කිසිවකුට වැළැක්විය නොහැකි යැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රි ලංකාවේ සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශ ප්‍රවර්ධන සමුළුවට සහභාගි වූ අවස්ථාවේ දී ය.
එම සමුළුව අමතමින් වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ තත්ත්වය එසේ වුව ද පසුගිය ඉතිහාසය පුරා ම ඒම කර්මාන්ත ආශ්‍රයෙන් මෙරටට අවශ්‍ය කරන විදේශ විනිමය නිසියාකාරයෙන් කැඳවා ගන්නට අසමත් වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කෙරෙන "VOYAGE SRI LANKA 2025" සමුද්‍රීය සමුළුව කොළඹදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව "VOYAGE SRI LANKA 2025", කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
"ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවය අනාවරණය කිරීම" යන තේමාව යටතේ නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කිරීම මෙම සමුළුවේ අරමුණ විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, නවෝත්පාදනය, මානව ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ගෝලීය තරඟකාරීත්වයෙන් යුත් සමුද්‍රීය හා අක්වෙරළ සේවා අංශයක් පෝෂණය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවයි.
මෙහිදී අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති  තවදුරටත් සඳහන් කළේ භූගෝලීය ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම සමුද්‍ර කර්මාන්තයට වාසිදායක බවයි. ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනයේදී වැදගත් කාර්යයක් ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
සමුද්‍ර කර්මාන්තයෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අමාත්‍යාංශය කටයුතු කරන බව ද ඔහු පැවසීය. සමුද්‍ර කර්මාන්තයේ ආයෝජනය සඳහා ජාත්‍යන්තරයට ආරාධනා කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සියළුම පහසුකම් සම්පාදනය කරන බව ද ප්‍රකාශ කළේය.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  තිරසාර සමුද්‍රීය ආයෝජන සහ ආර්ථික පරිවර්තනය හරහා ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන දේශනය පැවැත්වීය.
 ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කඩොනෝ  ශ්‍රී ලංකාවේ නීල ආර්ථික පරිවර්තනයේදී ආසියානු සංවර්ධන බැංකුවේ උපායමාර්ගික හවුල්කාරිත්වය සහ උගත් පාඩම් සහ අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව දේශනයක් පැවැත්වීය.
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා , ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, අනෙකුත් ආයතන ප්‍රධානීන්, කර්මාන්ත ප්‍රමුඛයින්, හවුල්කරුවන් සහ ශ්‍රී ලංකාවේ සහ විදේශීය නියෝජිතයන් විශාල පිරිසක් සමුළුවට එක්ව සිටියහ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය, Colombo Dockyard,GAC Group  Sri Lanka යන ආයතනවල නියෝජිතයින් සමුළුවට එක්ව සිටියහ.
ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන සහකරුවන් මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය විශේෂඥයින් සහ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් රැසක් මෙම උත්සවයට සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.
Lanka Marine Services, Seylan Bank PLC, Lanka IOC PLC, Hayleys Advantis Limited, ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම සමුළුවට අනුග්‍රාහකයින් ලෙස සහාය දැක්වීය.
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී එහි වහලයේ ඇති අබලං තත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම වැසි ජලයෙන් තෙමී යාමේ අවදානම් තත්ත්වයක් උදාවී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
 ඔබගේ ප්‍රතිචාර 

