අපි, දැන දැන වැරදි කරමු

අපි, දැන දැන වැරදි කරමු

ශ්‍රී ලංකාවේ සිනමා අර්බුද වෙනුවෙන් මෙහි සටහන්වන අකුරු ටික ඉතා කුඩා ගුණාකාරයෙන් කියවමු...

1970 දී සිනමා ආරක්ෂණය සඳහා සුමිත්ත අමරසිංහ, ඩී බී නිහාල්සිංහ, කාර්මික ශිල්පීන්ගේ සංගමයේ අනුර දිසානායක, නරඹන්නන්ගේ සංගමයේ සරත් සිල්වා, කලාපෙළ සංස්කෘතික සංගමයේ විමල් වෛද්‍යසේකරත් ඉතා වටිනා සංදේශයක් ඉදිරිපත් කළා. ඒ හරහා 1971 අංක 47 දරන රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත බිහිවුණා.

film

ඉක්බිතිව...

නැවත 1980 අංක 45 දරන චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය,

1999 දී ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය හා ඒ පිළිබඳ මාර්ගෝපදේශය (ඩික්සන් නිලවීර වාර්තාව)

2012 දී චිත්‍රපට බෙදාහැරීමේ විධිවිධාන,

2013 දී ප්‍රදර්ශණ පිටපත් ප්‍රමාණය සීමාකිරීම,

2015 දී ප්‍රදර්ශණ මණ්ඩල සියල්ල ධාරා 3 ක් යටතට ගෙන චිත්‍රපට පෙන්වීමේ මාර්ගෝපදේශය,

2017 දී සිනමා ප්‍රක්ෂේපණ නියෝග,

ආදී විවිධ කෙළි ලාංකීය සිනමාවට නෛතිකව එකතු වුණා.

1983 - 1988/89 කාලයේ සිට 400 කට ආසන්නව තිබූ සිනමාශාලා ප්‍රමානය 2026 වෙනකොට 100 - 150 අතර ප්‍රමාණයකට පහළ බැස්සා.

ඉතින් අපිට මොකද ?

elfi

වර්තමානය (2025)

2025 - සභාපතිට, ඇමතිට අනුව සිනමාවේ සරු ම කාලය ( අයියල දෙන්නා මේකට ජනාධිපතිවත් ගාවා ගත්තා) යි; ඒ මෙන්න මේ විදියට...

වැඩිම ආදායම් චිත්‍රපට එක පෙළට, ගිනස් රෙකෝඩ්වලටත් ආසන්න යි, වැඩිම ආදායම්වලට සම්මානත් දෙනවා, ලක්ෂ 10 ක ප්‍රේක්ෂකගාරයක් චිත්‍රපට බලනවා,

මෙහෙම සොමියක් මහින්ද රාජපක්ෂ කාලෙත් කෙහෙළිය රඹුක්වැල්ලට තිබුනා, එයා ඒක පාර්ලිමේන්තුවෙ දී මෙන්න මේ විදිහට කිව්වා.

"අද චිත්‍රපට ශාලාවලට විශාල සෙනඟක් පැමිණෙමින් ඉන්නවා, චිත්‍රපට ගණනාවක් වාර්තා තබමින් ප්‍රදර්ශණයවන බව සඳහන් කරන්න ඕනේ, ඒ වාර්තා මේ පාර්ලිමේන්තුවට දෙන්න පුළුවන්, ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට ඩොලර් මිලියන 4ක ආදායමක් ඉපැයූ සිංහල චිත්‍රපටයක් මේ දවස්වල තිරගත වෙනවා, මේ වැඩ ආවාට ගියාට කරන්න පුළුවන් දේවල් නෙමෙයි" - හැන්සාඩ් - 2014/10/21

par1

(එදා ලක්ෂ 30 ක ප්‍රේක්ෂකාගාරයක් ඇත්තටම තිබුණා)

දොඹෙන් දෙන කතාව

දැන් වගේමයි එදත් අපිට කටඋත්තර නැති වුණා; අපි නිකං පශ්චාත් බාගෙන් යනව වගේ තේරුණා. අපි දැඟළුවට වැඩක් නෑ... දැන් ඉන්න ඇමතියි සභාපතියි දෙන්නත් එදා කෙහෙළිය රඹුක්වැල්ල ගේම දියත් කරපු විදිහටමයි වැඩේ දෙන්නේ. කතාව දොඹෙන් දෙනවා. පැය 24 ම සිනමාව ගැන හිතන එවුන්ට විතරයි මේ වගේ වැඩ පෙන්වන්න පුළුවන්. අපිට නං හිතාගන්නවත් බෑ.

* * * *

පෝලිම සහ ප්‍රදර්ශනය

ඇයි මම ඔය මඟුල්ටික මෙතැන කුරුටුගෑවේ? මෙන්න මේ නිසයි... වගකිවයුත්තෝ බලත්වා, නොතේරේනම් ලැජ්ජා නොවී අසත්වා, වැඩිදුර පැහැදිලිකර දිය හැකියි.

2015 - 2020 වසර දක්වා චිත්‍රපට පෝලිමට චිත්‍රපට 70ක් එකතු වුණා.

2020 - 2025 දී තව චිත්‍රපට 7 ක් පෝලිමට එකතු වුණා.

ඔක්කොම චිත්‍රපටි 145 යි; පැහැදිලියි නේද?

2025 දී පමණක් වත්මන් ඇමති - සභාපති හවුලේ රඟපෑමට අනුව ඒ වසරේ නිෂ්පාදිත චිත්‍රපටි 45න් 16ක් පෙන්නුවා; 29 ක් පෝලිමට එකතු වුණා.

දැන් බලන්න...

රටේ තියෙන සිනමාශාලා ප්‍රමාණයට අනුව දේශීය චිත්‍රපට වසරකට 20 ක් විතර හැදුනම ඇතිවගේ නේද? දෙමළ - ඉංග්‍රීසි - හින්දි චිත්‍රපට හිටු කියලා දුවන නිසා දේශීය චිත්‍රපට වෙනුවෙන් තියෙන තිර කාලය තවතවත් අඩුවෙනවා නේද? සමහර දමිල චිත්‍රපට පිටපත් 80ක් විතර එකවිට සිනමාශාලා වහගෙන දුවනකොට තිරකාලය කොහොම ද? සැපයි නේද?

film3

ඇමති බුදිද ? සභාපති නිදිද ?

දේශීය චිත්‍රපට ප්‍රදර්ශණය: ඇති එකා, බලය තියෙන එකා, ගේම් ගහන එකා, වටේටම ආතල් දෙන එකා බෙදා ගත්තට පස්සේ අනිත් එවුං බම්බු ගහන්න ද? දැනට තියෙන ක්‍රමයට අනුව චිත්‍රපට අධ්‍යක්ෂවරු 20ක් තෝරාගෙන චිත්‍රපට 20ක් හැදුවම රටට හොඳටම ඇති. සිනමා අර්බුදය එතැනින් ඉවරයි. අවශ්‍ය නම් අධ්‍යක්ෂවරුන් ටික අපිටත් නම් කරන්න පුළුවන්. නැතිනම් ප්‍රේක්ෂකයින්ට චිත්‍රපට සංස්ථාවට නම් කරලා එවන්න කියන්න. ඇමතිටත් කොපියක් යවන්න. අහිංසක දරුවන් ගෙන් ගාන කඩ කඩ චිත්‍රපට උගන්වන්න එපා; ඒවා කොහේ පෙන්වන්න ද? ඒවා මහා පාපකර්ම. ලංකාවේ ඔක්කෝටම වඩා බුද්ධාගම බලවත්. ඒක දැන් ඇමති ඕනවටත් වඩා දන්නවා.

සභාපති නිවාස අඩස්සියේ...?

මේ අවුරුද්දේ දැනටමත් චිත්‍රපට 6ක් විතර පටන් අරගෙන. අවුරුද්ද ඉවරවෙනකොට කොල්ලොයි - මහල්ලොයි දෙගොල්ලොම චිත්‍රපට 50ක් විතර හදයි. එයින් පෙන්වන ගාණ 25 පැන්නොත් අටපට්ටමට කියන්න. කොරන්ඩ බැරි තනතුරු අල්ලගෙන ළතැවෙනවා. සභාපති නිවාස අඩස්සියේ වගේ සංස්ථාවට වැදිලා පුටුවේ පතබෑවිලා බයිලා කෙළිනවා, සභාපති ගොයියා සිනමාව හදල දෙනකන් ඇමති ගොයියා උඩ බලාගෙන ඉන්නවා. එකෙක් එළියට බැහැලා හෝල් ටිකක් හදන්න මහන්සිවෙන්නේ නෑ. අර්බුදයට ප්‍රධාන විසඳුම ඒකයි. අමාරු වැඩ වානා - ආතල් වැඩ ඕනා.

වගකිවයුත්තෝ පොඩ්ඩක් හරි ඇස් ඇරගෙන ඉන්නවනම් අපි මේවා ලියන්න අවශ්‍ය නෑ. පුද්ගලික අංශය හැමවෙලාවෙම බලන්නේ සිනමා ශාලාවක් දෙකක් හදන්න. ඒ අය රේස්එක එකඑල්ලේ දුවනවා. ඒ අයට මේ ව්‍යාපාරය සාර්ථකයි. මේ ගෝතයෝ බලන්නේ හෝල් හදන්නේ නැතුව ඒවට රිංගන්න ( සභාපති - ඇමති දෙන්නට මූණට ම මේ ගැන කියල තියෙනවා, ඒවා ඇහිලා නැද්ද කොහෙද) එක වෙලාවකට OTT

දැන්වත් වැඩේට බහින්න

Platform හදන්න දඟලනවා. ඒවත් අනුන්ගේ. ඒ අයට ඒ බිස්නස්එක දුවන්න දෙන්නෙත් නෑ. තමුන් ගේ වැඩ නොකර අනුන් ගේ මගුල්වල එල්ලෙනවා. කොහා ගේ කූඩුවෙන් කපුටු පැටව් මතුවෙන එක මැවිල පේනවා,

මේ අයට පිස්සු නැත්නම් ශෝක්

තේරෙන්නේ නැත්නම් අහන්., දැන්වත් වෙලාවක් හදාගෙන අදාළ එවුන්ට එන්න කියලා අර්බුදය ගැන හරියට දැනගන්න; දන්නව වගේ ඉන්න එපා; වැඩේ ගැන දන්නෙ නැද්ද - තේරෙන්නෙ නැද්ද කියල දැනගන්න හෙට ඉඳලවත් වැඩේට බහින්න.

 

mohan1

Mohan Hettiarachchi

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න